රංජන් කස්තුරි
විදුලි බලාගාර ඉදිකිරිමේ සැලසුම් වසර දෙකක් තිස්සේ ප්‍රමාදවීම නිසා රටට රුපියල් කෝටි 10,000 ක පමණ අතිවිශාල පාඩුවක් සිදුව ඇති හෙයින් ඒ පිළීබඳව සොයා බැලීම සඳහා ජනාධිපති විමර්ශන කොමිසන් සභාවක් පත්කරන්නැයි මහනගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ජනාධිපතිවරයාට යෝජනා කර තිබේ.
කැබිනට් මණ්ඩලයට සවිස්තර සටහනක් ඉදිරිපත් කරමින් පාඨලී චම්පික රණවක මහතා එම යෝජනාව ඉදිරිපත් කර ඇත.
අඩුවියදම් බලාගාර ඉදිකිරිම ප්‍රමාද කිරිම,එමගින් රටේ ආර්ථීකයට සිදුව ඇති හානිය, ලංකා විදුලිබල මණ්ඩලයට සිදුව ඇති පාඩුව සොයා බලන ලෙසත් වගකිවයුතු නිලධාරීන්ට එරෙහි පියවර ගැනීම සඳහා එම ජනාධිපති කොමිසම පත්කළ යුතු බවද ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති එම සටහනේ සඳහන් වේ.
COMMENTS
අපරාදේ කියන්න බෑ කමිටු කොමිසම් වලින් නම් අපිට අඩුවක් නෑ.
මෙයා අවුරුදු 2 කට පස්සේ නින්දෙන් අවදිවෙලාද ? එහෙම නැත්නම් අවුරුදු 2 ක් යනකම් මොනවද කලේ . එහෙමත් නැත්නම් 2020 ජනපති වීමේ රෝගය වැලදිලද.?
මේක මෙයාගේ විෂය පථයට අදාළ එකක් නෙමේ නේද? ඒකට වග කියන වග වන කැබිනට් සගයෙක් ඉන්දැද්දී මෙයා මේ කරන්නේ මෙයාගේ පැසට ලකුණු දා ගන්න හදන එකක් නේද?
හොරකම්, ව්‍යාපෘති පමා වීම ගැන හොය හොයා කාලය කන්න එපා ලබන සැරේ ඡන්දේ ඉල්ලනකොට කියන්න පුළුවන් විදිහේ සංවර්දනයක් කරන්න. හොරු ඇල්ලුවා කියා රටේ රැකියාවල් වැඩිවෙන්නේ නැත ජීවන වියදම අඩුවෙන්නේ නැත. අපිනම් ඔබ තුමන්ලාට කොහොමත් ඡන්දේ දෙන්නේ නැත. ඝෝටාභය මහාතා නාවොත් අපිට ඡන්දේ දෙන්න කෙනෙකුත් නැත.
මොකුත් නොකර හිටියත් ඡන්දය දෙන්න ජනතාව ඉන්නවා.