(නිෂාන්ත කුමාර) 

 
අධි බලැති විදුලි රැහැණක් මතට නැමී තිබූ ගසක අත්තක් කැපීමට ගිය මීගහකිවුල අග්ගලා උල්පත ගම්මානයේ පුද්ගලයෙකු අද (17) උදෑසන විදුලිසැර වැදීමෙන් බරපතල තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බදුල්ල මහ රෝහල වෙත මාරුකර යවා ඇත.


අනතරට ලක්ව ඇත්තේ මීගහකිවුල අග්ගලා උල්පත ගම්මානයේ පදිංචි ඩී.එම් ජයසුන්දර (42) නැමැති පුද්ගලයෙකි.ගෙවත්තට ඉහළින් වූ අධිබලැති විදුලි රැහැනට ඉහළින් පිහිටි ගසක අත්තක් කපා ඉවත් කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති අතර ඔහුගේ පාදයක් අතක් හා උදර ප්‍රදේශයට දැඩි පිළිස්සුම් තුවාල සිදුව ඇත.