(රංජන් කස්තුරි)
ලංකා විදුලිබල මණ්ඩල සේවකයින්ගේ වැටුප් විෂමතාවය ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විදුලි සේවකයින් හෙට (13) දහවල් 12 සිට දින දෙකක වැඩ වර්ජනයක් පවත්වන බව ලංවිම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය කියයි.
ඉංජිනේරුවන්ට පමණක් වැටුප් වැඩි වීමක් ලබාදීම නිසා විදුලි සේවකයින්ගේ වැටුප් විෂමතාවක් ඇති වූ අතර එය විසඳා පෙර පරිදි 1:6 අනුපාතයට වැටුප් තලය සකස් කරන ලෙස බලකිරීම, ලංකා විදුලි බල මණ්ඩලයේ මහජන මුදල් කොල්ල කන දූෂිතයන්ට දඬුවම් දීම,ලංවිම එන්.වී.කිව් වහල් සේවය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම වැඩ වර්ජනය දියත් කරන බව එම සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පවසයි.
වැඩ වර්ජනය කරන දින දෙක තුළ විසඳුම් නොලැබුණහොත් වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද හෙතෙම පවසයි.
COMMENTS
ඉංජිනේරුවන් සහ අනෙකුත් සේවකයන් කරන්නේ එකම විදියේ වැඩද ? එකම විභාගය පාස් කරලද මේ හැමෝම මණ්ඩලයේ වැඩට බඳවා ගත්තේ ? එහෙම නම් ඉංජිනේරුවන්ගෙන් මණ්ඩලයට වැඩක් නැහැ කියා ඔවුන් අස්කරන ලෙස ඉල්ලමින් තවත් වර්ජනයක් ළඟදීම දියත් වෙයි ! මේ ගොල්ලන්ටත් "වර්ජන කරන්ට්" එක වැදිලා වගෙයි !!!!
විදුලි බලමණ්ඩලයේ පියන් කෙනෙකුටත් උපාධි ගුරුවරු තුන්දෙනෙක්ගෙ පඩිය ලැබෙනවා. විදුලි ඉන්ජිනේරුවෙකුට විදුලි පියන්ල හතර දෙනෙකුගේ පඩිය ලැබෙනවා. උපාධි ගුරුවරයෙකුගේ මූළු වැටුප රුපියල් 32000/- කොහොමද විදුලියේ බලේ?
මේ වැඩ වර්ජන එන්න එන්නම වැඩිවෙන බවක් පේනවා. මහජනයාට මේක මහා හිරිහැරයක්... මේ අය ඔක්කොටම ජේආර්ගේ "80 ජුලයි" තිත්ත කසාය දීමට කාලය පැමිණ පැමින ඇති බව පෙනේ.
වාරයේ තත්වයත් එලෙසම . ඉංජිනේරුවන්ට පමණක් දීමනාවක් ලබා දුන්නා. අනෙකුත් නිලධාරීන්ට ලබා දෙන දීමනාව ලබා දී නැහැ.
විදුලි බල මණ්ඩලයේ මුළු වියදමින් 2.5/3 ක් යන්නේ වැටුප්. මේ මිනිස්සු සෙනසුරාදා දවසක වැඩට ආවොත් රු.7000ක් ගෙවනවා එතකොට සෙනසුරාදා 4ක් ආවොත් පඩියට අමතරව රු.28,000ක් හමිබ වෙනවා. මේ නිසා මේ කරන තරමක් රෙපෙයාර් කරන්න ගන්නේ එක්කො සෙනසුරාදා නැත්නම් ඉරිදා. රටට විදුලිය සැපයීම හා ඊට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම කියන්නේ මේ ඇයගේ රස්සාව ඒ රස්සාව කරන්න මේ අයට උගන්වල තියෙන්නේ මේරටේ නිදහස් අධ්‍යාපනේ සල්ලිවලින්.
මෙතන වෙලා තියෙන්නේ ඉංජිනේරුවන්ගේ පඩි අසාධාරණ සහ අසීමාන්තික ලෙස වැඩි කිරීමයි. එය විශාල වරදක්. මේ පිළිබඳව කිසිම ක්‍රමවේදයක් නැති නිසා මෙම ආයතන බංකොලොත් වෙන එක වළක්වන්න බැහැ. කෙනෙක් හිතනවානම් මෙවැනි අසාදාරන අධික වියදම් ජනතාවගේ පිටට දාන්න බිල වැඩි කරලා, එකෙන් වෙන්නේ මුළු රටම බංකොලොත් වෙන එකයි. මේවා හොයල බලන්න කවුරුවත් නැද්ද?