IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විද්‍යා සිසුවිය කෙළෙසන දර්ශන රූගත කරලා

(සිරාජ් හසීම්)

විද්‍යා සිසුවිය සමූහ දූෂණයට ලක් කලේ ඝාතන ඝාතනයේ විත්තිකරුවන් සිව් දෙනෙකු බවත් ඔවුන් සිසුවිය පාළු නිවසකට පැහැරගෙන ගොස් ගෙන ඇයව දූෂණයට ලක් කරන දර්ශන රූගත කර ස්විස්කුමාර් වෙත ලබාදුන් බවත් සිද්ධිය ඇසින් දුටු බව කියන පුංකුඩිතීව්හි පදිංචි නඩරාජා පුවනේස්වරන් හෙවත් මාපිල්ලේ නැමැත්තා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්කි දෙමින් පැවසීය.
තමන් මේ සම්බන්ධයෙන් පොලිසිය හමුවේ පාපොච්ඡාරණය නොකළේ මෙකී අපරාධයට සම්බන්ධ අය මුදල් බලය ඇති අය මෙන්ම කයිට්ස් පොලිසිය ද සමීපව ඇසුරු කරන අය හේතුවෙන් බවත් මෙකී අපරාධය සිදුවීමෙන් පසු තමන්ට විටින් විට දුරකතනයෙන් තර්ජනය එල්ල වූ බවත් සාක්කිකරු පවසා සිටියේය.
‘‘ස්විස් කුමාර්ව මට හදුන්වලා දුන්නේ පෙරියම්බි තමයි. ඔහුට පිටරට ගෙනියන්න තමයි මේ වීඩියෝ එක ගත්තේ කියල පෙරියම්බි මාත් එක්ක කියා සිටියා. මේ සාක්කියේ සදහන් කළ කිසිවක් මා පොලිසිය සමගින් සදහන් කළේ නැහැ.මොකද මේ සිද්ධියට සම්බන්ධ අය කයිඩ්ස් පොලිසියේ අයත් එක්ක ගොඩක් සමීප නිසා. ඒ විතරක් නෙවෙයි මේකට සම්බන්ධ අය සල්ලි බලයත් තියෙන අය. මේ නිසයි මේ ගැන මා පොලිසිය සමගින් කිසිවක් නොකියා සිටියේ. මේ සිද්ධිය සිද්ධ වෙලා ටික කලකට පස්සේ මට දුරකතන මාර්ගයෙන් තර්ජන පවා එල්ල වුණා‘‘ යැයි ඔහු සාක්කියේ දී ප්‍රකාශ කළේය. 
2015 මැයි මස 13 වනදා සිදුවූ විද්‍යා ඝාතන සිද්ධියට අදාල නඩුවේ  සාක්කි විමසීමේ අවස්ථාව වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් විනිසුරු එම්.ඉලංචේලියන් සහ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් යන මහත්වරුන්ගෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේදී විභාගයට ගැනේ.
විත්තිකරුවන් වන බූබාලසිංගම් ඉන්ද්‍රකුමාර්, බූබාලසිංගම් ජෙයක්කුමාර්, බූබාලසිංගම් තවක්කුමාර්, මහාලිංගම් ශෂිතරන්, තිල්ලේනාදන් චන්ද්‍රහාසන්, සිවදේවන් දුෂාන්ත්(පෙරියම්බි), පලනි රූපසිංහම් ගුහදාසන්, ජෙයතරන් කෝකිලන්, මහාලිංගම් ශෂිදරන්(ස්විස් කුමාර්) යන සැකකරුවන් 09 දෙනාද අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබ සිටිති.



අදහස් (1)

විද්‍යා සිසුවිය කෙළෙසන දර්ශන රූගත කරලා

shyamali Saturday, 01 July 2017 04:44 AM

මුන්ට මරණ දඩුවම ලබා දෙන්න....! නැත්තම් තවත් අම්මෙක්ට තාත්තෙක්ට මේ වගේම කඳුළු බිබී තමා ඉන්න වෙන්නේ, මුන්ව නිදහස් කලොත් තවත් ගැණු ළමයෙක්ට මේ අපරාදේම වෙයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site