(විනීතා එම්. ගමගේ)
සයිටම් ආයතනයෙන් පිටවන වෛද්‍ය සිසුන් පමණක් නොව රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් පිටවන සිසුන් ද ප‍්‍රමිතිය මැන බැලීමේ විභාගයකට මුහුණ දිය යුතු යැයි ශ‍්‍රි ජයවර්ධන විශ්ව විද්‍යාලයේ කළමණාකරන පීඨයේ පීඨාධිපති ආචාර්ය අනුර කුමාර උතුමන්ගේ මහතා ප‍්‍රකාශ කළේය.
මේ දෙපිරිසම අවසන් වසරේ දී එකම විභාගයකට මුහුණ දිය යුතු බව තම මතය යැයි ද ඔහු සඳහන් කළේය. 
වෛද්‍යවරු බිහිවන්නේ මහජන මුදලින් ද වෙනත් කිසිවකුගේ මුදලින් ද යන්න කිසිසේත්ම අදාල නොවන බවත් වැදගත් වන්නේ ඔවුන්ගේ ප‍්‍රමිතිය පමණක් බවත් ආචාර්යවරයා පැවැසීය. 
පුංචි බොරැල්ල රජයේ ඖෂධවේදීන්ගේ සංගම් කාර්යාලයේ දී අද (11) පැවැති අධ්‍යාපනයේ නිදහස සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.