(ඉන්දිකා රාමනායක)
සයිටම් අර්බුදය විසදීමට රජය අසමත් වුවහොත් සිය උපවාසය ඉදිරියේ දී මාරාන්තික උපවාසයක් දක්වා වර්ධන කිරීමට බලාපොරොත්තු වන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ ලේකම් නිතිඥ ගාමිණී ඒකනායක මහතා පවසයි.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ ජාතික සම්මේලනය මෙම ඉරිදා දින (29) සවස 1.00 ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේ දී පැවැත්වෙන බවත් එහි දී මේ පිළිබඳ තීරණයකට එළබෙන බවද ඒ මහතා පැවසීය.
සාකච්ඡාව, සම්මන්ත‍්‍රණය වෙනුවට මර්ධනයෙන්, ප‍්‍රහාරයෙන්, රජයේ වෛද්‍ය විද්‍යාල දරුවන් මහමඟට ඇද දමා අනාගත සෞඛ්‍ය කේෂත‍්‍රය ඛේදවාචකයක් බවට පත්කොට නිදහස් අධ්‍යාපනයත් සෞඛ්‍යත් පුද්ගලීකරණය කොට විකුණා දැමීමේ රජයේ ආර්ථික ප‍්‍රතිපත්තියට එරෙහිව සිය විරෝධය ප‍්‍රකාශ කිරීම සඳහා එදිනට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයට පැමිණෙන ලෙසට ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොඳියි එතකොටවත් තෙරෙයිද බලමු ?
සයිටම් වසමු. එහෙත් ප්‍රමිතිගත පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 10 ක් වත් අරඹමු. ලංකාවට පුද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යයි. අපි ඉරිසියාකාර දෙමව්පියෝ නොවෙමු. මුදල් ගෙවා ඉගෙන ගන්න අයට ප්‍රමුඛත්වය දිය යුතුයි.
බුදු අම්මේ, රටට මෙතරම් ආදරය කරන මිනිස්සු ඉන්නවා කියලා දැක්කේ සයිටම් ප්‍රශ්නෙදි තමයි. මොකද යුද්ධය කාලෙදී, රණ විරුවන්ට යුද අපරාද එල්ල වෙනකොට, උමා ඔය නිසා මිනිස්සු අසරණ වෙනකොට, විල්පත්තුව කපන කොට කවුරුවත් හිටියේ නැහැනේ... මෙහෙම අය ඉස්සර ඉඳන්ම හිටියා නම් මේ වෙනකොට අඟහරුවල ජනාවාසත් හදලා..කරුමෙට ලංකාවේ ඉන්නේ තමන්ගේ බඩට වදින කොට හැංගිලා ඉන්න දේශප්‍රේමියොනේ...
අනේ හොඳයි... ලෙමන් පෆ් වත් කකා ඉන්න පුළුවන්, එහෙම නැති වුණත් කමක් නැහැ. අඩුම ගානේ පස් හය දෙනෙක් වත් මැරෙයිනේ...
ජය වේවා. සයිටම් හොර කඩේ ඉක්මනටම වැසේවා.!
මහින්දගේ කණ්ඩායම මාරාන්තික උපවාසයක් නම් අවසන් ගමන් යනු ඇත. පන්ති යාමට ළමයින්ට නිදහස ලැබේ.
වසන්ත කියන්න ඕනි දේ හරියටම කියලා තියනවා. මම 100 ට 200 ක් එකඟයි ඒ කතාවට.
ලොව බොහෝ රටවල උසස් අධ්‍යාපනය මුදල් ගෙවා ලබා ගත යුතුය. නමුත් ශිෂ්‍යත්ව ලබා ගත හැකිය. සමහර රටවල, උසස් ලෙස සමත් සිසුන්ට පමණක් නොමිලේ උසස් අධ්‍යාපනය ලබා දෙයි. අනිත් අයට සුදුසුකම් ඇති නම් උසස් අධ්‍යාපනය ලැබීමට මුදල් ගෙවිය යුතුය. අපිට බාලාංශයේ සිට සරසවිය දක්වා නොමිලේ අධ්‍යාපනය ලැබේ. මහපොළ ශිෂ්‍යත්වය සහ ණය ආධාරද ලැබේ. මේ දුප්පත් රටේ මේ ඔක්කොම ලබා ගත් දරුවන්ගේ දෙමාපියන්, තවත් ජාතියේ දරුවන් කොටසකට ඉදිරියට එන්නට ඉඩ නොදීම අනුමත කල නොහැකිය.
උපවාස බැරි නම් දිවි නසා ගත්තත් අපි අනේ අපොයි කියන්නේ නැහැ. මේ දෙමව්පිය කොට්ටාශය තමයි නෑදෑයෙකුගේ දරුවෙක්වත් ඉගෙන ගන්නවාට අකමැති කුහක ගති ඇති අයයි. හොඳයි මුළු රටේම ගුරුවරු ඔය විදියට තමන්ගේ ළමයා විතරක් ඉගෙන ගත්තම මදැයි කියලා හිතුවොත්, නැතිනම් පඩියට උගන්වන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ?
සයිටම් ගැටළුවෙදී දැකගත හැක්කේ ඉරිසියාව, ක්‍රෝධය සහ වෛරය පමණි.
තමුන්ගේ දරුවා වගේම අනික් කෙනාගේ දරුවාටත් ඉගෙනගෙන ජීවිතේ ජයගන්නට අත දෙන්න. තමුන්ගේ දරුවට ඇති පහසුකම් ඒ දරුවන්ට නැහැ. ඔබට වඩා ඔබගේ දරුවට වඩා අමාරුවෙන් ඒ දරුවා ජීවිතේ ජයගන්න උත්සාහ කරන්නේ. ඒ දරුවනුත් රට පිළිගත් ප්‍රමිතියකට අනුව දොස්තර කෙනෙක් වුණාම මොකද වෙන්නේ? තමුගේ දරුවා විතරද ජීවත් වෙන්න ඕනෑ... දොස්තර කෙනෙක් වෙන්න ඕනෑ? අනුන්ගේ සතුටේදී අපි සතුටුවෙමු ඉරිසියා කරනවට වඩා. තව කොච්චර කාලයක් අනුන්ට ඉරිසියා කර කර අනුන්ට අහයපත පතමින් අපි ජීවත් වෙන්නද? 100 වැඩිම වුණොත්. ඊට පස්සේ?
ඔබ අනෙකාගේ දරුවා ඉගෙන ගැනීම වළැක්වුවහොත් කර්මානුරූපව ඊළඟ ආත්මයේ ඉගෙන ගන්න බැරි මෝඩ දරුවන් ලැබෙන බව මගේ ආගමික විශ්වාසයයි. බොහෝවිට ගුරුවරුන්ගේ දරුවන් ඉගෙනීමට දක්ෂ වෙන්නේ ඔවුන් ලෝභකමක් නැතිව අනෙකාගේ දරුවාට ඉගෙනීමට මග පෙන්වන නිසාය. අධ්‍යාපන ආයතන වල ප්‍රමිතිය බලාගන්න අදාල නිලධාරින් ඉන්නවා. ඔබලාගේ දරුවන් දොස්තර හොඳ හිත මිසක්, දොස්තර කුණු හිත කරලා සමාජයට එවන්න එපා.
ඔය ළමයි ටිකම චීනයේ ගිහින් කරලා ආවොත් ඔය දෙමාපියන්ට කිසිම ප්‍රශ්නයක් නැත. මෙහෙ ඉඳලා මෙහෙ තමන්ගේ ළමයාට උගන්නන අයම උගැන්වීම සහ මේ රටේම මේ ළමයි ඉගෙන ගැනීම නම් පෙන්නන්න බැරිය. ඉරිසියාව, ක්‍රෝධය, වෛරය ඇඟ රත් කරනවා. ඉතින් තමන් මැරිලා හෝ අනිකා ගේ ඉගෙනීම කඩාකප්පල් කල යුතුයි කියන තැන තමයි ඔය දෙමාපියන් ඉන්නේ ... මොකද කිව්වොත් චීනයේ යන්න අවශ්‍ය වෙන අවම සුදුසුකම තමයි සයිටම් යන්නත් ඕන කරන්නේ.
ළමයින්ව කවුරුත් අල්ලාගෙන ඉන්නවා යැයි .. මේ දෙමාපියන් තමන්ගේ ළමයින්ටවත් ඉගෙනගන්න දෙන්නේ නැත්තේ ඇයි? ඕක කවුරු හරි කියන්න ඕනෑද පන්ති වලට යන්න කියලා? මේ අයම තමයි තමන්ගේ ළමයි පාරට ඇදල දාලා තියෙන්නේ ...
එන්න එන්න එදාට චීනෙට ළමයි යවන අයගෙන් නොමිලේ කෑම..
ඔච්චරම මුදල් ගෙවා හෝ දොස්තර වෙන්න ආසනම් අලුතින් රජයේ වෛද්‍ය පීඨ ස්ථාපනය කර ඒවායෙ ඔය ක්‍රමය ස්ථාපනය කරන්න. ඒකටත් වෙනස් කල යුතු නීති රාමු කිහිපයක් තියෙනවා දැනට පවතින ක්‍රම සහ පීඨ තත්ව ආරක්ෂා වීමට. කරුණාකර පෞද්ගලික අංශයට එය ලබා දෙන්න එපා.
ලංකාවට අවශ්‍ය තරම් වෛද්‍යවරු රජයේ වෛද්‍ය විද්‍යාල වලින් බිහිකරන්න රජයට ආර්ථික ශක්තියක් නැත්නම් පුද්ගලික විද්‍යාල වලින් සල්ලි දීලා ඉගෙන ගන්න පුළුවන් පරිසරයක් ඇතිකළ යුතුය. දොස්තර සංගමය එ්කට විරුද්ධ නම් අපේ ජාතික පාසල්වල ක්‍රියාත්මක වන අධි ශිෂ්‍ය සංගම්වලින් තම විදුහලට මුදල් , ගොඩනැගිලි වැනි දේවල් පරිත්‍යාග කරනවා වගේ දොස්තර සංගමයට අවශ්‍ය නම් පුළුවන් තමන් ඉගෙන ගත්ත රජයේ වෛද්‍ය විද්‍යාලයට එවැනි පරිත්‍යාග කරන්න එතකොට රජයට පුළුවන් වැඩි වැඩියෙන් වෛද්‍ය සිසුන බදවා ගන්න.
තමන්ගෙ වැඩේ විතරක් හරි ගියොත් ඇති කියල හිතන මේ වගේ ආත්මාර්ථකාමී දෙමව්පියන් නිසා තමයි ඔවුන්ගෙ දරුවොත් ආත්මාර්ථකාමී වෙලා තියෙන්නෙ. ඒක හරියට හොර මුල ළඟ හැදුන ගිරවා වගේ. උසස්පෙළ සමත් එහෙත් විශ්වවිද්‍යාලයකට ඇතුලත් වීමේ අවස්තාව අහිමි වුන දරුවන්ටත් උසස් අධ්‍යාපනය මුදල් ගෙවා හෝ ලබා ගැනීමට තියෙන අයිතියට විරුද්ධ වෙන්න තරම් මේ දෙපක්ෂය කුහක ඇයි.
අවුරුදු ගානක්දුක් විදලා ළමයෙක් වෛද්‍ය විද්‍යාලයට තේරෙන්නේ ගොඩක් කැපකිරීම් කරනවා. ඒ මුකුත් නැතුව සල්ලි තියන අය හොර දොස්තරලා වෙන එකට ඉඩ දෙන්න බෑ
තමන්ගේ දරුවාට හිතේ හැටියට උගන්වා ගැනීමට සෑම දෙමව්පියෙකුටම සාධාරණ අයිතියක් ඇත. එහෙත් අනෙකාගේ දරුවා ඉගෙනගත යුතු සීමාව තීරණය කිරීමේ අයිතියක් ඔබට නැත.
මේක දැන් හොර දොස්තරලාගේ ප්‍රශ්නයක් නෙවෙයි විහඟ, කුහක දෙමව්පියන්ගේ ප්‍රශ්නයක් වෙලා. හොඳයි දැන් ඔබ කියන්න,.. අමාරුවෙන් ඉගෙන ගෙන දොස්තර වුණු කෙනාගේ ළමයා උසස්පෙළ සාමාන්‍ය තරමින් සමත් වුනොත් කුඹුරු කොටන්න යවනවාද? පිටරට යවලා හරි උගන්වාවි. එතකොට ඔය ප්‍රතිපත්ති අදාළ වෙන එකක් නැහැ.
විහඟට පුළුවන් නම් මුළු ලෝකෙම ඉන්න, සල්ලි ගෙවා උසස් අධ්‍යාපනය කරන ළමයින්ව නවත්වන්නකෝ. ඊටත් කලින් ලංකාවේ උසස්පෙළ ටියුෂන් කඩ වහන්නකෝ. මොකෝ දැන් ඒවාත් සල්ලිගෙවලා සල්ලිකාරයන් ඉගෙනගන්න යන තැන් නේ !
අර කතාවක් තියනවනේ "ගහේ කටු උල් කරන්න ඕනා නැහැයි කියලා" දරුවන්ට පිහිටලා තියන කුහකකමයි ඉරිසියාවයි දෙමව්පියන්ට නැත්නම් තමයි අපි පුදුම වෙන්න ඕනා. අනික රජයෙන් හෝ පොලිසියෙන් විශ්ව විද්‍යාල සිසුන්ව මහා පාරට දක්කලා නැහැ. ඔය කුහක ඉරිසියා උද්දච්ජ මිනිසුන්ට ආයේ මාරාන්තික උපවාස කරලා අමුතුවෙන් මැරෙන්න දෙයක් නැහැ. ඒ අය දිනපතාම හදවතින් මැරි, මැරී උපදිනවා. අපි රජයට ගෙවන බදු මුදලින් කාගේ හෝ දක්ෂ ළමයෙක් ඉගෙන ගන්නවා නම් අපි කැමතියි. ඒ වගේම කවරෙකුගේ හෝ මුදලින් ඒ අයගේ දරුවන්ව පිටරට හෝ යවලා උගන්වනවට අපි කැමතියි. නමුත් අපි වඩා කැමති මේ රටේ දරුවන්ව පිටරට නොයවා මේ රට ඇතුලතම අධ්‍යාපනය ලබාදී, ඔවුන්ව මේ රට තුල රදවා ගෙන ඔවුන්ගෙන් රටට අවශ්‍ය සේවය ලබා ගැනීමයි. සයිටම් ආයතනය පමණක් නොවේ එවැනි තව බොහොමයක් ආයතන තව ස්ථාපනය කල යුතුයි. ඒ වගේම මෙරට තුල ක්‍රියාත්මක වෙන දොස්තර මාෆියාවෙන් මේ රට ගලවා ගැනීමට රජය ක්‍රියා කල යුතුයි. අප මේ කතා කරන්නේ එක ආයතානයකට පමණක් සීමා නොවී මේ රටේ සමස්ත සිසු පරපුර වෙනුවෙන්ම බව අවබෝධ කර ගත යුතුයි.
සයිටම් ගැලුවේ ප්‍රධාන පාර්‍ෂවකරුවෙකුවන GMOA... වහාම ක්‍රියාත්මක වන පරිදි චැනල් සේවය නවත්වන බවට අනතුරු හගවන්නේ නම් එය වඩාත් බළවත්ව ඡනසමාජයට දැනෙනු ඇති, එසේ නොකර, නහින දෙහින වියේ පසුවන දෙමව්පියන් මාරාන්තික උපවාස වළට තල්ලු කිරීම හිතීමත් නො කලයුතු පාපයකි.
GMOA එකේ කවුරු හරි මට මේක තේරුම් කරලා දෙන්න සයිටම් හැර වෙනත් පෞද්ගලික විශ්ව විද්‍යාලයකට GMOA විරුද්ධද? හිතමු ඒක දමන්න OXFORD , CAMBRIDGE, STANFOTD වගේ පිළිගත් විශ්ව විද්‍යාලයකින් කියලා මොකක්ද තීන්දුව?
දකුණු පළාතෙන් තිලීපන් කෙනෙකු උපදිනකම් මම බලාගෙන ඉන්නවා. මෙහෙ කට්ටිය මාරාන්තික උපවාස කරන්නේ කඩින් කඩ දුවන තරගයක් වගේ.
මේ වගේ දේශප්‍රේමී අම්මලා තාත්තලා ලංකාවේ ඉන්නවා නම් මොනවද කරන්න බැරි? අර එක්කෙනෙක් විල්පත්තුව විනාශ කර කර ගෙවල් හදනවා. එයාගෙම අය නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන වනසනවා. තව කට්ටියක් බැංකු මහා දවාලේ මංකොල්ල කනවා. තවත් අය රටේ සල්ලි හිතේ හැටියට පිල්ලි ගහනවා. තව කට්ටියක් රට කෑලිවලට කඩන්න නීති ගේන්න යනවා. හිටපු කට්ටිය ඒකාලේ රට කාල රටේ සාරය උරාගෙන හපය විතරක් ඉතුරු කරලා ගියා. පුද්ගලික රෝහල් කඩ දවස ගානේ හන්දියක් ගානේ ඇරෙනවා. ඒවගේ හිතේ හැටියට දුප්පත් මිනිස්සුන්ගෙන් සල්ලි කපනවා. සුළු සැත්කමකටත් ලක්ෂ ගණන් අය කරනවා. බෙහෙත් ගෙන්වන සමාගම් හිතේ හැටියට එකම බෙහෙත ලොකු ගණන්වලට විකුනනවා. ඒ සමාගම් වලින් වෛද්‍ය සංගමයද මොකක්ද කියල කියන සංගමයේ අයට කෝටි ගණන් අල්ලස් දෙනවා තමන්ගේ බෙහෙත් අලවි කරන්න උපකාර කරනවට. කෝ මේ එකකටවත් ඔය දේශ ප්‍රේමි අම්මලා තාත්තලා කටක් ඇරියද? යාපනයේ විශ්ව විද්‍යාලේ අපේ ළමයින්ට එලව එලවා ගහද්දීත් කටක් ඇරිය නැති අම්මලට තාත්තලට පණ ඇවිත් තියෙන්නේ අපේම රටේ දරුවෝ ටිකක් ගේ දොර උගසට තියල බැංකු වලින් නය අරගන තමන්ට කියල අනාගතයක් හදාගන රටට සේවයක් කරන්න ඉගෙන ගන්න හදන කොටයි...
ලාල් මහත්තයෝ, ඔබ කියන විශ්වවිද්‍යාල පිළිගනු ලැබූ අධ්‍යාපන ආයතන. සයිටම් කියන එක පිළිගන්න බැරි ජාවාරමක්. පහුගිය ආණ්ඩු කාලේ එස්.බී.ලා එහෙම එකතුවෙලා, උසස්පෙළ නියම සුදුසුකම් නැති සල්ලිකාරයින්ගේ දරුවන්ව ලේසියෙන් දොස්තරලා කරගන්න දාපු හොර කඩයක් !!!
මුදලට උපාධි ඒපා කියන වෛද්‍යවරු මුදලට උසස්පෙළ පන්ති පවත්වනවා. වෛද්‍ය උකුවෙලගේ කෑගල්ලේ පන්තිය උදාහරණයක් තමයි.
නිතරම තම පොකට් එක ගැනම පමණක් හිතන නිසා රාජ්‍ය සහ පුද්ගලික රෝහල් වල එක දවසක් අඛණ්ඩ වැඩ වර්ජනයක් කරගන්න බැරි වෛද්‍ය සංගමයට මාරාන්තික උපවාසයක් කල නොහැක. ඔවුන් මේ උපවාසයට යොදවල තිබෙන්නේ ඔවුන්ගේ සංගමයේ සාමාජිකයන් නොව, වෛද්‍ය විද්‍යාල වල ඉගෙන ගන්න සිසුන්ගේ මෝඩ දෙමවුපියන්ය. මේ මෝඩ මිනිස්සු උපවාස කරන කොට දොස්තරලා චැනෙල් කඩ වලට ගොස් මුදල් ගරති. තම දරුවාට වෛද්‍ය විද්‍යාලේ ඉගෙන ගන්න වරම් ලැබුණහම එ්කෙන් සෑහීමකට පත් නොවී අනිත් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමේ පරමාර්ථයෙන් සිය දිවි නසාගැනීමට ඉදිරිපත් වෙන කුහකත්වයෙන් පිරි මෝඩ රැලකි.