( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් දුන් අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයකට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ අභියාචන පෙත්සම් වැඩිදුර විභාගය ලබන 27 , 29 සහ අප්‍රේල් 2 යන දින දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීන්දු කළේය.
වෛද්‍ය සභාව වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා අද (12) අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස පෙත්සම් විභාගය කල් තැබිණි.
සයිටම් ආයතනයෙන් උපාධිය ලබා පිටව යන සිසුන් වෛද්‍ය වෘත්තියකයින් ලෙස ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් අභියාචනාධිකරණය එම තින්දුව ලබා දී තිබිණි.
ඊවා වනසුන්දර , නලින් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.
COMMENTS