(රංජන් කස්තුරි)
වෛද්‍යවරුන්ටත්, සෞඛ්‍ය සේවාවටත් පොදුවේ රටටත් බලපාන ගැටලු 10 කට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින්
අගෝස්තු මස 3 වැනිදින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.
මෙම ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ බලධාරීන්ට ලිඛිතව කරුණු ඉදිරිපත් කළත් මාසයක් යනතුරුත් ඊට විසඳුමක් නොලැබුණු බව ද රජයේ වෛද්‍ය බලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.
ජාතික ප්‍රතිපත්තියකින් තොරව ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීමට රජය තීරණය කිරීම, නව බදු පනත හරහා රෝගී ජනතාව මත බදු පැටවීම, නව බදු ජනතා සංශෝනයට රජය පියවර නොගැනීම ආදී කරුණු මුල්කර ගනිමින් එම වර්ජනය ක්‍රියාත්මක කරන බව ද ලේකම්වරයා සඳහන් කළේය.
ආණ්ඩුවේ ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් නිසා රටම අගතියට පත්වන බව ද විශේෂයෙන් සිංගප්පූරු ගිවිසුම හරහා රටට දැඩි අගතියක් ඇතිවන බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
ඉතිහාසයේ කිසිඳු කලෙක සිදු නොවූ අයුරින් වර්තමානයේ දී ආණ්ඩුව රෝගීන් බද්දකට යටත් කර තිබෙන බව ද වෛද්‍යවරුන් මහාපරිමාණ ව්‍යාපාර ගණයට පත්කර ඇතැයි ද ඔහු පැවසීය.
මීට අමතරව සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට මෙන්ම පොදුවේ රටටම බලපාන තවත් ගැටලු රැසක් පවතින අතර ඊට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වී ඇතැයි ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්ජන වර්ජන ඉවරයක් නැහැ. ඇත්තට මුන් මානසික ලෙඩ්ඩුද වර්ජන නොකර ඉන්න බැරි. අපේ සල්ලි වලින් ඉගෙන ගෙන අපිටම කොකා පෙන්නනවා. කවුරු හරි නැද්ද මුන්ට ඉන්ජෙක්ෂන් පාරක් දෙන්න.
මෙන්න මේ මාෆියාව පාලනය කරන්න ඕන ඔක්කොටම ඉස්සරවෙලා. මෙතන ඉන්නේ මානසික ලෙඩ්ඩු.
පවතින රජයේ දුර්වල නිසා තමයි මෙවැනි වැඩ වර්ජන. සෞඛ්‍ය ඇමතිගේ නොහැකියාව තමයි මේවා.
රටට , සෞඛ්‍ය සේවයට කෙසේ වෙතත් බඩට වදින මොනාහරි ඇති , එකයි දගලන්නේ
වෛද්‍යවරු හිතාගෙන ඉන්නේ ඔවුන් සියල්ලදත් බුදුවරුන්වගේ කියලයි. ඉපදුන දවසේ ඉඳල පොතටම මූණ ඔබාගෙන ඉඳල මොළේ කුරුවල්වෙලා නිසා මොවුන්ට සෑම දෙයක්ම පෙනෙන්නේ වැරදි විදිහට . අනික පොඩිකාලේ ඉඳල එකෙකුට එකෙක් ඉහලට යනවා පෙන්නන්න බැරි නිසා පුළුවන් තරම් මඩිය තරකර ගෙන ලොකුකම පෙන්වන්න තමයි මෙයාල මැරෙනකම්ම උත්සහ කරන්නේ.
ආණුඩුවේ වැරදි වලට ජනතාවට වන්දි ගෙවිම තමා දුක,