IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වාද්දුවේ බස් අනතුරින් සිව් දෙනෙක් රෝහලේ


 
 
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
වාද්දූව ආයුර්වේද හන්දියේ අද (10) පෞද්ගලික බස් රථයක් ගසක අත්තක සහ වාහන දෙකක ගැටී  නිවසක් තුළට කඩා වැදීමෙන් නිවසේ හිමියා ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි වාද්දුව පොලිසිය කියයි.


මතුගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු බස් රථය ගාලු ප්‍රධාන මාර්ගයේ ආයුර්වේද හන්දිය ආසන්නයේ ගසක අත්තක වැදී වේගය පාලනය කර ගත නොහැකිව පානදුර සිට කලුතර බලා ධාවනය වෙමින් තිබු වෑන් රථයේ සහ එම දිශාවටම ධාවනය වෙමින් තිබු ලොරියක ඉදිරිපස වැදීමෙන් වෙළඳසැලක් පවත්වාගෙන යන නිවසකට කඩා වැදී ඇති බව පොලිසිය සිදුකර මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.


අනතුර සිදු වු අවස්ථාවේදී මගීන් පහකට ආසන්න ප්‍රමාණයක් බස් රථය තුළ සිටි ඇති අතර රියදුරු ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබා ගනිමින් බස් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.


සිදුවු අනතුරින් තුවාල ලද තිදෙනා පානදුර මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර රියදුරාගේ දත් හතරක් කැඩී තුවාල සිදුවී ඇති බව පානදුර මුලික රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.


තුවාල ලැබු පිරිස අතර බස් රථයේ රියදුරු කොන්දොස්තර සහ කාන්තාවක් සිට තිබේ.  අනතුරට පත් බස් රියදුරාගේ ජංගම දුරකතනය පොලිසිය බාරයට ගෙන ඇත.



අදහස් (2)

වාද්දුවේ බස් අනතුරින් සිව් දෙනෙක් රෝහලේ

Ranjan Tuesday, 10 July 2018 08:04 AM

බස් සහ අනිකුත් වාහන පදවන වැඩි දෙනෙක් දුරකතනයේ මගින් කතා කරමින් වාහන පදවනවා නමුත් නීති මඟින් මේ සඳහා වැඩි දඩයක් අඩුම වශයෙන් රුපියල් 10000 ක් වත කරන තුරු මෙය නැවත ගැනීමට නොහැක.................. අනික බස වල ගමන් ගන්න මගීන් රියදුරාට කට අැර වචනයක් වත් නොකිය සිටින්නේ ඔහු දුරකථනය මගින් කතා කරමින් රිය පදෙව්වොත් ඒ කතාකළ කෙනා තනිවෙන නිසා..........

:       0       35

Darshana Tuesday, 10 July 2018 11:00 AM

බොහෝ රියදුරන් බසය ධාවනය කරමින් ම දුරකථන ඇමතුම් ලබා ගනී.......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site