IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වතු කම්කරුවෝ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගය වසති

  (රංජිත් රාජපක්ෂ)                      
                                                  
තම දෛනික මුලික වැටුප රු 1000 අවශ්‍ය බව පවසමින් හැටන් ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ අද (28) උදැසන ආරම්භ කළ උද්ඝෝෂණයක් හේතුවෙන් හැටන් නුවරඑලිය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු හැටන් මල්ලිඅප්පුව මංසන්ධියෙන් සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇත.


වතු කම්කරුවන්ට රුපියල් 1000 ක මුලික වැටුපක් ලබාදෙන බව පවසමින් වතුකරයේ වෘත්තිය සමිති නායකයින් තමන්ට පොරොන්දු වි රු 700 ක මුලික වැටුපක් පමණක් ලබා දි තමන්ව මුලා කළ බව  ඔවුහු පවසති.


නව වැටුප් වැඩි කිරිම අනුව මිට ඉහත  තමන්ට ගෙවු රු 140 ක දිරි ගැන්විමේ දිමනාවද අහිමි වු බව  ඔවුහු සඳහන් කරති.


කළු කොඩි අතැතිව හැටන් මල්ලිඅප්පුව මංසන්ධියෙන් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් වතු කම්කරුවන් උද්ඝෝෂණය කිරිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා පැමිණ ඇති අතර එම මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.



අදහස් (8)

වතු කම්කරුවෝ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගය වසති

මංජුල බිරැට් Monday, 28 January 2019 06:27 AM

අවංකකම රැපියල් 1500ක්වත් දවසට ලැබිය යුතුයි. පව් මේ මිනිස්සු සාධාරණ ඉල්ලීමක් කරන්නේ...

:       20       61

RaveendraMonday, 28 January 2019 06:51 AM

ඇත්තෙන්ම මහන්සි වී වැඩකරන මිනිසුන්. එසේ වැඩි කළයුතුය... යන්න අපගේද අදහසයි.

:       1       26

IndunilMonday, 28 January 2019 07:03 AM

ලංකාවේද ඉන්නේ ???

:       0       6

AmilaMonday, 28 January 2019 08:24 AM

තේ කර්මාන්තය ගැන ඉගෙන ගන්න මුලින්ම. ඔබ කුඩා තේ වත්තක් හරි කරනවා නම් තේරෙවි මෙය ප්‍රායෝගික නොමැති බව. මේකෙන් වෙන්නේ මහා පරිමානේ වතු කඩා වැටෙන එක. ඒවා කඩන් වැටෙන කොට කුඩා වතුත් කඩා වැටෙනවා මොකද ඔවුන්ගේ තේ ගන්නේ ලොකු වතු තියෙන අය නිසා. ආණ්ඩුව කරන්න ඔන මේ වැඩකරන මිනිස්සුට තොග මිලට වගේ හාල්, පාන් පිටි, එලවලු, පලතුරු වගේ දේවල් ලැබෙන ක්‍රමයක් හදන එක.

:       38       1

sandy123 Monday, 28 January 2019 06:38 AM

මොවුන්ගේ ඉල්ලීම සාධාරණ වුනත් මෙය අනුමත කළ නොහැකියි. හේතුව ප්‍රධාන මාර්ගයක් උද්ඝෝෂණයට උපයෝගී කර ගැනීම කිසි විටකත් සාධාරණ නැත. තමන්ගේ දෙයකට මාර්ගයේ ගමන් ගන්නා අනිකුත් අයව අපහසුවට ලක් කිරීම නොහොබිනා වැඩක්. මෙය සියලුම උද්ඝෝෂණය කරන උදවියට අදාලයි.

:       12       177

රවින් Monday, 28 January 2019 06:50 AM

වෘත්තිය සමිති නිලධාරීන්, කම්කරුවන් මුලාකළානම් ඔවුනොවුන්ගේ බෙල්ලෙන් අල්ලා ගන්නැතුව පොදුජනයාට මොකද කරන්න කියන්නේ? පාරවල් අවහිර කිරීමෙන් පාඩුවෙන්නේ පොදු ජනයාට. ඔය කියන වෘත්තීය සමිති නිලධාරීන් පත්කළේ පොදු ජනයා නොවේ. වතු කම්කරුවන්මයි. තමන් පත්කළ අය විසින් එම කාර්ය හරියට නොකරනවා නම් රටේ ඉන්න අනිකුත් අය මොනවද කරන්න ඕනේ?

:       0       159

raheem Monday, 28 January 2019 07:22 AM

මේ මිනිස්සු කවදාවත් පාරට බැහැල උද්ගෝෂණය කරපු කොටසක් නොවෙයි. මේ මිනිස්සු අනුගමනය කරන්නේ අනිත් අය කරන දෙවල් බලලා.... උදාහරණයකට විශ්ව විද්‍යාල සිසුන් හැමදාම පාරට බහිනවා , දේශපාලකයන් කොළොඹ පාරවල් දිගේ කරන උද්ඝෝෂණය කරනකොට ජනතාව කොච්චර අපහසුතාවයට පත්වෙනවද?

:       39       9

John Tuesday, 29 January 2019 04:08 AM

ව්‍යාපාරයක පිරිවැය තීරණය වෙන්නේ ඒකට ලැබෙන අදායම අනුවයි. තේ වලට ලැබෙන අදායම අඩුවෙනකොට ඉල්ලන ඉල්ලන ගණන් ගෙවන්න බැහැ. ඒක මේ රටේ සුළු තේ ව්‍යාපාරිකයින් පවා දන්නවා. රටේ ජීවන වියදම් ඉහල ගිහින් තියෙන්නේ රට පාලනය කරපු කරන රජයන් අනුගමනය කරපු ප්‍රතිපත්ති නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site