(විනීතා එම් ගමගේ)
අපේ ප්‍රතිපත්ති සම්පාදකයන් ප්‍රතිපත්ති සැකසීමේ දී වෘත්තියවේදීන්ට සවන් නොදීම දැනට පවතින බරපතලම ප්‍රශ්නය යැයි විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය. ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේ දී සිදුවිය යුතු ප්‍රධානම කරුණ වන්නේ වෘත්තිකයන්ගේ සුරක්ෂීතතාව ඇති කිරීම බව ද හෙතෙම සඳහන් කළේය. විද්‍යා, තාක්ෂණ ඉංජිනේරු හා වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක බව වැඩි කරමින් ඉදිරියට ගෙන නොගියොත් රටක් ලෙස අපි අනාථ යැයි ද අමාත්‍යවරයා පැවැසීය.
සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ අදහස් පළ කළේ, ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය සඳහා වූ මහජන කොමිසන් සභාව ඉදිරියේ අදහස් දක්වමිනි. කොළඹ 7 ස්ටැන්ලි විජේසුන්දර මාවතේ විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ පැවැති මෙම මහජන අදහස් විමසීමේ අවස්ථාවේ දී තව දුරටත් අදහස් දැක්වූ ප්‍රේමජයන්ත මහතා මෙසේ ද කීය.
‘‘මේ කාරණය දෙස බැලිය යුත්තේ සම්ප්‍රදායෙන් බැහැර වෙලයි. ජාත්‍යන්තර වෙළඳාමට යන්න නම් ජාත්‍යන්තර ප්‍රමිතිය ඇති භාණ්ඩ නිපදවිය යුතුයි. ඇසට පෙනෙන භාණ්ඩ පමණක් නොව දැනුම වැනි භාණ්ඩත් අපි නිපදවිය යුතුයි.
ආචාර්ය බන්දුල හුස්ටන්හි පර්යේෂණ කරන කෙනෙක්. ඔහු ඇමෙරිකාවෙදි ස්ටෙන්ට් නිපදවීම වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර ගත්තා. ලංකාවේ හිටියා නම් මේ ටික කරන්න ලැඛෙන්නේ නැහැ. ඔහු වෛද්‍යවරයෙක් නොවෙයි. ජීව තාක්ෂණ ඉංජිනේරුවරයෙක්. ඔහු මේ ස්ටෙන්ට් ලංකාවෙදි හැදුවානම් රටක් ලෙස අපට ගොඩ එන්න තිබුණා. ‘ යයිද සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
COMMENTS
ඔය කථාව හරියටම හරි. හැබැයි ඒ්ක පරිපාලනයේ ඉහල තැන්වල ඉන්න අය දේශපාලකයින්ට අවබෝධ කරල දෙන්නෙ නැති එක තමයි ගැටළුව. මේ රට දියුණු නොවෙන්නෙ දේශපාලකයින්ට වඩා පරිපාලකයින්ගෙ තියෙන කුහක වැඩ නිසා. විද්‍යා, තාක්ෂණ ඉංජිනේරු හා වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක බව වැඩි කරන්න නම් ඒ ක්ෂෙත්‍රවල අයට නියම විදියට සලකන්න සහ පිලිගන්න ඕනැ. එහෙම නැති නිසා තමයි ඒ අය රට හැරල යන්නෙ. පරිපාලනයෙ උසස් අය සියළු සැප විඳිමින් මේ රට දියුණුවට අකුල් හෙලනව.
අපේ රටේ වැඩිමනක් ජාතික තීන්දු ගන්නේ නුගත්, තමන්ගේ මඩිය තර කර ගැනීම පමණක්ම තම ප්‍රතිපත්තිය වන තක්කඩි ඇමතියන් තමන්ට ලැබෙන කොමිස් මුදල/ කුට්ටිය අනුව. ඉතින් එහෙවු රටකට මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද?
අප හොඳින්ම දන්නවා පසුගිය ආණ්ඩුවේ මෙයාට පැවරී තිබුන අමාත්‍යංශ වලට වෘත්තීය වේදීන්ගෙන් කිසිම උපදෙසක් ගන්න මොහු කැමති නොවූ බව. මන්ද යත් මොහුට වඩා අධ්‍යාපන සුදුසු කම් ඇති අය ලඟට ගත්තොත් තමන්ගේ දුර්වල කම් ලොවට හෙළිවේවි කියා මොහු තුළ තිබු අස්ථාන බියත්, උගතුන්ට ඊර්ෂ්‍යා කිරීමේ උපන් ගතියක් මොහු තුළ තිබුන නිසාත්ය.
ඇත්ත ඇති සැටියෙන්නම් වුර්තිය වේදීන්ට සවන් දුන්නොත් කොමිෂන් වේදීන්ගේ අවශ්‍යතාවයන් සපුරගන්න බැරිවෙන නිසා වුර්තිය වේදීන්ගේ අදහස් කුනුකුඩයට දැමිය යුතුය.