(ශාන්ත චන්ද්‍රසිරි)
පවතින වර්ෂාව සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වත්තේගම- බඹරැල්ල මාර්ගයට තරණගල කන්ද ප්‍රදේශයේදි ගල් පෙරැළීමේ අවදානමක් මතුව ඇතැයි නකල්ස් ‘අපි’ සංවිධානයේ පරිසරවේදි සමින්ද විදානගේ මහතා පවසයි.
එම මාර්ගයේ අරත්තන හන්දියේ සිට හුලුගග සීමාවේ පිහිටි තරණගල කන්දේ ඉහළ ප්‍රදේශයේ ගස් හා පඳුරු අතරේ විශාල ගල් ප්‍රමාණයක් රැදී ඇති බවත්, පවතින වර්ෂා තත්ත්වය හමුවේ එම ගල් පහලට පෙරළි ඒමේ අවදානමක් මතුව ඇති බවද ඒ මහතා කීය.
නියගය පැවති පසුගිය කාලයේ කිසියම් පිරිසක් විසින් තරණගල කඳු වැටියට ගිණි තබන ලද බවත්, එම ගින්න නිවා දැමීමට කන්දේ ඉහල ප්‍රදේශයට ගිය අවස්ථාවේ මෙම අවධානම් ගල් දැක ගැනීමට හැකි වු බවද ඒ මහතා පැවැසීය.
නකල්ස් වනාන්තර පද්ධතිය පිහිටි දුම්බර මිටියාවතට පිවිසෙන ප්‍රධාන මාර්ගයක් වන මෙම මාර්ගයේ දිනපතා විශාල රථ වාහන සංඛ්‍යවක් යන එන බවත්, එබැවින් රියදුරන් තරණගල කඳු සීමාවේදී මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කල යුතුව ඇතැයිද ඒ මහතා කීය.
රජයේ වගකියයුතු අංශ මේ පිළිබඳව කඩිනමින් අවධානම යොමු කල යුතුව ඇති බවත්, එසේ මැදිහත්වන ආයතනවලට තම සංවිධානයේ පුර්ණ දායකත්වය ලබාදීමට හැකියාව ඇති බවද නකල්ස් අපි සංවිධානයේ පරිසරවේදි සමින්ද විදානගේ මහතා වැඩිදුරටත් පැවැසීය.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.