ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංහල සිරිතට මුල්තැන දෙමින් කොළඹ ජනාධිපති නිල නිවසේ සිට අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරනු ලැබීය. ජයන්ති සිරිසෙන ජනපති ආර්යාව ද චතුරිකා දහම් සහ දරණී දූ පුතුන් ද එම අවස්ථාවට එක් වූහ. වැඩ ඇල්ලීමේ චාරිත්‍රය ඉටු කරමින් ජනාධිපති නිල නිවසේ රත් හඳුන් පැලයක් ද රෝපණය කළේය.
මෙම අවස්ථාවට මැති ඇමැතිවරු ද හිතවතුන් ද මෙම අවස්ථාව එක් වූහ. චාරිත්‍රානු කූල හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝස්ත්සවය හෙට (15) පෙරවරු 11.04 ට යෙදෙන සුභ නැකතින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී නාථ දේවාල භූමියේදී ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරල, චාම් බවකින් මෙම උත්සවය සැමරීම රටට ආදර්ශමත් හොඳ ලක්ෂණයක්.
අපේ ප්‍රථම පවුල ලස්සන සරල චාම් පවුලක්. අළුත් අවුරුද්දෙ මෙහෙම හරි දැකීමත් වාසනාවක්.
ජනතා මුදල් නාස්ති නොකර චාම් උත්සවයකින් අවුරුද්ද සමරන ඔබතුමාට සුබ අලුත් අවුරුද්දක්. රටේ වෛද්‍ය පහසුකම්, රෝහල් පහසුකම්වල තවමත් විශාල අඩුපාඩු ඇති නිසා , රටේ ජීවන තත්වය යහපත් නොවන නිසා මන්ත්‍රීලට දෙන කෝටි ගණන් වටිනා වාහන පර්මිට් ටික නතර කරලා දෙන්න.
ජනාධිපතිතුමනි ඔබතුමාටත්, ඔබතුමාගේ පවුලේ සියලු දෙනාටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!! දීර්ඝායුෂ ලැබේවා !!!
අනේ මම මේ කියන්නේ අවංක සත්‍යයක්. බැරිවෙලාවත් නිකන් කරුමයකට හරි මට ඔය කියන ජනාධිපති පණිවිඩය ලැබුණා නම් රටේ අවුරුදු තියා එදා වේලවත් කන්න බැරුව දෙනෝදාහක් ඉඳිද්දී මේ වගේ පින්තූර අරන් පත්තරයට දාන්නේ කොහොමද ආයුබොවන්...?
අන්න අරෙහෙ අලුත් අවුරුද්දට මීතොටමුල්ලෙත් වැඩ අල්ලලා..... මෙච්චරකල් මිනිස්සුන්ගේ ඉල්ලීම් දැන් අදෝනාවක් බවට පත්වෙලා... දැන්වත් රට වෙනුවෙන් චාම් යයි කියමින් පෙනී හිටින්නේ නැතුව කෙලින් තීරණ ගන්න.... නැත්නම් මිනිසුන්ගේ කුණු බැනුම් විතරක් නොවෙයි ශාප කරාවි....
දැන් යන්න කාලේ හරි...