(බිඟුන් මේනක ගමගේ )
මෙරට වැඩිහිටි ජනගහනයෙන් 5-7% අතර සංඛ්‍යාවක් විෂාදයෙන් පෙළෙන බවට කරුණු හෙළි වී ඇතැයි ද ඒ අනුව ලංකාවේ වැඩිහිටියන්ගෙන් ලක්ෂ 12කට ආසන්න පිරිසකට මෙම රෝග තත්ත්වය ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ මානසික වෛද්‍ය විද්‍යා පිළිබඳ මහාචාර්ය රවීන් හංවැල්ල මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
ලෝක සෞඛ්‍ය පර්යේෂණ අනුව වසර 2022 වනවිට මිනිසාට වඩාත් පීඩාකාරී රෝගය බවට විෂාදය (Depression) පත්වනු ඇතැයි ද මහාචාර්ය හංවැල්ල මහතා සඳහන් කළේය.
මානසික රෝග තත්ත්වයක් වන විෂාදය හෘදයාබාධ, පිළිකා යන රෝග තත්ත්ව පරයමින් දැනටමත් වඩාත් පීඩාකාරී රෝග අතර දෙවැනි තැනට පත්ව ඇතැයි මහාචාර්ය හංවැල්ල මහතා කීය.
විෂාදයෙන් පෙළෙන බොහෝ දෙනෙකු තමන් විෂාදයෙන් පෙළෙන බව දැන නොසිටින්නේ යැයි ද එනිසා වේගවත් සමාජ රටාවක නිරත සියලු දෙනා මේ ගැන දැනුවත්වීම වැදගත් යැයි ද මහාචාර්ය හංවැල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිකෙනෙක් මීට ප්‍රතිචාර දක්වන එකක් නැහැ.
මේකෙන් වැඩි හරියක් අපේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. පිනක් දහමක් කර ගෙන ගෙදරට වෙලා සුවයෙන් ගත කරන්න මේ පාර ඡන්දයෙන් යවන්න ඕනේ. ඔබ ලැහැස්තිද?
විෂාදය හැදෙන්නැද්ද? 225 කරන වැඩවලට...
ලංකාවේ ගැහැණු බොහොමයකට විෂාදිය තියෙනවා. හොර සම්බන්ධකම් අද සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. මනුස්සයා වැඩට යනකන් ඉඳලා කවුරුහරි ගෙන්න ගන්නවා. වැඩට යන අයත් එහෙ කවුරු හරි අල්ලාගෙන ඉන්නේ...
අපි එකිනෙකාට පිස්සු කියා ගන්නවා. ඒත් අපේ හැසිරිම අවර්ජනය කලොත් හැමොම වගේ මානසික රෝග පිඩාවලට සුඵ වශයෙවන් හෝ ලක් වෙනවා, පිඩා විදිනවා අපිටම දැක ගන්න පුළුවන්. විශාදය මානසික රෝගයක් ලෙස නොව කේන්ති යාමක් කලකිරිමක් වශයෙන් තමා දැනෙන්නේ. ඒක හින්දා හදුනගන්න අමාරුයි. විශාද රොගියා සිරියස් හිතනවා වැඩි. බය වෙනවා, සැක කරනවා. රණ්ඩුවට බරයි, පවුලේ අනිත් සාමාජිකයන් මේක අවබෝධ කරගත්තේ නැත්නම් පවුලම ඉවරයි! පමා නොවි ඔබේ සමිපතයන් හා ඔබ ගැන සැලකිලිමත් වන්න..
අධික වෙහෙස, තරඟය, ප්‍රියයන්ගෙන් වෙන්වීම, තනිවීම මෙම රෝගයට මුල වේ
විශාදය අර්ථ දැක්වීම අපේ වෙදමහතෙක් පැහැදිලි කරනවා නම් වටිනවා.