(මුදිතා දයානන්ද)
විශ‍්‍රාම කාලයත් රට වෙනුවෙන් වැය කිරීම සඳහා වගා සංග‍්‍රාමය සමග එකතු වන්නැයි විශ‍්‍රාම සුව විඳින රාජ්‍ය නායකයින් දෙපළගෙන් ඉල්ලා සිටින බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
පුංචි දේවල් මතුකරමින් රට අවුස්සනවා වෙනුවට මෙම වගා සංග‍්‍රාමය සමග එක්ව රටට නැගීමට සහය වන්නැයි තමන් මාධ්‍ය ආයතනවලින් ද ඉල්ලන බව දිසානායක මහතා කියයි.
ඒ මහතා මේ බව පැවසූවේ ‘ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය‘ වැඩසටහනට සමගාමීව අද (08) හෝමාගම නියදගල පැවති කොළඹ දිස්ත‍්‍රික් වප්මගුල් උත්සවයට සහභාගී වෙමිනි.
“මාධ්‍ය ආයතන සෑම එකක්ම රටක් අවුස්සන්න බොහොම දක්ෂයි. පොඩි සිද්ධියක් වුණාම රටක් ඇවිස්සෙන විදිහට මිනිත්තුවෙන් මිනිත්තුව එය ප‍්‍රචාරය කරන්න ඒ අය දක්ෂයි. ඒ නිසා රටක් අවුස්සන්න ඔබට ඒ තිබෙන හැකියාව රටක් නගා සිටුවන්න යොදවන්න. අපිත් එක්ක වගා සංග‍්‍රාමයට එක්වෙන්න.
ලෝකයේ බොහෝ රටවල අපි දැකලා තිබෙනවා රාජ්‍ය නායකයෝ විශ‍්‍රාම ගත්තාම ගියේ කුඹුරට. ගොවිබිමට. ඇමරිකාවේ හිටපු නායකයොත් විශ‍්‍රාම ගත්තාම ගියේ තමන්ගේ ගොවිපොළට. අපි අපේ හිටපු රාජ්‍ය නායකයෝ දෙන්නා වන මහින්ද රාජපක්ෂ මහතාටත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියටත් ආරාධනා කරනවා තමන්ගේ විශ‍්‍රාම දිවියේ මේ වගාසංග‍්‍රාමයත් සමග එකතුවී රට නගා සිටුවන්න සහය වෙන්න. ඒ ආශිර්වාදය ලබාදෙන්න කියලා.
ඵල දරන විශ‍්‍රාමය කියලා අපි අලූත් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. විශ‍්‍රාම ගියාම බොහෝ දෙනෙක් වගාවක් කරන්න කැමතියි. එවැනි අයගෙන් අපි ඉල්ලා සිටිනවා වගා කරන්න දැනුම අවශ්‍ය නම් එය ලබාදෙන්න අපි සූදානම්. ඒ වගේම තමන්ට ඉඩමක් තිබෙනවා, ඒත් වගා කරන්න බැරි නම් වෙන කෙනෙක් යොදා වගා කරන්න. අපි සුදානම් ඔබට අවශ්‍ය සහයෝගය ලබාදෙන්න. “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

COMMENTS
මේ අය දන්නවද වගා කරන්න..? වගාපාලුවෝනේ...,
රාජගිරියේ බිල්ඩිමේද වගා කරන්න යන්නේ.
අර සල්ලි ගිලින ගොඩනැගිල්ල ගැන මුකුත් නැද්ද ?
ඇයි ඇමතිතුමනි වියගහට බඳින්න කට්ටිය මදිද?
පළමුව තමන් වගාවට යොමුවෙලා, පසුව අනිත් අය යොමු කරනවා නම් වඩා හොඳයි. බොරුවට ෆොටෝ එකකට පෙනී හිටින්න හානවා වගේ රඟපෑවට නගුල අල්ලගෙන ඉන්න විදියෙන්ම පේනවා කරන බොරුව. කැකිරාවේ පැවති වප් මගුල් උත්සවයේ වියදම කෝටි 5ක් කියලා මාධ්‍ය වල පලවෙලා තිබුණා. පහුගිය කාලේ පැවති නියඟය නිසා ඔය ප්‍රදේශයේ කන්න විතරක් නෙමෙයි, බොන්න වතුරවත් නැතුව මිනිස්සු කොයිතරම් නම් දුක් වින්ඳද?. ඔය මහත්වරු කුඹුරට බස්සවන්න ඔය තරම් වියදම් නොකර හැමදාම කුඹුරට බහින මිනිස්සුන්ටම ඒක කරගන්න කියලා විනාශ කරපු මුදලින් ඒ දුප්පත් මිනිස්සුන්ට ආධාරයක් දුන්නා නම් කොයිතරම් වටිනවද? ඇයි මෙතරම් මුදලක් මාධ්‍ය සංදර්ශන වලට වියදම් කරන්නේ.
ඔබේ වගා සංග්‍රාමය, ඔබත් සමග කරන කටයුතු අපට නම් එපා... අර රාජගිරියෙ අක්කගේ බෝඩිම දකින කොට.... නම්
අප අසා ඇති ආකාරයට වයසක අම්බරුවන් කුඹුරු සෑමට යොදා නොගන්නා නමුත් තරුණ අම්බරුවෝ ඒ සඳහා යොදා ගනී. එය නිසිලෙස මෙම ඡායාරුපයෙන්ද ස්ථිර කර ඇත.
ඔව්, අන්තිමට ඔහොම කරලා ඉතුරු කරන සල්ලි ටිකත් සබීතගේ ගෙයි කුලිය ගෙවන්නත් මදි වෙයි.
ඇයි ඔය ගොල්ලත් එක්ක ඉන්න. දැන් කොණ්ඩය සුදු වුණු තරුණ නායකයාවත් එකතු කරගන්නේ නැත්තේ?
පෞද්ගලික කුහකත්වයට, වී ටික අරන් ගිහින් මත්තල ගොඩ ගැහැව්වා. දැන් හාල් කිලෝ එක රුපියල් 100 යි. දිට්ඨධම්ම වේදීනීය කරුමේ පලදීලා තියෙන්නේ...
මෙයා රාජගිරියේ වගා කරනවලු නේද? කෝටි ගාණක් සල්ලි වලින්...
සතුන් දෙදෙනා හිතනව "අපවම අනුගමනය කර, අපේම පස්සෙන් එන ගමන් මේ අය ඇයි හතර ගාතෙන් මේ මඩේ නොයන්නේ.... අපට වඩා නුවණ ඇති අයවත්ද? අනේ එහෙම නම් දැන් ඉස්සරට වඩා හරක් හොරු වැඩි නිසා පරිස්සමටත් එක්ක අපව රෑට රාජගිරියේ අමාත්‍යාංශයේවත් ගාල් කරනවා නම් කියලා" ....
අවුරුදු 4කට කලින් සහල් අතිරික්තයක් තිබුණු රටේ සහල් පිටරට පවා යැව්වා ..ගොවි පුතෙක් රජ වෙලා අද බාල සහල් පිටරටින් පවා ගෙන්නන තැනට රට පත් වෙලා ... ලැජ්ජයි මහත්තයෝ තව බයිලා කියවනවා.
ඔවුන්ට අඬ ගහන්න කැලෑවක් කපන්න නිධානයක් හාරන්න පැනලා ඒවි. කුඹුරකට ඇවිල්ලා ඔවුන්ට ලැබෙන කෙන්ගෙඩියක් තිබේද?
අපේ ඇඟේ මඩ ගැවිලා, අපි මඩ නාගෙන ඉන්නකොට මේ මී හරක් නම් හැබෑ වැඩකාරයෝ කියල හිතන මිනිස්සු අපේ රටේ ඉන්නවා. ඒකට කියන්නේ මිනිස්කම. පුදුමෙ කියන්නේ, මේ අපේ පස්සෙන් එන කට්ටියත් මඩ ගැවිලා මඩ නාගෙන ඉන්නකොට මේ මී හරක් නම් හැබෑ වැඩකාරයෝ කියල හිතන මිනිස්සුත් අපේ රටේ ඉන්නවනේ. ඒකට කියන්නේ ගොන්කම.
අපි දන්නවා ඔයයි ඔයාගේ තාත්තයි දෙන්නම වවාගෙන කන්න දක්ස බව. අර කුලියට ගත්ත ගොඩනැගිල්ලෙන් කාපු කෑම මදිද?
“මඩ සෝදාගත් කළ ගොවියා රජ කමටත් සුදුසුයි“ කිව්ව නිසා රජ වෙන්න හිතුණද? හැබැයි ඔයාට නම් කුඹුරේ මඩ ඕන නැහැ. රාජගිරියේ ඇති තරම මඩ තියෙනවනේ. දැනට තියෙන මඩ හොඳටම ඇති.
නහය විදපු එළ හරක් දාලා කුඹුරු හාන්න තතනන කලියුගයේ ඇමතිවරු.
මහින්ද මහත්තයා තවම විශ්‍රාම ගොස් නැත. විශ්‍රාම යවලත් බැරිය. මේ රට දැනට පාලනය කරන යහපාලනය යයි බොරු ලේබල් අලවාගත් දුර්දාන්ත, හොර, රට විකුණන, රට භේද භින්න කරන ආණ්ඩුව පලවා හැර රට යහමගට ගැනීමේ වගකීම මහින්ද මහත්තයා සතුව තිබේ. ඕනෑම නම් බොරුවට රට වටේ යන හිටපු ජනාධිපතිනිය ඕකට අරගත්තාට කමක් නැත.
දැම්ම එලහරක් නොදා මක්කරන්නද? පළාතේ උන්නු මී හරක් සේරම පාර්ලිමේන්තුවටයි පළාත් සභා ප්‍රදේශීය සභා වලටයි පත් කලානේ... දැන් හාන්න වෙලාවක් නැහැ.
ඔය වියදම් කරපු සල්ලි ටිකත් සබීතාට දුන්නානම් ඉවරයිනේ...
සමරගේ. රාජගිරියේ මඩ දැන් වේලිලා කිසිම තෙතමනයක් නැහැ. හාන්න බැහැ පෝරු ගාන එක විතරක් කරන්න පුළුවන්.
ඔය නහයවිදපු එළහරක් දෙන්න වෙනුවට දියවන්න මීහරක දෙන්නෙක් ගත්තනම් වඩාත් උචිතයි .
ගොවියන්ට දුන්නු පොහොර සහනාධාරය කප්පාදු කළා ,රජරට කුඹුරු පුරන්වෙන්න හැරියා ,ගොවියෝ අසරණවී වසබොන්න සැලැස්සුව, පහුගිය අවුරුදු දෙකේ. මිනිස්සුන්ට ක්රොටන් කොළ කන්න කිවා. රටේ කෘෂිකර්මාන්තය මුළුමනින්ම විනාශකලා. දැන් පුරසාරම් දොඩමින් හාල් ගේනවා ,හරිම ලැජයි යහපාලන කඩේ ගැන.