(රොමේෂ් මධුෂංඛ)
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාට යළිත් උතුරු පළාත් මහඇමැති අපේක්ෂකත්වය නොදෙන බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා යාපනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.
‘උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් දැනට මහඇමැති වන සී.වී. විග්නේශ්වරන් යළිත් පත් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මොකද පසුගිය වතාවේදීත් එතුමන්ට මහඇමැති ධූරය ලබා දෙද්දී එතුමන් සඳහන් කළේ වසර දෙකකට පමණයි මා මේ ධූරය දරන්නේ කියලා එවැනි පසුබිමක් තුළ යළි ඔහුට එම තනතුර දීම සුදුසුයි කියල අපි හිතන්නේ නැහැ.
මෙහිදී අගමැතිතුමාගේ විශ්වාශභංගය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියා පිළිවෙත පිළිබඳව මාධ්‍යෙව්දීයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.
‘අපි දෙමළ ජාතික සන්ධානය හැටියට විශ්වාශභංගයට එරෙහිව ඡන්දය දෙන්න කලින් ජනපති හා අගමැති සමඟ සිදුකළ සාකච්ඡා පිළිබඳව මාධ්‍ය මගින් අනාවරණය වුණා. එමගින් වැඩි වශයෙන් දක්වා තිබුණේ අගමැතිට සහය පළ කිරීමට දෙමළ ජාතික සන්ධානය ඔහු සමඟ ගිවිසුමකට එළඹ ඇති බවයි ඒ පිළිබඳව දෙස් විදෙස් මාධ්‍යත් දිගින් දිගටම අපෙන් ප්‍රශ්න කළා. අපි එවැනි කිසිම ගිවිසුමකට එළඹුණේ නැහැ. නමුත් ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනයාමට දෙමළ ජනතාවට පවතින ගැටලු 10 ක් සම්බන්ධයෙන් අපි කරුණූ සාකච්ඡා කළා ඉතින් ඒක රහස් සාකච්ඡාවකුත් නෙමෙයි කිසිම ගිවිසුමකුත් නෙමෙයි. යනුවෙනි.
2025 දෙසැම්බර් මස 30
150
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
767
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
374
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විග්නේෂ්වරන්ට මහඇමැති අපේකෂකත්වය නොදෙන බව ටීඑන්ඒ කියයි
රවින් Monday, 09 April 2018 08:30 AM
ඒක හොඳ අදහසක්. ඔය මහ ඇමති මෙතෙක් කල් කලේ කොක්ක දාගන්න බලාගෙන හිටිය මිසක් පළාතේ අවුරුදු ගණනක් දුක් විඳින තම සහෝදර ජනතාව ගැන නොවේ