(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
උතුරු මැද වකුගඩු රෝගීන්ගෙන් අඩකට රෝගය නැති බවට අනුරාධපුර මහ රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරයා කර ඇති ප්‍රකාශය අදාළ උපකරණ සම්බන්ධව අලුත්ම මතයක් බැවින් ඒ පිළිබඳව වාර්තාවක් ඉල්ලා ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවැසීය.
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඒ බව පැවැසීය.
වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා - ඊයේ ලංකාදීප පුවත් පතේ ප්‍රධාන සිරස්තලය වෙත ඇමැතිතුමාගේ අවධානය යොමු කරනවා.උතුරු මැද වකුගඩු රෝගීන්ගෙන් අඩකට රෝගය නෑ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රමිල් රාජක්‍රිෂ්ණ මහතා ඉදිරිපත් කළ ලිපියක් එහි පලවී තිබෙනවා.
මේන බැලුවට පස්සේ අපි වකුගඩු රෝගය සම්බන්ධව යොමුකර තිබෙන අවධානයන් යම්කිසි මට්ටමක තැත් කිරීමට ලක් වෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා - පසුගිය කාලේ අපි ඔය යන්ත්‍ර ලබා ගැනීමට පළාත් සභාවලට බලතල දුන්නා මුදල් දුන්නා.නමුත් ඇතිවූ නොයෙකුත් ප්‍රශ්න නිසා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ගන්න කටයුතු යොදවා මේ යන්ත්‍රවල ප්‍රමිතියේ වරදක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ.තාක්ෂණ ඇගැයීම් කමිටුවේ ඉන්න සියලු දෙනාම විශේෂඥ වෛද්‍යවරුයි.
ඒනිසා මේක අලුත්ම මතයක්. මේ පිළිබඳ මම වාර්තාවක් ඉල්ලා තිබෙනවා.එමගින් අපට දැන ගන්න ලැබේවී ඇත්ත තත්ත්වය මොකක්ද කියලා.
COMMENTS
උතුරුමැද පලාතේ වකුගඩු රෝගීන්ගෙන් භාගයකට එම රෝගය නැත්නම් වැරදි රෝග විනිශ්චය ලබාදුන් වෛද්‍යවරුන් පිලිබඳව සොයා බැලිය යුතුයි.
මෙම වෛද්‍යවරයාගෙ මතය අැත්තක් වෙන්න පතමු. මොකද එ් රෝගීන් වශයෙන් නම් කල අය නැවත ඉපදුනා වගේ සතුටු වෙයි. හරියට එලොව ගිහින් මෙලොව අාවා වගේ.
ග්ලයිකොෆොස්ට්ලාගේ අළුත්ම ජවනිකාව. තව ටික දවසකින් කියයි ලංකාවේ වකුගඩු රෝගය කියලා දෙයක් නැහැ කියලා. මහජනතාව තව කොපමණ කාලයක් ගොනාට අන්දාවිද?
යුද්ධය අවසන් වීම සමග වකුගඩු රෝගය ක්‍රමයෙන් අඩුවුනාද දන්නෙ නෑ.
මෙහිදී ඔබට විශ්වාස කිරීමට අසීරු කරුණක් ගෙනහැර දැක්වීමට මා කැමතියි. කතරගම, බුත්තල, මොනරාගල ආදී රටේ තවත් ප්‍රදේශවල රහසිගතව පෙරන විස කසිප්පු බීම නිසා වකුගඩු නරක්කර ගත්තත් එය සඟවනවා. අදටත් ගිරාඳුරුකෝට්ටේ පැතිවල මංගල අවමංගල හා බොහෝ උත්සව අවස්තාවලදී විස කසිප්පු ගේන්නේ ගැලුම් ගණනින්. මෙය විවිධ සමාජ මට්ටම් අතර ප්‍රචලිත දෙයක්. ඒ නිසාම එය වරදක් ලෙස ඔවුන්ට පෙන්නේ නැහැ. තවද ගොවීන් ආහාරයට ගන්නා අධික සැරෙන් යුතු 'නයි මිරිස් ' වර්ගද වකුගඩු නරක් වීමට හේතුවෙයි. ඔබ අප දන්නා රතු වර්ණක අඩංගු බීම වර්ගද වකුගඩු විනාශ කොට දමයි. මාගේ නැගණියගේ සැමියා සෑම ආහාර වේලකට පෙර එවැනි බීම බෝතලයක් බීමට පුරුදුව සිටියේය. ඔහු අකාලයේ මියගියේ වකුගඩු දෙකම දියවී තිබීම නිසාය.