ඇමරිකාවේ ලාස් වේගාස්හි එළිමහන් ස්ථානයක පැවැත්වුණු සංගීත ප්‍රසංගයක සිදුවූ වෙඩි තැබීමකින් 50දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
විශාල පිරිසක් ප්‍රසංගය නැරඹීම සඳහා රැස් වී සිටි බවත් අසල පිහිටි හෝටලයේ 32 වැනි මහලේ සිට ප්‍රේක්ෂකයන්ට වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බවත් පොලිසිය පවසයි.
ප්‍රහාරය සඳහා තුවක්කු කරුවන් දෙදෙනකු හෝ තිදෙනකු සහභාගී වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
ජනප්‍රිය ඇමරිකානු ගායකයෙකු වන ජේසන් ඇල්ඩීන් වේදිකාවේ ගීතයක් ගයමින් සිටි අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුවි ඇති අතර බියෙන් තැතිගත් දහස් ගනනක් පිරිස හිස් ලූ ලූ අත පලා ගිය බව වාර්තා වේ.
ලාස්වේගාස් රෝහලට තුවාල කරුවන් 200 දෙනකු ඇතුලත් කළ බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.
(085)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට තියෙන පින්තුරේ පෙනෙන හෝටලයේ ඉදල තමා තුවක්කු කරු වෙඩි තිබ්බේ. මම වැඩ කරන්නේ අල්ලපු හෝටලයේ. එක අයෙක් පමණි වෙඩි තැබුවේ. ඔහුව ඝාතනය කරා. මියගිය සියලු දෙනාට නිවන් සුව පතමු
50 දෙනෙක් මියගොස් ,406 දෙනෙක් රෝහල් ගත කරපු බවක් තමයි දැන් දැනගන්නට ලැබුනේ... හරිම ඛේදනීයයි.!
මේ අවාසනාවන්ත සිදුවීමට ප්‍රධාන හේතුව, ඕනෑම කෙනෙකුට ගිනි අවි මිලදී ගැනීමේ ඇති නිදහසයි. ගිනි අවියක් මිලදී ගැනීම, පාන් ගෙඩියක්, මස් කිලෝ එක්කක් ගන්නවා වගේ ලෙහෙසිකාරියකි.දැනට බලයේ සිටින දේශපාලන පක්ෂය වන"රිබලිකන් පක්ෂයේ බලපෑම නිසා ගිනි අවි සීමාවක් රටේ නැත. ජාතික ගිනිඅවි සම්මේලනය, විශාල වශයෙන්, මුදලින් ආධාර කරනුයේ රිපබ්ලිකන් පක්ෂයටයි.
ඔන්න ඕක නිසා තමයි ලංකාවට කිසිම මුස්ලිම් සරණාගතයෙක් එපා කියන්නේ.තේරුනාද?
පසුව පලවූ වාර්තාවකට අනුව වෙඩි තැබූ ත්‍රස්තවාදියා ඇමෙරිකානු පොලීසිය විසින් වෙඩිතබා මරාදමනු ලබා ඇති අතර මීට එක්සත් ජාතීන්ගේ මානව කොමිසම විසින් දැඩි විරෝධයක් දක්වා ඇති අතර ඇතැම්විට මෙය ඇමෙරිකාවට එරෙහිව සම්බාදක පැනවීමේ තත්වයක් දක්වා වර්ධනය විය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වාදෙති !
"තුවක්කු කරුවන්" මොවුන් ත්‍රස්තවාදීන් නෙමෙයිද? මට අමතක උනා මුස්ලිම් උනොත් විතරයිනේ ත්‍රස්තවාදීන්.... නේද? මහත්තයෝ ඒ වගේම මේක වෙලා මෙච්චර දවස් ගිහිල්ලත් ප්‍රසිද්ධ වුනේ නෑනේ... මට අමතක උනා ඕක කලේ මුස්ලිම් කට්ටිය නෙමෙයිනේ එකනේ.......