IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලොසින්ජර කෑ කටුවන සිසුන් හයක් රෝහලේ

අනීෂා මානගේ
 
කිසියම් ලොසින්ජර වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසුව රෝගී වූ කටුවන ජාතික පාසලේ ශිෂ්‍යයන් කිහිපදෙනෙකු ප්‍රතිකාර සදහා අද(04) කටුවන දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කර ඇතැයි කටුවන පොලිසිය කියයි.
 
මෙලෙස රෝගාතුර වී රෝහල්ගත කර ඇත්තේ කටුවන ජාතික පාසලේ හය හා හත් වැනි ශ්‍රේණිවල අධ්‍යාපනය ලබමින් සිටි ළමයින් හය දෙනෙකි.
 
විද්‍යාලය අසල පිහිටා ඇති වෙළදසැලකින් මිළදී ගත් ලොසින්ජර වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසුව පාසල් ශිෂ්‍යයන් රෝගාතුර වී තිබේ.
 
මත්ගතිය, ක්ලාන්තය හා වමනය යන රෝග ලක්ෂණ පැවතීම නිසා පාසල් දරුවන් හය දෙනා කටුවන දිස්ත්‍රීක් රෝහලට ඇතුලත් කිරීමට විද්‍යාලයේ කාර්යය මණ්ඩලය කටයුතු කර ඇත.
 
මේ සම්බන්ධයෙන් කටුවන මහ විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් පැමිණිල්ලක් ලැබුණු බව කටුවන පොලිසිය කියයි.
 
හම්බන්තොට හා මාතර දිස්ත්‍රීක් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් කුමාර මහතාගෙන් මේ පිළිබදව කළ විමසීමේදී ඔහු පැවසූවේ  මෙම ලොසින්ජර වර්ගය චීනයෙන් ආනයනය කරන ලද්දක් බවයි.  වෙළදසැලේ අලෙවි කිරිමට තිබූ සියලුම ලොසින්ජර තම භාරයට ගත් බවද  ඔහු කීවේය. 



අදහස් (2)

ලොසින්ජර කෑ කටුවන සිසුන් හයක් රෝහලේ

lakmal Thursday, 04 October 2018 04:31 PM

අඩමානයක් නැහැ ඔය වෙළදසැලේ මත්ද්‍රවය විකුනනවා ඇති.

:       0       0

දිමුත් Friday, 05 October 2018 04:39 AM

මේවා ලංකාවට එන්නේ කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site