IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලොරි දෙකක් ගැටී තිදෙනෙක් රෝහලේ

(කාංචන කුමාර ආරියදාස)

ලොරි රථ දෙකක් දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර මිනීමරු වංගුව  ප්‍රදේශයේදී  අද (15) අලුයම 4.45 ට පමණ මුහුණට මුහුණ ගැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

 හබරණ ප්‍රදේශයේ සිට දඹුල්ල දෙසට  ධාවනය වු වී පැටවූ ලොරි රථයක් සහ  දඹුල්ල දෙසින් හබරණ දෙසට  ධාවන වු නූඩ්ල්ස්  ප්‍රවාහනය කරන ලොරි රථයක්  ගැටී මෙම අනතුර සිදු වී තිබේ.

වී ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයේ ඉදිරිපස අසුනේ වාඩිවී සිටි ලොරි රථයේ සහායකයා පැය භාගයක පමණ කාලයක් එහි සිරවී සිටියදී එළියට ගැනීම සඳහා දැඩි උත්සාහයක් ගත් බවත් පසුව ජනාධිපති ආරක්ෂක අංශයේ මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහනයක පැමිණි පිරිස සහ එම වාහනයෙන් ලණු දමා ඉදිරිපසට ලොරි රථය ඇද රිය සහායකයා එලියට ගත් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

 ඔහු ඉතා බරපතල තත්වයෙන් මේ වන විට දඹුල්ල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. මෙම රිය අනතුරින් තුවාල ලබා ඇති වී ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයේ රියදුරු රිය සහයක සහ නූඩ්ල්ස් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයේ රියදුරු බව පොලීසිය සඳහන් කළේය.

 නිරන්තරයෙන්ම දඹුල්ල හබරණ  ප්‍රධාන මාර්ගයේ මිනීමරු වංගුව හන්දිය අනතුරු රැසක් සිදුවන ස්ථානයක් බවත් රියැදුරන්ගේ අපරීක්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරුවලට හේතුව බව දඹුල්ල පොලිසිය කියයි . අනතුර සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුරටත් වැඩිදුර පරීක්ෂණ  පවත්වයි.



අදහස් (0)

ලොරි දෙකක් ගැටී තිදෙනෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site