(නිමන්ති රණසිංහ)
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරියගේ ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට අදාළව ඇතැම් ලිපි ලේඛන පසුව ලබාදෙන පදනම මත හැඳුනුම්පත නිකුත් කරන ලෙසට හිටපු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමෙන්තුවේ බලාත්මක නිළධාරිවරයා සාක්ෂි ලබා දෙමින් පැවසීය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඉදිරියේ අද (20) පැවති නඩු විභාගයේදි මෙලෙස සාක්ෂි ලබා දෙනු ලැබුවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමෙන්තුවේ බලාත්මක නිළධාරී පැලැද ලියනගේ ප්‍රභාත් රාජේන්ද්‍ර පෙරේරා මහතාය.
ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවේ හරස් ප්‍රශ්න සඳහා නඩුව ලබන දෙසැම්බර් මස 04 වැනිදා තෙක් කල් තැබිණි.
COMMENTS
අපි දැන් මේකටත් උපවාසයක් කරලා බලමු නේද?
ඔව් රෝහිත, මම මේ ගහක් හොයනවා නගින්න.
අනේ අපොයි!!. මගේ හැදුනුම් පත අලුත් කරන්න දීලා මාස 8 කටත් වැඩියි. එක තවමත් හදනවා. ලොක්කට එක නීතියක් සොක්කට තවත් එකක්. අනේ අපොයි නොකියා වෙන මොනවා කියන්නද?
යකෝ නැති ලියකියවිලිවලට හැඳුනුම්පත්?කොහොමද වේදිකාවල්වල ඉඳන් බෙරිහන් දෙන විදිහ.සිංහලයන්ව බේරගන්න ඉපදුනු පංචායුධ කුමාරයෝ නොදකින්..
මේ රට ගිහිල්ල තියෙන්නේ දේශපාලක නෝනලාට. රටේ සාමාන්‍ය සිවිල් නීතිවත් ඒගොල්ලන්ට අදාළ නැහැ. තරාතිරම බලන්නේ නැතිව වරදට දඬුවම් ලැබුනේ නැති නම් රටේ අනෙක් බවලත්තු ටිකවත් හදා ගන්න වෙන්නේ නැහැ.
මෙම විභාගයේදි මෙලෙස සාක්ෂි ලබා දෙනු ලැබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමෙන්තුවේ බලාත්මක නිලධාරී පැලැද ලියනගේ ප්‍රභාත් රාජේන්ද්‍ර පෙරේරා මහතා, බොරු සාක්ෂි දුන්නා කියල තුන්මුල්ලේ විමලේ සහෝදරයා ගිරිය කඩාගෙන වේදිකාවල තප්පුලන දිනය වැඩි ඈතක වෙන්න බැහැ ! හැදුවා කියන බහු උපන්දින සහතික කලට වෙලාවට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමෙන්තුවේ නිලධාරීන්ට භාර දුන්නා නම් "ලියවිලි දෙන්නත් කලින් හැඳුනුම්පත දීලා" කියල මේ මහතාට සාක්ෂි දෙන්න වෙන්න නැහැ නේ !
ඉතින් පසුව ඒව දීලද?
අපි යහපාලනයට ඡන්දේ දුන්නේ මේ නඩු ඉක්මනට අහළ දඩුවම් දිල රටේ මිනිස්සුන්ට ඉදිරියට මේව නොකරනන්න පාඩමකට. කෝ ඒත් නඩු කල්යනවට මොකවත් කරනවද ? මෙයාල වැරදි සේරම කරල ජාතිය ඉස්සරහට දාල කරන කතා කවද වෙනතුරු අහන්නද?
ඉතින් මේකද රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ.............
බලාගෙන ගියහම මේ දෙන්නගේ වයස කියන්න වෙන්නේ අවුරුදු වලින් නොවේ. පුත්තලම් බුරුවන්ගේ ගණනින්.
මොන තරම් අශීලාචාර බාල වැඩද? මේවට උපරිම දඬුවම් දිය යුතුමයි. එහෙම නැතුව මේ රටේ විනයක් ඇති කල නොහැක. .
මේ නිසා රජයේ නිලධාරින් අවුලේ...
වීරවංස මැඩම් දැක්කම කොමසාරිස්ගේ දනිස් වෙව්ලන්න ගන්න ඇති. අයි හප්පා ඒ දවස් වල තිබුන තේජස් වලට පොලිසියත් බයයි නේ?
ෂා නියමයිනේ. උපදින්න ඉන්න දරුවට කේන්දර හදන දෙපර්තුමෙන්තුවක්?
මේවා තනිකරම විදෙස කුමන්ත්‍රණ
දැන් මෙයාලද නිතිය, සදාරණය ගැන කතාකරන්නේ? මේවගේ කාලයකුත් රටේ තිබුනනේ?? අපි දැන් සතුටුවෙන්න ඕනේ, මේ සෙල්ලම් දැන්නම් ටිකක් අමාරුනිසා. මේ අපි දන්නා ටික, තව මොන වගේ වංචා දුෂණ වලට ඔය පවුල සම්බන්දද කියලා කවුද දන්නේ?
කොහොමද දේශප්‍රේමීන්ගේ වැඩ ?
ඕව ඔය ඉරිසියාකාරයෝ කියන කතා, මටනම් හොදටම විස්වාස ඕක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් , ඔය රජයේ නිලදරින්ට කොන්දක් කියල දෙයක් නැද්ද මම අහන්නේ , තමන්ගේ ඉහල නිලදරියගෙන් එන නියෝගය නීති විරෝධී නම් එක ක්‍රියාත්මක නොකර ඉන්න පිට කොන්දක් තියෙන නිලදාරී ලංකාවේ නැද්ද . පිටිගල මොකටද ඕයා එයට මැඩම් කියන්නේ, පාර්ලිමේන්තුවට බෝම්බ ගැහුවේ එයාගේ සහෝදරයෙක්නේ මතකද ඔයාට
මේ වගේ වැඩක් රටේ සාමාන්‍ය බවලතෙක් කළා නම් මෙලහකට අපේ පොලිසිය තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කරලා. ඕනෑම නොදියුණු රටක ප්‍රධාන ලක්ෂණයක් තමයි , දේශපාලක භාර්යාවන්ට ලැබෙන අසීමිත වරප්‍රසාද. රටේ මිනිස්සුන්ට හෙන ගැහුවත් දේශපාලක ලමාතැනීලා සතුටින් තැබීමේ සංකල්පය අදටත් ක්‍රියාත්මක වෙනවා .
වීරවංස මහත්තයාගේගෙදර ළමයෙක් මැරුණ දවස්වල වීරවංශ මහත්තය ගෙදර හිටියේ නැහැවගේ ජාතික හැදුනුම්පත ගන්න නෝනා දෙපාර්තමේන්තුවට ගිය දවසෙත් ගෙදර මගහැරලා හිටියද දන්නේ නැහැ..........
මෙයාගේ සැමියා රටේ හොරු අල්ලන්න හිරේ දමන්න කියලා බෙරිහන් දෙමින් වටේට යනවා. විදේශ ගමන් බලපත්‍ර වලට සාවද්‍ය තොරතුරු දීපු ගෙදරකින් ලජ්ජා නැතිව එලියට බැහැලා අනුන්ගේ හොර වැඩ ගැන කතා කරනවා නේ . රටේ සාමාන්‍ය කාන්තාවක් මෙහෙම වැඩක් කළා නම් මෙලහකට කෙස් වැටියෙන් ඇදන් ගිහින් කුඩුවට දමලා.
මේ කොමසාරිස් බැංකු සභාපති කෙනෙක් වෙලා හිටියනං ලියකියවිලි පස්සෙ දෙන්න කියල මෙයාලට බැංකු ණය එහෙමත් පාස් කරල දෙන්න මැනේජර්ලට නියෝග දෙයි.
මෙිවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ........
කිසිම උගත්කමක් වෘත්තීය සුදුසු කමක් නැති දේශපාලක පරපුරක් රටේ සිවිල් නීතියවත් නොදැන හිටි ගමන් මිලියන ගණන් හම්බ කරන් පොහොසත් වෙනවා. ඉන් පසු තමන්ගේ ඇඳුමේ වසුරු තිබෙන නොදැන රටේ මිනිස්සුන් ගේ හොර මැර සිවිල් නීති කඩ කිරීම් ගැන බෙරිහන් දෙනවා. ඔවුන්ගේ හාමිනේලා මාරි ඇන්ටනට් වගේ රටේ බදු මුදල් වලින් ජීවත් වෙනවා .
මෙයා ඡන්දෙට ඉල්ලුවොත් ඔය කෑ ගහන ලක්ෂ ගානක් ඡන්දෙ දෙනවා .
ඕක ලංකාවේ සිරිතක් ඇමති කෙනෙක් වෙන්න ඕනි නෑ ඔය සංස්ථාවක ආගමන විගමන එකෙ නිකන් පියන් කෙනෙක්ව අල්ලලා කීයක් හරි මිටි මෙල්ලෙව්වානම් වැඩේ හරි ලිය කෙවිලි හංගන්නේ නැහැ...............
ඕක තමයි කාර්යක්ෂමතාවය කියන්නේ.
මගේ පරණ හැදුනුම්පත අපහැදිලි නිසා අලුත් කරන්න ගියා.....මට 1979 නොමිලේ නිකුත් කරපු උප්පැන්න සහතිකේ තියෙන්නේ කියලා ඒක අලුත් කරන් එන්න කිව්වා...
මෙතුමන්ලා නැණවත බලයට ආ විට ඔය වැරදි නිලධාරීන් සේරටම ප්‍රතිචාර දක්වයි. පහුගිය කාලේ වගේම පාක්ෂිකයින්ට හොඳට සලකාවි. ඔය පාස්පෝර්ට් කතන්දරේ වැරද්දක් නෙමේ.
මෙතුමා ගැන සමහරුන්ට ලොකු වෛරයක් තියෙනවා. මෙතුමා කල වැඩේ ඇමතිතුමාගේ අයිතියක්.
උසාවියේදී කොමසාරිස් ජනරාල්වරයා නියෝග කළ බව මතක නෑ කිව්වනම් වැඩේ ඉවරයි ! ලොක්කෝ කොහොමත් ලිඛිත නියෝග දෙන්නේ නැහැනේ !
"ලංකාදීප" පුවතේ තිබෙන පින්තුරය දිහා බැලුවම අපට හිතෙන්නේ එකේ ඉන්නේ බොලිවුඩ් නිළියක් කියලා ! අපේ පොඩි එකා අහනවා ඇන්ටි මෙච්චර සායම් ගාල ඉන්නේ මොකොද කියලා. තුන්මුල්ලේ විමලේ සහෝදරයාගේ ප්‍රියම්භිකාව කියලා කියන්නත්, හිතන්නත් ගොඩක් අමාරුයි ... අනේ මන්ද !
කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ ඔන්න ඕවට තමයි.