IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලොම්බොක් දුපතේ භූමි කම්පාවෙන් 82 ක් මරුට

 

 

ජකර්තාහිදීය (රොයිටර්)

 

ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතට බලපෑ භූමි කම්පාවෙන් මියගිය ගණන 82ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එරට ආපදා බලධාරිහු පවසති. 

 

තවත් දහස් ගණනක් මුදාගෙන ඇතැයි ද ඉන්දුනීසියාවේ ජාතික ආපදා පාලනය කිරීමේ ආයතනය සඳහන් කරයි. තවදුරටත් එම මෙහෙයුම් ක්‍රියාත්මක වන බව ද එම ආයතනය සඳහන් කරයි. 

 

ඉන්දුනීසියාවේ උතුරු වෙරළ තීරයේ ලොම්බොක් දූපතට ඊයේ (5) බලපෑ මෙම භූ කම්පනයත් සමඟ සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට එරට බලධාරිහු පියවර ගත්හ. 

 

භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 7.0ක් යැයි ඇමෙරිකා එක්සත් ජනපද භූ සමීක්ෂණ ආයතනය සඳහන් කර තිබිණි. 

 

භූ කම්පනය ඇති වූ ස්ථානයේ ගැඹුර කිලෝමීටර 15ක් පමණ විය. 

 

භූමි කම්පාව හේතුවෙන් ගොඩනැගිලි රැසකට හානි සිදු ව ඇතැයි ද වාර්තා විය.  මෙම භූ කම්පනය සිදු වූයේ රික්ටර් මාපකාංක 6.4ක් ඉන්දුනීසියාවට බලපෑ සතියකට පසුවය.

 

සංචාරක පරාදීසයක් වන ඉන්දුනීසියාවට පසුගිය සතියේ බලපෑ භූමිකම්පාවෙන් 14 දෙනකු මියගොස් 162ට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. 

 

055



අදහස් (0)

ලොම්බොක් දුපතේ භූමි කම්පාවෙන් 82 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 74 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site