ජකර්තාහිදීය (රොයිටර්)
ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතට පසුගිය ඉරිදා (5) ඇති වූ භූමි කම්පාවෙන් මියගිය ගණන 319ක් දක්වා වැඩි වී ඇතැයි එරට බලධාරිහු පවසති.
එම භූමි කම්පාවෙන් මියගිය ගණන 91ක් යැයි පැවැසුණු අතර ඒ සම්බන්ධයෙන් නිශ්චිත වාර්තාවක් හෝ රජය කිසිදු ප්‍රකාශයක් අද (9) වන තෙක් ප්‍රකාශයට පත් කර නොතිබිණි.
ලොම්බොක් දූපතේ අද (9) තවත් භූමි කම්පාවක් ඇති වූ අතර එහි ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 6.9ක් ලෙස සටහන් ව තිබිණි. එරට නිලධාරීන් ඉරිදා ඇති වූ භූමි කම්පාවෙන් මියගිය ගණන ප්‍රකාශයට පත් කළේ ඉන් අනතුරුවය.
“ඉරිදා ඇති වූ භූමි කම්පාවෙන් මියගිය ගණන 319ක්” යැයි අද (9) ඉන්දුනීසියාවේ ප්‍රධාන ආරක්ෂක අමාත්‍ය විරන්ටෝ පැවැසීය.
ඉරිදා ඇති වූ භූමි කම්පාවෙන් පසු, පසුකම්පන කිහිපයක්ම ඇති වූ අතර අද (9) ඇති වූ භූමි කම්පාව ඉන් පසු ඇති වූ ප්‍රබලතම භූමි කම්පාව විය.
ඇති වී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් 270,000කට ආසන්න පිරිසක් අවතැන් වී ඇතැයි ද 1,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ද ඇතැම් අයගේ තත්ත්වය තරමක් බරපතළ යැයි ද ඉන්දුනීසියාවේ ආපදා කළමනාකරණ ආයතනය සඳහන් කළේය.
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලා දෙවියන් ගේ කැමැත්ත. සියලු දේ මවන්නෙත් විනාශ කරන්නෙත් දෙවියන්මය.
මෙවන් විපත් නැවත නොවේවා.!