IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ලක්ෂ 80ක රන් බඩු සමඟ කාන්තාවක් අත්අඩංගුවට

(කේ.ජී.කපිල )
 
රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ මෙරට ව්‍යාපාරික කාන්තාවක් අද (11)  අලුයම කටුනායක ගුවන් තොටුපොළ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .
 
 ඇය 54 හැවිරිදි වරකාපොල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවකි.
 
ඇගට හිර වන සේ හැද සිටි දිගු කළිසමේ සාක්කු වල මෙම ස්වර්ණාභරණ තොගය සගවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
 
ග්‍රෑම් 290 ක් බර අත් පළදනා තොගයක් සහ ග්‍රෑම්  945 ක් බර මාල තොගයක් මෙසේ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබුණි .
 

 සහකාර රේගු අධිකාරීවරුන් වෙත ඒ.එන්.ජේම්ස් සහ සම්පත් ජයරත්න යන මහත්වරුන් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
 
කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම් . ජාබීර් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ .



අදහස් (1)

ලක්ෂ 80ක රන් බඩු සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Bamunuarachchi Tuesday, 12 June 2018 05:48 PM

මේ පට්ටා හොරුන් කරන හොර වැඩනිසා පිටරට රැකියා කර එන කෙනෙකුට තම පවුලේ කෙනෙකුටවත් රන් ආබරණයක් ගෙනෙන්න බැරිවෙනවා. එම නිසා බඩු රාජසන්තක කිරීමට අමතරව ඉහලම දඩය ගහන්න ජීවිත කාලයටම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 452 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 460 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 414 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site