ඉන්දිකා රාමනායක
රුපියල් ලක්ෂ 55 ට අධික වටිනා හොරොයින් මත්කුඩු තොගයක් සමඟ ජාවාරම්කරුවෙක් හංවැල්ල පහත්ගම ප‍්‍රදේශයේ දී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම ජාවාරම්කරු වයස අවුරුදු 25 තරුණයෙක් බවත් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව හොරොයින් ග‍්‍රෑම් 505 ක ප‍්‍රමාණයක් තිබී ඇත.
මොහුගේ ජාවාරම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දීර්ඝ ලෙස විමර්ශනය කරමින් ඊයේ (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරු මේ සම්බන්ධයෙන් වැඩිදුර ප‍්‍රශ්න කිරීම සඳහා අද (8) සවස අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd