(සිතුම් චතුරංග)
යාපනය සිට පුත්තලම දක්වා රුපියල් ලක්ෂ 50 ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 37 ක ලොරි රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයින් තිදෙනකු අද (18) පුනරින් සංගුපිට්ටි පාලම අසලදී අත්අඩංගුවට ගත් බව පුනරින් පොලිසිය කියයි.
ලොරි රථයක සූක්ෂම ලෙස සඟවා මත්ද්‍රව්‍ය රැගෙන යන පිරිසක් පිළිබඳ පුනරින් පොලිසිය වෙත ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ගෙන තිබේ.
සැකකරුවන් දීර්ඝ කාලයක සිට අබිලි යකඩ ප‍්‍රවාහනය කරන මුවාවෙන් යාපනය සිට කේරළ ගංජා රැගෙන යාම සිදුකර ඇති බව පවසයි.
අත්අංගුවට ගත් සැකකරුවන් පුත්තලම ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ත් 24 ත් අතර වයසේ පසුවන්නෝ වෙති.
පොලිස් බාරයට ගත් කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් යාපනය සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් මිලදී ගෙන පුත්තලම ප‍්‍රදේශයට රැගෙන යන බවද පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 21
297
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
325
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1256
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ලක්ෂ 50 ක කේරල ගංජා සමඟ තිදෙනෙක් සැකපිට