( ටී.කේ.ජී.කපිල )
රුපියල් ලක්ෂ 47 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් චෙන්නායි සිට නීතිවිරෝධී ලෙස රැගෙන පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (28) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු කන්කසන්තුරෙයි , මයිලඩි උතුර ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි .
අද අලුයම 1.57 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ස්පයිසි ජෙට් ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක හෙරොයින් ග්රෑම් 320 ක් , මෙතැම්පටමයින් (අයිස්) ග්රෑම් 52 ක් සහ හෂීස් ග්රෑම් 230 ක් සගවා ගෙන පැමිණ සිටියදී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම පුද්ගලයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , දින 07 ක කාළයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කටයුතු කරමින් සිටිති .

(ඡායාරූපය - ප්‍රසාද් මුතුකුඩ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලගිය මුලගිය තැන සොයා සියලු දුෂ්ට යක්ෂයින් ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඩුවමකට ලක් කල යුතුය.
දැඩි දඩුවම් සමග ගුවන් ගමන් බලපත්‍රය අහෝසි කල යුතුයි. දඩුවම් ලිහිල් නිසා තමයි මෙවැනි අපරාධ අපේ රටේ වැඩි.
සාම දර්ශකෙන් ආපහු බහීද දන්නේ නැහැ .....
ගුවන්තොටුපොලෙන් දවසකට 12000 ක් විතර මගීන් සංඛ්‍යාවක් රටට එනවා. මේ හැමෝම විස්තරාත්මකව පරීක්ෂා කරන්න ගියොත් මිනිස්සුන්ට දවසක් විතර පෝලිමේ ඉන්නවෙයි. ඒක නිසා ඔත්තුවක් ලැබුනොත් නැත්නම් අවිශ්වාසයක් ඇතිවුනොත් විතරයි හොඳින්ම පරීක්ෂා කරන්නේ. එහෙම වුනාම අනික් මිනිස්සු අතරේ කොච්චර කුඩු ජාවාරම්කාරයෝ ඇතිද?