(ජුඩ් සමන්ත)
මීගමුව - කොප්පරා හන්දියේ සුපිරි වෙළද සැළක අලෙවි කිරීමට ගබඩා කර තිබූ බව කියන විදේශීය මත්පැන් බෝතල් 207 ක් සහ දුම්වැටි ඇසුරුම් 27 ක් අද(19) අත්අඩංගුවට ගත් බව සුරා බදු දෙපාර්තමේන්තුව කියයි.
අත්අඩංගුවට ගෙන ඇති විස්කි සහ දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 32 ක් වන බව වැටලීම කළ ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් ආර්.එම්.රත්නායක මහතා පවසයි. එම සුපිරි වෙළදසැලේ හිමිකරුවා සහ එහි කළමණාකරුද අත්අඩංගුවට ගෙන ඇතැයි ඒ මහතා කියයි.
කටුනායක ගුවන් තොටුපලේ තීරු බදු සාප්පු සංකීර්ණයෙන් විවිධ පුද්ගලයින් මාර්ගයෙන් මෙම මත්පැන් මිළදී ගෙන ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd