රුපියල් ලක්ෂ 17ක පමණ රට සිගරට් තොගයක් සමඟ චීන ජාතිකයකු (40) අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. සැකකරු සතුව කසිප්පු ලීටර 15ක් පමණ ද තිබී ඇත.
 
හම්බන්තොට වරායේ වැඩට පැමිණි බව කියන මෙම චීන ජාතිකයා ලංකාවේ වැඩ කරන තවත් චීන ජාතිකයන්ට හොර සිගරට් සහ කසිප්පු විකුණූ බවට සැක කරන බව පොලිසිය කියයි.
 
ඔහුගේ වීසා කාලය අගෝස්තු මාසයෙන් අවසන් වීමට නියමිතය.