
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මෝටර් රථයකින් රුපියල් ලක්ෂ 14 ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි හිටපු රක්ෂණ නියෝජිතයෙකු අංගොඩ කැළණිමුල්ල ප්‍රදේශයේ දී අද (15) අත්අඩංගුවට ගත්බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.
එම සැකකරු සන්තකේ තිබී මත්කුඩු ග්‍රෑම් 70 ක් සහ ජාවාරම සඳහා යොදාගත් බව කියන ජංගම දුරකථන තුනක් පොලිස් බාරයට ගෙන ඇත.
බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් කැලණිමුල්ල ප්‍රදේශයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන කිසියම් ජාවාරමක යෙදෙන බවට පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ බව පොලිසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන යනකොට කුඩු බොන ප්‍රමාණයටම කුඩු බිස්නස් කරන අයත් ඉන්නවනේ. හැම තරාතිරමක කෙනෙක් කුඩු බිස්නස් කරන අය ඉඳලා තිබෙනවා.