(ශිරාන් රණසිංහ)
ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපය ‘නිදහස් ගුවන් කලාපය’ක් බවට පත්කිරීමට අදාළ කෙටුම්පතක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මෙම පනත සම්මත වූ පසු ලෝකයේ ඕනෑම ගුවන් සමාගමකට අයත් ගුවන් සේවා සඳහා ශ්‍රී ලංකා ගුවන් කලාපය විවර කිරීම මෙහි අරමුණු වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වනවිට විශාල ලෙස පාඩු ලබා රටේ ආර්ථිකයට ද අති විශාල විනාශයක් සිදුකර ඇති නිසා නව ක්‍රමය හරහා වැඩි වහයෙන් ගුවන් යානා මෙරටට ගොඩ බස්සවා ගැනීම මෙහි අරමුණ වී තිබේ.
ඒ අනුව පාඩු ලබන මත්තල ගුවන් තොටුපල මෙන් ම කටුනායක ගුවන් තොටුපල ද ලාබ ලබන ආයතන බවට පත්වී සංචාරක කර්මාන්තය සහ ආයෝජන ද ඉහළ නැංවීම සැලසුම වී ඇතැයි ද හෙතෙම පැවසීය.
මෙම නව පනත සම්මත වුවහොත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම අහෝසි වී ශ්‍රී ලංකාවට ගුවන් සමාගමක අයිතිය අහෝසි වන බව එම සමාගමේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.
COMMENTS
පාඩු ලබනවා නම් තවත් මොනවටද ඕව තියාගෙන ඉන්නේ. අහෝසි කරලා ජනතාවගේ බදු බර අඩු කරන්න,