(කාංචන කුමාර ආරියදාස)
ශ්‍රී ලංකාවේ ඉඩම් මැන සිතියම් ගතකිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ඇමරිකාවේ ආයතනයකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය දී තිබෙන බවත් එම කැබිනට් අනුමැතිය ලබන තිස් වැනිදාට පෙර ඉවත් නොකළහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවත් රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමිදු උඩගොඩ මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ අද (24) දඹුල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.ඉඩම් අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී සිදු කෙරිණි.
“ශ්‍රී ලංකාවේ ඉඩම් මැනීම, සිතියම් ගත කිරීම ආදී සියලු කටයුතු ඒකරාශි කිරීම සඳහා ඇමරිකාවේ පිහිටි සමාගමකට ලබාදීම සඳහා වත්මන් ආණ්ඩුව මේ වන විට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. මේ සඳහා ඇමරිකාව ශ්‍රී ලංකා රජයට ණය මුදලක් ලබා දී එම මුදලින් ඇමරිකානු නියෝජිතයින් පැමිණ ශ්‍රී ලංකාවේ සිතියම් ගත කිරීම බරපතළ ප්‍රශ්නයක්.
මෙම ක්‍රියාවලිය නතර නොකළහොත් ශ්‍රී ලංකාවේ රක්ෂාවට බරපතළ ප්‍රශ්නයක් පැන නගිනවා. එමෙන්ම ඇමෙරිකාවෙන් ලබාදෙන විශාල ණය මුදලට වඩා ඉතා අඩු මුදලකින් දේශීය මිනින්දෝරුවන් සහ මිනුම් සහයකයන් යොදාගෙන ඉඩම් මැන සිතියම් කිරීමට හැකියාව පවතිද්දී අපේම භූමිය මැන සිතියම් ගත කිරීමට ඇමරිකාවට ලබා දීම බරපතල ප්‍රශ්නයක්“යැයි ඒ මහතා පවසයි.

COMMENTS
ඉතින් ඇඉ මෙච්චර කල් බලන් හිටියේ. පුළුවන් නං කරන්නනේ තිබුනේ... මේක තමයි අපේ රාජ්‍ය සේවකයින්ගේ හැටි... සුද්දෙක් එනකන් බලන් ඉඳලා දැන් උඩු බුරනවා.
ඔයිට හොඳා රට පාලනය කරන එකත් ඇමරිකාවට හරි චීනෙට හරි දුන්නා නම්.
රජයේ සේවකයෝ වර්ජනය කරකර රට කනකොට කාට හරි දීලා මේවා කරගන්න එපායැ...
මුළු පාර්ලිමේන්තුවම පිට රටකට පන්ගාතු කෙරුවා නම් නරකද?
ඕස්ට්‍රේලියාවේ සහ මැදපෙරදිග වැඩිහරියක් ඉන්නේ අපේ රටෙන් ගිය මිනින්දෝරුවෝ... නමුත් අපේ රටේ නොදියුණුකම කියන්නේ එවන් දක්ෂයෝ පැත්තකට දමලා ඇමරිකාවේ මිනින්දෝරුවන්ට රැකියා අවස්ථා සලසා දෙනවා.
ඇමෙරිකාවට නෙමෙයි, අපටත් රට දිහා ගූගල් වලින් බලන්න පුළුවන්...
මේ ඉඩම් මැනීම ඇමරිකාවටම ලබා දෙන එක හොඳයි. එකපාර වැඩි මුදලක් වැයවෙන එක නෙවෙයි ප්‍රශ්නය. අපේ මිනින්දොරුවෝ ඔය වැඩේ කළොත් ටිකටික ඔය වගේ දහගුණයක් වත් වැඩිපුර ගෙවන්න සිදුවෙයි. ඒ කරන වැඩෙන් වැඩේ විතරක් නෙමේ, රටත් අවුල් වෙනවා. කාට රිදුණත් ඒක තමයි තිත්ත ඇත්ත...
ඇමෙරිකාවට අප ගැන තව මොනවද දැනගන්න ඕනෑ?
මේ අයට මේක භාර දුන්නොත් වැඩේ ඉවර වෙනකොට ලංකාවේ භූමියත් වෙනස්වේවි..
හැමදේටම විරුද්ධ වෙන්නේ නැතිව වැඩක් කරගන්න පුරුදු වෙන්න වුවමනයි. අපි. ඇමෙරිකන් සමාගමක් මේක හරියට කරනවා නම් කමක් නැහැ. ලංකාවේ කට්ටිය කුලල් කකා ඉන්නවා විතරයිනේ. මෙපමණ කලක් මේක කරේ නැත්තේ මොකද කියලා හිතෙනවා ලංකාවේ පිරිස. ඇමෙරිකාවේ නෙවේ... ලංකාවේ වුණත් පුද්ගලික සමාගමකට දෙන්න ඕනේ කතා බතා නැතිව පිකටින් නැතිව කරගන්න. ලංකාවේ උගතුන් ගොඩක් දෙනා මහපරෙනේ ඉන්නේ පිකටින් කරගෙන. ආණ්ඩුවට ඒගොල්ලන්ගේ වැඩ කරගන්න දීලා සේවකයෝ තමන්ගේ වැඩේ හරියට කරා නම් හරිනේ. ආණ්ඩුව හරි නැතිනම් ඡන්දේ දවසේ වෙනස් කරන්න ඕනේ. එ්කනේ රටට දේශපාලන නිදහසක්, ඡන්දයක්, තියෙන්නේ. නාකි කට්ටිය පන්නලා වැඩ කරන ටිකක් පාර්ලිමේන්තුවට යවන්න. අමෙරිකාවෙන්ම උදාහරණ ගන්න. ට්‍රම්ප් ජනාධිපතිතුමා වෙන මොන රටකට විරුද්ධ වුණත් තමන්ගේ ඇමෙරිකාවට හොඳක් කරන්නේ. ඕනෙම ඇමෙරිකන් ජාතිකයෙක් එ්ක පිළිගන්නවා.
වෘත්තීය සමිතිවලට ඕනෑ විදියට කරන්න ඕනේ නම් ආණ්ඩුවක් මොකටද?
භූමිය මැනීම සහ සිතියම් ගත කිරීම ඇමෙරිකාව කළොත් හරියට ඒක හරියට කරයි. දැනුත් අපේ රටේ ඕන තැනක් අපි බලාගන්නේ ගූගල් මැප් එකට ස්තුති වන්ත වෙන්න. ඊට අමතරව ඒවා අන්තර් ජාතිකව බෙදාහැරීම මගින් ලංකා භූමියට ඇති වටිනාකම වැඩිවෙන අතර, විදේශීය යෝජනා අවස්ථා වුණත් පුළුල් වේවි. ලංකාවේ කට්ටිය මැනලා ඔය සිතියම් ටික හමස් පෙට්ටියක දාලා තිබුනොත් කාටවත් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ.
දැනටමත් සැටලයිට් වලින් මැනලා ඉවරයි ... ආයෙත් මොනවා මනින්නද? කලින් ආණ්ඩුව තියෙන කාලේ අර බිම් සවියද මොකක්ද එකක් දාලා අයිති කාරයෝ නැති ඉඩම්වලට කෙලින්නනේ බැලුවේ?
වැඩේ හරියට කරන මිනිහෙකුට දෙන්න එපාය ...උබලගේ වැඩ වර්ජන කර කර ඉඩම් මනිනකොට හද පායාවි.
මිනින්දෝරු දෙපාර්තමේන්තුව කියන්නේ සුදුමහත්වරු රටේ අවශ්‍ය තාවය ගැන සිතලා ලංකාවේ පිහිටවූ පැරණිම දෙපාර්තමේන්තුවලින් එකක්. 1800 අගෝස්තු 2 සිට J. ජෝහ්න්විල් සේර්වේ ජනරාලතුමාගෙන් පටන්ගෙන 1954 සී බී කිං දක්වා බ්‍රිටිෂ් සේර්වේ ජනරාලතුමන්ලා 21 දෙනෙකු මෙරටේ සේර්වේ ජනරාලවරු හැටියට සේවය කර ඇත. 1800 සිට මේ දක්වා රටට විසාල සේවයක් කල ඒ වගේම 2000 ගණන් දක්වා නොවෙනස්ව පවතී එකම දෙපාර්තමේන්තුව හැටියට අන්තර් ජාලයේ සටහන්ව ඇත. අවුරුදු 217 ක් මහාවැලි වැනි ඇති විසාල වියපෘති කලේ ඇමරිකාවෙන් හෝ වෙනරටකින් පැමිණි මිනින්දෝරු නොව ලංකාවෙන්ම උත්පාදනය වුන මිනින්දොරුවන්ගෙන් ය. ඔවුන් සේවය කලේ මහා කැළෑ වලය. ඒ රැකියාව බොහොම කර්කශ රැකියාවකි. නමුත් හරිම විනෝද ජනක රැකියාවකි. මිනින්දොරුමහතෙකුගේ වැඩ පරික්ෂාවට කැලේ කූඩාරමට පැමිණෙන ඉහල නිලදාරීන් මිනින්දූරු මහතාගේ වැඩ බලා අවසන් වී වැඩවල හොඳ නරක මිනින්දෝරු මහතා ළඟ තිබෙන උපදෙස් පොතේ සටහන් කරන්නේ ඊළඟට පැමිණෙන අනික් ඉහල නිලදාරියාටත් බලා ගැනීම පිණිසය. මෙහෙම සේවයක් කල පිරිසක් රජයේ අනිකුත් නිල දාරීන්ගේ ගණයට දමා කතා කිරීම ගැන කනගාටුවෙමි.
දියතලාවේ මිනින්දෝරු අභ්‍යාස ආයතනය හැරෙන්නට ලංකාවේ මොන අභ්‍යාස ආයතනයේද අක්කර ගණනක ක්‍රීඩා පිටියක් තිබෙන්නේ? 1967 දී දැක්ක විදිහට සිසුන්ට ක්‍රීඩා කිරීමට ටෙනිස් කොර්ට් 4, බැඩ්මින්ටන් කොර්ට් 2, බිලියඩ් මේස 3, ටේබල් ටෙනිස් මේස දෙකක් සහ හොඳ බාර් එකක් තිබණි. සිසුවන්ට සවස 7 න් පසු කලබ් එකේ රැඳී සිටීම තහනම්ය. රබර් සෙරෙප්පු දාගෙන එම තහනම්ය. ලංකාවේ විවිධ පළාත්වලින් පැමිණි විවිධ අදහස් වලින් පිරුණු ළමයින් එකම ක්‍රමයකට හැඩ ගැස්වීම් කළේ මෙතැනදීය. රජයේ අනික් ඉහල නිලධාරීන් සමග ලිපිගනුදෙනු කිරීම. රජයේ මුදල් පරිහරණය වැඩවල ප්‍රගතිය නිතර ඉහල නිලධාරීන්ට වාර්තා කිරීම වැඩවල නිරවද්‍යතාවය ගැන සහතික වීම මේ හැමදෙයක්ම එකම වහලක් යටදී පහුණු කළේය. වෙන මොන දෙපාර්තමේන්තුවේද එහෙම කරන්නේ? එසේ සිදු වුණේ මිනින්දෝරු දෙපාර්තමේන්තු සෑම නිලධාරියෙක්ම ඉහළ නිලධාරියට වැඩ ගැන වග කිව යුතු නිසාය. ඇමරිකන්කාරය මේ වැඩ බාර ගත්තත් කරන්න වෙන්නේ අපටමයි. සෞදි අරාබියේ සෞදි අැරම්කො ආයතනයේ වැඩකළ අපේ මිනින්දෝරු මහත්වරු ඇමරිකන් මිනින්දොරුවන්ට සමානව දක්ෂයින් බව ඔප්පුකර හමාරය. එමනිසා නොදන්නා දේ මෙතන නොලියන මෙන් ඉල්ලමි.
"භූමිය මැනීම සහ සිතියම් ගත කිරීම ඇමෙරිකාව කළොත් ඒක හරියට කරයි." ඔබ භූමිය මැනීම සහ සිතියම් ගත කිරීම ගැන දන්නේ මොන බම්බුවක්ද? අවුරුදු 217ක කාලය තුල මේ රටේ කරපු මහවැලි වැනි විශාල ව්‍යාපෘති කළේ කාගේ භූමිය මැනීම සහ සිතියම් වලින්ද? බෝවතැන්න විශාල උමගවල් පිහිටුවීමට ඇමරිකාවෙන් මිනින්දෝරුවන් ගෙන්වුයේ නැත. ඒවා කලේ මෙරටේ මිනින්දොරුවන්ය. එමනිසා මෙරටට විසාල සේවයක් කල මිනින්දෝරුවන් සහ දෙපාර්තමේන්තුව අපහාසයට ලක්නොකර තමන්ගේ ගොන්කම් ප්‍රදර්ශනය නොකර ඉන්නවා නම් ඔබගේ ඇඟට හොඳයි. අවුරුදු සිය ගාණක් පාවිච්චි කරන අඟලේ සිතියම පිළියෙල කළේ නවීන තාක්ෂණ ක්‍රමයට නොවේ. අදට සංසංදනය කරනවිට බොහොම යල් පැනපු ක්‍රමය කටයි. නමුත් එම සිතියමේ තිබෙන නිරවද්‍යතාවය දන්නේ ඒවා සමග වැඩකරන අය මිස නිකන් දොඩවන ඔබලා වගේ අය නොවෙයි.
සුමල් සහ බද්රානිගේ අදහස් නිවැරදියි. චන්ද්‍රිකා සහ ජීපීඑස් තාක්ෂණයෙන් වඩාත් නිවැරදිව අඩු වියදමකින් මෙය කල හැකියි. ඒවා ඩිජිටල් සිතියම්..
මෙතන මෙයාලා මේ කොලේ වහලා ගේම ගහන්න හදන්නේ. මේ තරම් කාලයක් මෙයාලා කලේ අර සුද්දෝ ගෙනත් දීපු පරණ උපකරණ ටික තියාගෙන එච්සීපී බෙල්ලාගේ කාලේ කරපු විදිහේ වැඩ. ඒ නිසා අද වෙනකොට මුළු රටේම ඉඩම් පිළිබඳව පවතින්නේ අවුල් සහගත තත්වයක්. කවුදෝ කීවා වගේ අර ගූගල් එකේ සිතියම් නැත්නම් අද අපි අනාතයි. ගමක පාරක්, ලිපිනයක් හොයාගන්න ගියාම විඳින දුකක්. ඒ වගේම ඉඩම් ඔප්පු සහ ලේඛන පරිගණක ගතවෙලත් නෑ. මෙයාලට ඒවාට තාක්ෂණයත් නෑ. ඉරිසියාවේ අඩුවකුත් නෑ. අලුත් ලෝකයේ කාගෙන් හරි ඉගෙන ගන්න ලැබිලා තියෙන අවස්ථාවක් කියලා හිතලා ඒකාබද්ධ වෙලා වැඩ කරන්න. ආයෝජකයෝ එන්නේ එවැනි පැහැදිලි වැඩ කරන රටකට විතරයි.
ජරාවකුත් කාලා වැඩේ ඇදඇද අවුරුදු ගාණක් තොරොම්බල් කර කර ඉන්න තිබ්බ චාන්ස් එක නැති වුණු එකේ දුක් අඳෝනාව තමයි ඔය ඇහෙන්නේ....
මේක ඉතා හොඳ වැඩක්. මෙතෙක් කල් මේ කළේ වවාගෙන කෑමක්. බිම්සවිය වැඩසටහන ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ කරන විදිහට ලංකාවේම ඉඩම් බිම්සවිය යටතේ ඔප්පු ලබාදීමට අවුරුදු 150 ක් විතර යනවා. ඒකට හේතුව මිනින්දෝරුවේ ඉඩම් මනින්නේ නැති නිසා. ඉක්මන් කරන්න කියලා දිරිදීමනාත් දුන්නා. හැම කෙනාම කෝටි ගණන් ගත්තා මැනලා තියෙන්නේ ඉඩම් කීයද? මාසෙකට එක් නිලධාරියකු කල යුත්තේ ඉඩම් කැබලි 30 ක් මැනීම පමණයි. ඊට වැඩිය මැන්නම එක් ඉඩම් කැබැල්ලකට රුපියල් 3000 ක් දෙනවලු. එක මාසෙට ඉඩම් කැබලි 150 කට වැඩිය කරනවලු. එතකොට ගාණ කීයද? ඒ මනින ඒවා 50% ට වඩා වැරදියි. ඊට පස්සේ කියනවලු සංශෝධනය කරගන්න කියලා. ඒක කරගන්න ඕනෑ පුද්ගලික මිනින්දෝරුවෙකුට කියලලු. ඒක කරන කෙනා කවුද කියලා මැනපු කෙනාම කියනවලු. පුද්ගලිකවම මැනගන්න රුපියල් 15000 සිට 25000 දක්වා ගන්නවලු. එතකොට කොහොමද බිම්සවිය නොමිලේ දෙනවයි කියන්නේ. එ්කට විසඳුමක් ලෙස තමයි.... ඉතා ඉක්මණින්, නිවැරදිව මනින ක්‍රමවේදයක් අවශ්‍යවෙලා තියෙන්නේ. එ්ක තමයි වගකිව යුතු රජයක් විදිහට පුළුවන් කෙනෙකුට කියලා කරවාගන්න හදන්නේ. කරගන්න පුළුවන් අයට කරන්න දීලා හිටියනම් හරි.
මෙම වෘත්තීය ගැන කිසිම බැරෑරුම් කමක් දන්නේ නැති අය මොනවා ලියනවද මන්දා? ලංකාවේ උතුරු ප්‍රදේශය නිවැරදිව මනීවිද? සිංහලයන්ට දෙවියන්ගේම පිහිටයි මීට ටික කාලයකට පෙර ලංකාවේ සිටි මැනුම් සම්බන්ධ ඉහළම නිලධාරියා ඇමෙරිකා සමාගමක් ඉදිරිපත් කළ මැනුම් ක්‍රමවල තිබු මායිම් සම්බන්ධ නොගැලපෙන ප්‍රමිතියක් නිසා කෝටි ගණනක් වටිනා ටෙන්ඩරය ප්‍රතික්ෂේප කළා. ඒ සමගම ගහක්, ගලක් වගේ හිටිය ඒ උගත්, නිලධාරියා තම රාජකාරි කාර්යාලයේදීම හදිසියේම මිය ගියා. දැන් සතුටුද?
ලෝකයේ දියුණු ක්‍රමවලින් ඉඩම් මනිද්දී අපේ රටේ මිනින්දෝරුවෝ සහ නීතිඥයින් ඒ කාලේ ඉඳලම ඒ ක්‍රම ගේනවට විරුද්ධ වුණා. මොකද ඒකෙන් වෙන්නේ ඉඩම් සම්බන්ධ නඩු අවුරුදු ගාණක් ඇදෙන් නැතිව යන එකයි, එකම ඉඩම දෙපාර තුන්පාර මිනින්න වෙන් නැති එකයි. එහෙම වුණොත් අහිංසක මිනිස්සුන්ගෙන්, සල්ලිවලින් තමුන්ගේ සාක්කුව පුරවගන්න බැරි වෙන එකයි වෙන්නේ.
මෙතන අදහස් පලකරන වැඩි දෙනෙකුට මේ විෂය ක්ෂේත්‍රය ගැන කිසිම අවබෝධයක් නැති බව පෙනෙනවා. එක අයෙක් කතා කරනවා ඉඩම් ඔප්පු ගැන. මෝඩ මිනිස්සු, ඒවා කොහෙද මිනුම් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙන්නේ? අපේ මැනුම් දෙපාර්තමේන්තුව තමයි, ඉංග්‍රීසි ආණ්ඩුව මේ රටේ ආරම්භ කරපු පළමුවැනි දෙපාර්තමේන්තුව. රජයේ මිනින්දෝරුවෝ, ඔය ඇමරිකාවේ එංගලන්තේ රටවල මිනින්දොරුවන්ට කිසිසේත් දෙවැනි නැහැ. හුඟක් දෙපාර්තමේන්තුවල ඉන්න සේවකයන් වැඩට දක්ෂ වුණත් අපේ ආණ්ඩු කැමති නැහැ .. ඔවුන්ගෙන් වැඩ ගන්න. පේනවනේ දුම්රිය දෙපාර්තමේන්තුවේ දක්ෂ ඉංජිනේරුවන් ඉද්දි රට ඉංජිනේරුවන්ගෙන් වැඩ ගන්න විදිහ? අපේ මිනිස්සුන්ගෙන් වැඩ ගත්තාම කොමිස් ගහන්න පිල්ලි ගහන්න බැහැ. අන්න ඒකයි හේතුව! ඔය සමහරු කියන විදිහට වඩා හොඳ සේවයක් ලබා ගන්න .. අපේ මේ ඔක්කොම දෙපාර්තමේන්තු රට රටවලට බෙදල දුන්නොත් හොඳට තියේවි නේද?
බැදුම්කරේ වගේ තමයි. රනිල්ගේ යාළුවන්ට හැදෙන්ඩ දීපන් බොලන්නේ......
කොළඹ ආවට 1-1000 පරිමාණයට ඇති සිතියම් සියල්ලම මැන ඇත්තේ නෝර්වීජියානු ආධාර ඇතිව අපේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන්. මේ සඳහා මිනින්දෝරු දෙපාර්තමේන්තුව සතුව ගුවන් යානාවකුත් තියෙනවා නේද?
දක්ෂ අය ලංකාවේ ඉන්න බව ඇත්ත වුණත් වැඩ කරන්නේ හිමිහිට, ඒ වගේම හරි ගණන්. බොරුව රජවෙලා. මේ හැම තැනකම පුද්ගලික අංශයට දුන්නොත් වැඩ ටික ඉක්මනට අඩුවට කරගන්න පුළුවන්. රජය යටතේ තිබීම තමයි ප්‍රධාන ප්‍රශ්නය. ප්‍රිවෙස්ටිශේෂන් ඇර වෙන විකල්පයක් නැහැ. හැම රටක්ම දියුණු වුනේ එහෙම තමා. අපි ආපස්සට යන්නේ මොකටද? අපි මන්කීස්ලා වගේ ජාතියක කියපු එක ඇත්ත නේද?
"ඒ වගේම හරි ගණන්. " නැතුව මොන එකකටද ලාබෙට කරන්නේ. ඔප්පුවක් ලීවාම ඔප්පුවේ ලියවුනු මුදලින් 1.5% ලෝයර් ගන්නවා. අක්කරයකට රු. 10000000 ඔප්පුවක් ලීවාම ලෝයර් ගන්නවා 150000 ගාස්තු හැටියට මිනින්දූරු ගාස්තු අක්කරයකට නම් රු. 50000 වේවි. ඉතින් ඒක වැඩිද? ප්ලැන් එක නැතුව ඔප්පුවෙන් වැඩකුත් නැත ඔප්පුව නැතිව ප්ලැන තිබිලත් වැඩක් නැත. ඉඩමේ අයිතිය පෙන්වන්න ඔය දෙකම තිබෙන්න ඕනෙය. වෘත්තින් වල ගාස්තු ගැන කතා කිරීමට අනිකයට අයිතියක් නැත. කැමතිනම් මුදල් ගෙවා කර ගන්න බැරිනම් නිකන් ඉන්න.
"දක්ෂ අය ලංකාවේ ඉන්න බව ඇත්ත වුණත් වැඩ කරන්නේ හිමිහිට," මොකටද හයියෙන් කරන්නේ? මිනිදෝරු ප්ලෑන් එක ඉක්මන් වුණා කියලා අනික් හැමදේම ඉක්මන් වෙනවාද. ලෝයර් ඉක්මනට ඔප්පු ලියනවාද? ඔප්පුව ඉක්මනට රෙජිස්ටාර් වෙනවාද. පගාවක් නැතුව ප්‍රාදේශීය සබාවේ අනුමත වෙනවාද? ඒ අනුමත වෙන්නත් කොපමණ කල් යනවාද?
"බොරුව රජවෙලා. " මොකක්ද ඒ කතාවේ තේරුම ඔබ සල්ලි දෙනවානම් ඔබේ ඉඩම ඔබට මැන දෙනවා අනික් කෙනාගේ ඉඩම කෑල්ලක් ඔබට මැන දෙන්නේ නැත. ඔබෙන් කෑල්ලක් අනික් කෙනාට දෙන්නෙත් නැත. මනින මිනින්දොරුවා ගන්නෙත් නැත. ඉතින් මොකක්ද "බොරුව රජවෙලා" කියන්නේ
වැඩේ හරියට කරන මිනිහෙකුට දෙන්න එපාය ... වැඩ වර්ජන කර කර ඉඩම් මනිනකොට හද පායාවි.