(ටී.කේ.ජී.කපිල )
නීතිවිරෝධී ක්‍රම භාවිතා කර ඕස්ට්‍රේලියාවට සංක්‍රමරණය වී සිටි ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු අද (17) උදෑසන එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ බව ගුවන් තොටුපොළ රාජකාරි කළමනාකාරීවරයා පැවසීය.
මෙම පිරිස අද උදෑසන 6.45 ට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට එරටට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එව තිබිණි.
මෙම ශ්‍රී ලාංකිකයන් එක් අයෙකුට දෙදෙනා බැගින් ඕස්ට්‍රේලියානු ආරක්ෂක නිලධාරීන් 36 දෙනෙක් ද මෙම ගුවන් යානයේ පැමිණ සිටියහ .
A- 319 එයා බස් වර්ගයේ මගීන් 160 දෙනෙකුට පමණ ගමන් කළ හැකි විශාල මගී ගුවන් යානයක් මෙම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජය යොදවා තිබීම ඕස්ට්‍රේලියාව මෙම පිටුවහල් කිරීම් සම්බන්ධයෙන් දක්වන උනන්දුව පෙන්වන කරන බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ලාංකිකයන් පිරිස පැපුවා නිව්ගිනියාවල පිහිටුවා ඇති රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තබා සිටි පිරිසක් බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය .
2025 දෙසැම්බර් මස 18
422
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලාංකිකයන් 18 ක් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරති
Nihal Tuesday, 17 July 2018 06:58 AM
එන්ඩ එපා කියලා කොච්චර කීවත් අහන්නේ නෑ.
ashan Tuesday, 17 July 2018 07:19 AM
බොරුකාර තැරැව්කරුවන්ට අහුවෙන්ඩ එපා. දැන් ඕස්ට්‍රේලියාවෙ හොර සංක්‍රමණිකයින්ට කිසි ඉඩක් නැහැ