රංජන් කස්තුරි
රුහුණු විශ්ව විද්‍යාලයේ පීඨ පහක් නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට එම විශ්ව විද්‍යාල පරිපාලනය අද (8) පියවර ගත්තේය.
රුහුණු විශ්ව විද්‍යාලයේ වැල්ලමඩම සංකිර්ණයේ පිහිටි කළමනාකරණ පීඨය, ධීවර ශාස්ත්‍ර පීඨය,විද්‍යා පීඨය, ධීවර පීඨය සහ තාක්ෂණ පීඨය යන පීඨ පහ එලෙස වසා දැමුණු බව රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානයක මහතා පැවසීය.
එම සියලුම පීඨවල සිසුන්ට අද (8) පස්වරු 3 ට පෙර නේවාසිකාගාර වලින් ඉවත්වන්නැයි ද විශ්ව විද්‍යාල පරිපාලනය දන්වා තිබිණි.
රුහුණු විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ශිෂ්‍යාවන් හතර දෙනකු විනය විරෝධී ලෙස හැසුරුණු බවට චෝදනා කරමින් එම ශිෂ්‍යාවන් නේවාසිකාගාර වලින් ඉවත් කිරිමට ඉකුත් දා විශ්ව විද්‍යාල පරිපාලනය තීරණය කර තිබිණි.
එම ශිෂ්‍යාවන්ට නැවත නේවාසික පහසුකම් ලබාදෙන ලෙස ඉල්ලමින් තාක්ෂණ පීඨයේ ශිෂ්‍යයින් පිරිසක් ඉකුත් බදාදා (6) විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපට විරෝධතාවයක නිරතව සිටියහ.
COMMENTS
මේ තරුණ පරපුර ඔක්කොම බලහත්කාරයෙන් තමයි ගන්න යන්නේ. අධ්‍යාපන ආයතනයක් වුනාම විනය නීති රීති අවශ්‍යයි. එහෙම ඉන්න බැරි නම් , ඉගෙනගන්න ළමයෙකුට වැදගත් විදියට පරිහරණය කරන්න නේවාසිකාගාර භාර දෙන්න. තමන්ට පුළුවන් ගෙදර ඉඳන් කැමති විදියට කටයුතු කරමින් සරසවියට එන්න . නේවාසිකාගාර කියන්නේ නාඩගම් මඩු නෙවෙයි.
විශ්ව විද්‍යෘල ඔක්කොම වහල දාන්න. එයින් රටට සිදුවන කිසිම පාඩුවක් නැහැ! ළමයින්ව කෘෂිකර්මයට යොමු කරන්න!