(සුජිත් හේවාජුලිගේ )
රැඳවුම් නියෝග යටතේ රඳවනු ලැබ සිටින මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා පාර්ලිමේන්තු රැස්වීම්වලට ලබන සතියේදී අනිවාර්යයෙන්ම කැඳවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී ඊයේ (13) එකඟ වී ඇත.
බදුර්දීන් මහතා ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට කැඳවන්නැයි විපක්ෂයේ ප්ර ධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම රැස්වීමේදී ඉල්ලීමක් කර ඇති අතර කතානායකවරයා ඊට එකඟ වී ඇත්තේ ඒ අවස්ථාවේදීය.
රිෂාඩ් බදුර්දීන් මහතා ඉකුත් සතියේ පැවති පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි කරවීමට කතානායකවරයා නියෝග දී තිබුණද කිසියම් හෝ හේතුවක් මත එය සිදු නොවීය.
බදුර්දීන් මහතා මැති සබයට නොකැඳවීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්රීවවරු එම රැස්වීම්වලදී කතානායකවරයාගෙන් ප්රණශ්න කළහ.
රිෂාඩ් බදුර්දීන් මහතා ත්රනස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන ඇති හෙයින් ඔහු මැති සබයට නොකැඳවන්නයි මහජන ආරක්ෂක අමාත්ය සරත් වීරසේකර මහතා කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා ඉල්ලීමක් කළේය.
බදුර්දීන් මහතා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා ගෙන සිටින්නේ පාස්කු ඉරුදින ප්ර හාරයට සම්බන්ධ සැකකරුවන්ට ආධාර අනුබල දෙන ලදැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් ප්රගශ්න කිරීම සඳහාය.
COMMENTS
පුදුම රටක් පුදුම නීතියක්
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
ආයෙත් ඇන ගනියි වගේ පේන්නෙ
රැඳවුම් භාරයෙන් පාර්ලිමේන්තු ගෙනෙන්න. ආපසු රැඳවුම් භාරයට යවන්න, ගෙදර යවන්න එපා. පාර්ලිමේන්තු ආ දවස් ප්‍රශ්න කිරීමට නියමිත දවස් වලට එකතු කරන්න. තොරතුරු ලැබුනොත් සඟවා ඇති ආයුද පෙන්වීමට ගෙනයන්න.
රිමාන්ඩ් හෝ සිර දඬුවම් දී තිබෙන්නේ යම් වැරැද්දකට වැරදිකරුවෙක් නිසා හෝ සැක කරුවෙක් නිසාවෙනි.