IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


රිෂාඩ් බදුර්දීන් ඇමැතිකමින් ඉවත් කළ යුතුයි - ඥානසාර හිමි

මුදිතා දයානන්ද 
 
විල්පත්තු වන සංහාරය ගැන විගණකාධිපති ප‍්‍රමුඛ කමිටු වාර්තාවට අනුව පරීක්ෂණ වලට ඉඩදී රිසාඞ් බදියුදීන් මහතා ඇමතිකමෙන් ඉල්ලා අස්නොවන්නේ නම් ඔහුව කණෙන් ඇදලා එළියට දැමිය යුතු යැයි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ  පැවසූහ. 
 
ඥාණසාර හිමියන්  මෙසේ පැවසූයේ අද  රාජගිරිය, නාවල පාරේ පිහිටි ශ්‍රී සද්ධර්මරාජක විහාරයේදි පැවති මාධ්‍ය හමුවකදීය.
 
මෙහිදි තවදුරටත් අදහස් දැක්වු ඥානසාර හිමියෝ මෙසේද පැවසූහ.
 
‘අපි විල්පත්තු වන සංහාරය ගැන කතා කරන්නේ 2014 වසරේ ආරම්භයේ සිටයි. අපි මේ ගැන මාධ්‍ය සාකච්ඡා පැවැත්වුවා.  2014 මාර්තු මාසයේ අපි මාධ්‍ය නිවේදනයක්  කළා. ඒ කාලේ රටේ අවාසනාවකට හැම කෙනෙක්ද අපේ පැත්තට ඇඟල්ල දිගු කළා අපි ජාතිවාදය අවුස්සනවා කියලා. අපිට තියෙන්නේ මුස්ලිම් විරෝධයක් කියලා කිව්වා. 
 
මේ වෙනකොට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ විගණකාධිපති ඇතුලූ කමිටුවේ විල්පත්තු වන සංහාරය ගැන කළ පරික්ෂන වාර්තාව එළි දක්වා තිබෙනවා. එහි තිබෙනවා විල්පත්තුවේ වන විනාශයක් සිදුව ඇති බව. රිසාඞ් බදියුදින් ඇමතිවරයාට එහි වගකීමක් ඇති බව. එදා අපි මේවා කියද්දි කිසි කෙනෙක් පිළිගත්තේ නැහැ. දැන්වත් මේ කමිටු වාර්තාවට අනුව ඉදිරි පරික්ෂන සිදුකර වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන්න අවශ්‍ය ඉඩකඩ සලසමින් නම්බු ඇතිව ඇමතිකම තබා ගෙදර යන්න කියලා අපි රිෂාඞ් බදියුදීන් ඇමතිවරයාට මතක් කරනවා.  
 
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් යම් යම් චෝදනා එල්ල වන විට රවි කරුණානායක මහතා ඉල්ලා අස්වුණා. විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් යම් ගැටලූ මතුවුණාම විධායක බලය භාවිතා කරලා ඔහුව ඇමතිකමෙන් ඉවත් කළා. ඇයි මේ දෙකෙන් එකක් වත් රිෂාඞ් බදියුදින් ඇමතිවරයාට අදාල කර නොගන්නේ?  විධායක බලය තියෙන්නේ කොස් කොටන්න නෙවෙයි. අවශ්‍ය විට භාවිතා කරන්න. පෙනේ පුප්පන්න් නැත්නම් නයාව වුණත් දරමිටිය බඳින්න ගන්නවා කියලා බුදුහාමුදුරුවොත් පෙන්වා දිලා තිබෙනවා. 



අදහස් (12)

රිෂාඩ් බදුර්දීන් ඇමැතිකමින් ඉවත් කළ යුතුයි - ඥානසාර හිමි

sena Tuesday, 26 December 2017 10:19 AM

අනේ හාමුදුරුවනේ ඕවා කවදා කෙරෙන වැඩද

:       119       289

nisar Tuesday, 26 December 2017 11:40 AM

බොහෝම අවිහිංසාවාදී ප්‍රකාශයක්. ගොඩක් පින්

:       324       268

iroshan Tuesday, 26 December 2017 12:49 PM

ජනාධිපති කමිටුව හදන්න ඇත්තේ ඡන්දය ලග එන නිසා වෙන්න ඇති. මේකෙන් කිසිම ක්‍රියාමාර්ගයක් වේවි කියලනම් හිතන්න බෑ

:       80       253

Bamunuarachchi Tuesday, 26 December 2017 02:09 PM

ඔව් අපේ හාමුදුරුවනේ

:       1       160

Bamunuarachchi Tuesday, 26 December 2017 02:17 PM

ඔව් අපේ අපේ හාමුදුරුවනේ. මේ ඇමති යැවීමට ජනතා මතයක් ගොඩනගන්න.

:       11       338

chinta Tuesday, 26 December 2017 05:35 PM

හාමුදුරුවනේ ,ජනතාව අවදියෙන්.

:       1       200

GihanWednesday, 27 December 2017 03:12 AM

කඳ පන නැති උන් අවධියෙන් හිටියට වැඩක් නෑ. මොකද කරකියා ගන්න දෙයක් නැති නිසා.

:       0       87

rocky Wednesday, 27 December 2017 01:10 AM

මොනවා .. ජනතාව අවදියෙන් කීව? හීනෙන්ද කතා කරන්නේ? ජනතාවට නින්ද ගියේ 1977 දී. එදා ඉඳල තවම සැපසේ බුදි! දැන් මේක දේශපාලුවන්ගේ පාරාදීසයක්.

:       0       14

Bamunuarachchi Wednesday, 27 December 2017 01:29 AM

මේවා නවත්වන්න මතයක් ගොඩ නගන්න.

:       0       107

Bamunuarachchi Wednesday, 27 December 2017 01:41 AM

අපේ හාමුදුරුවනේ අවිහිංසාව හැමතැනටම අදාළ නැතිබව මහජනයාට කියාදෙන්න. පුරාණයේ රජවරු රටවෙනුවෙන් යුද්දයට යාමට ප්‍රථම බික්ෂුන් වහන්සේලාගේ ආශිර්වාදය ලබාගත්තා කියා මතක්කර දෙන්න. රට පළමුව ජාතිය දෙවනුව ආගම තුන්වෙනුව බව පහදා දෙන්න. අපි අවිහිංසාව මුලට ගතහොත් රටත් ජාතියත් දෙකම නැතිවන්නේය.

:       24       147

Bamunuarachchi Wednesday, 27 December 2017 02:02 AM

අපේ හාමුදුරුවනේ රටවෙනුවෙන් කලයුතුදේ කවදා හෝ ඉබේ නොකෙරෙන බවත් කවදාහෝ ඉබේ කෙරෙනතුරු බලාසිටීම නිවට නියාලු මිනිසුන්ගේ හැටියක් බවත් පෙන්වාදෙන්න. මම වැලකෙමී යන පදය පන්සිල් පදවල කියවුනාට රට සම්බන්දයෙන් කටයුතු කරනවිට මම එය වලක්වමී කියා සමාදවියුතු බව කියන්න.

:       55       65

Thushara-Qatar Wednesday, 27 December 2017 05:30 AM

අපේ හාමුදුරුවනේ සිංහලය වශයෙන් අපි සුළුතරයක් වෙලා හමාරයි. සිංහලයට අල්ලපු මායිමේ එන්න එකට වින කරනවා හැර රටක් ජාතියක් ගැන හිතන්න මොළයක් නැහැ..ඔය මිනිහ හැම ආණ්ඩුවකම ඇමතිකමේ එනනවා. එකයි වෙනස.....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 23562 22

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18120 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10852 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 558 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 170 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 829 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site