
විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා නැවත වරක් විදේශ සේවයට අනුයුක්ත කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ඉකුත්දා පත් කරනු ලැබීය.
මෙරට විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු ලෙස සැලකෙන රවිනාථ ආර්යසිංහ මහතා මීට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයේ, වොෂින්ටන් අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිවරයා ලෙස සේවය කළ අතර බෙල්ජියමේ, බ්‍රසල්ස් නුවර ශ්‍රී ලංකා දූත පිරිසේ ප්‍රධානියා ලෙසත් ජිනීවා නුවර ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසත් කටයුතු කළේය.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත වශයෙන්ද කටයුතු කළ ආර්යසිංහ මහතා පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ 74 වැනි මහ මණ්ඩල සැසිය ඇමැතූ අතර ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වයද හෙබවීය.
රාජ්‍යතාන්ත්‍රික වගකීමක් ලැබෙන්නේද යන්න විමසූ අවස්ථාවේදී “මම නම් ඒ ගැන දන්නේ නැහැ. මුකුත් සාකච්ඡා කරලා නැහැ” යැයි රවිනාථ ආර්යසිංහ මහතා පැවැසීය.
රවිනාථ ආර්යසිංහ මහතා ශ්‍රී ලංකා විදේශ සේවයේ විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙස ඉතා ඉහළින් පිළිගැනේ.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්දැකීම් බහුල මෙවැනි දක්ෂයන් වයස නොතකා සේවය ලබා ගැනීම ඉතා ඥාණානන්විත ක්‍රියාවකි. ජනාධිපතිතුමනි, ඔබගේ මේ තීරණයට ගරුකරමි..
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔබතුමා විශ්ෂ්ඨ සේවයක් ඉටුකර ඇත. ඊට ගෞරවය පුදදෙන අතර ඉදිරියටත් ඔබතුමාගේ සේවය අප ඉතා ආදරයෙන් අපේක්ෂා කරමු. තෙරුවන් සරණයි..
මේ අපේ රූපවාහිනී සේවයේ හිටපු රවිනාත් ජයසිංහ මහත්තයාද?
සාමාන්‍යයෙන් අපි තානාපතිවරු ලෙස පත්කරලා යවන්නේ... විශ්‍රාමික දේශපාලකයන්, හමුදා නිලධාරීන්, වයෝවෘද්ධ කලාකරුවන් වැනි පුද්ගලයන්...
දුම්මල ගහලාවත් එලවන්න බෑ.... ජනාධිපති තුමාට ජයවේවා... නිවැරදි තීරනයක්.