IMG-LOGO

රයන් ජයලත් යළිත් රිමාන්ඩ්

(ඉන්දිකා රාමනායක)
 
සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුලූ වී එහි දේපළ වලට අනර්ථයක්  සිදු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ලබන 20 වැනි දා දක්වා යළි  රිමාන්ඩ් කිරිමට මාලිගාකන්ද අතිරේක මහේස්ත‍්‍රාත් මංජුල රත්නායක මහතා  අද  (11) නියෝග කළේය.



අදහස් (26)

රයන් ජයලත් යළිත් රිමාන්ඩ්

Rohitha Wednesday, 11 October 2017 10:59 AM

අයියෝ මේ වගේ මෝඩයෝ. නිකන් ලැබෙන අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගන්න බැරි හරක්. තමන්ගේ පාඩුවේ නොමිලේ දෙන අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන රැකියාවක් කරලා රටට, රටේ මිනිසුන්ට, තමාගේ පවුලේ උදවියට සහ රටේ ආර්ථිකයට උදව් වෙනවා මිසක මොනවද මේ ඉල්ලගෙන කන්නේ.... තමනුත් විනාශවෙලා රටත් විනාශ කරනවා.

:       1318       1195

buddikaWednesday, 11 October 2017 03:03 PM

තමුන්ගේ ගැන විතරක් ආත්මාර්ථකාමී විදියට හිතනවා නම් ඔබේ අදහස හරි, එ්ත් මොවුන් මේ දඟලන්නේ ඔවුන් ලැබූ නිදහස් අධ්‍යාපන වරම ඉදිරි පරපුරටත් රැක දෙන්නයි, ඔවුන් අද නිද්‍රාශීලිව හිටියොත් නැතිවෙන්නේ රටේ දුප්පත් දරුවන්ගේ අනාගතය මිසක් ඔවුන්ගේ නෙවේ. පාලකයන්ට ඕනෙත් ඔබ වගේ ආත්මාර්ථකාමී තනි තනිව හිතන මිනිසුන්ය. මේ තරමට හරි මේ රට රැකිලා ඉන්නේ තමුන් ගැන පමණක් නොසිතන මොවුන් වැනි සුළු පිරිසක් නිසයි.

:       1169       1330

ferWednesday, 11 October 2017 07:10 PM

ඔබගේ අදහස් වලට එකගෛ

:       2       109

SamanThursday, 12 October 2017 04:15 AM

අනේද කියන්නෙ..

:       21       3

channaThursday, 12 October 2017 04:17 AM

දරුවා , රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ගන්න ළමුන් ගණන අඩු කරලද? නෑ ! රාජ්‍ය විශ්ව විද්‍යාල වහලද? නෑ !! ඉගෙන ගෙන රටට සේවයක් කරන්න බලන් ඉන්න දරුවන්ට පෞද්ගලික විශ්ව විද්‍යාල බිහිකරන එක ට අකුල් හෙලන්නේ තම තුල තිබෙන කුහක කම නිසා නොවේද? අපි කවද හරි මැරෙනවා දරුවෝ.

:       417       372

sudeshThursday, 12 October 2017 07:37 AM

ඹබට තෙරුවන් සරණයි රයන් පුතේ. අනාගත දරුවන් වෙනුවෙන් ඔබ අද විදින දුක දවසක මල්පල ගැනෙනු ඇත

:       52       129

Fer Wednesday, 11 October 2017 11:16 AM

අනේ මේ මහෙස්ත්‍රාත් තුමාට අනිත් නඩුත් දුන්නානම්........

:       110       102

Lapaya Wednesday, 11 October 2017 12:09 PM

ඉගෙන ගන්න අයට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ මෙයාලා ඉගෙන ගන්නෙත් නැහැ. පන්ති වර්ජනය කරගෙන, රජයේ දේපල විනාස කරගෙන විසදන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි මේවා. සාකච්චා මාර්ගයෙන්, චන්දෙන් විසදිය යුතු ප්‍රශ්න.

:       266       284

jayampathi Wednesday, 11 October 2017 12:10 PM

රටේ පුද්ගලික විශ්වවිද්‍යාල නැතිනම් 100% ක් ම අධ්‍යාපනය ලැබීය යුත්තේ රජයේ විශ්වවිද්‍යාල වලයි . එතකොට ඇති හැකි නැති බැරි හැමදෙනාම රජයේ විශ්ව විද්‍යාලවල පිරි යනකොට ඉඩකඩ සීමිත වෙනවා....ඉතින් පුළුවන් අයට අධ්‍යාපනය හැදෑරීමට ප්‍රමිතියකින් ඇති පුද්ගලික විශ්ව විද්‍යාල තව තවත් ඇති කල යුතුයි...මෙයින් සිදුවන්නේ නිදහස් අධ්‍යාපනයට රුකුලක් නෙමෙයිද ? මෙයන් තවත් පිරිසකට විශ්වවිද්‍යාල වරම් ලැබෙනවා නේද ? උදාහරණයක් වශයෙන් රටේ පුද්ගලික පාසල් නොමැතිව රජයේ පාසල් පමණක් තිබුණොත් කොහොම තද බදයක් ඇතිවේවිද ? මේ සත්‍යය මෙම හරක් රැලට තේරුම් ගන්න බැරිද ? මේ බොරු මෝඩ තර්ක සියල්ල දේශපාලන අරමුණක් නිසා මිස නිදහස් අධ්‍යාපනය නිසා නොවේ. අද ඇත්තට සිදුවී ඇත්තේ මොවුන් විසින්ම නිදහස් අධ්‍යාපනය කඩාකප්පල් කර දැමීමයි.

:       139       483

ජගාThursday, 12 October 2017 04:12 AM

ඔය කියන්නේ රජයේ වෛද්‍ය පීඨ වලට ඇතුලත් වෙන්න හැකියාව තිබුනනම් ඒත් සයිටම් ළමයි ලක්ෂ ගණන් ගෙවලා සයිටම් ආයතනයට බැදෙනව කියලද?මට ඒ ගැන විශ්වාස නැත.

:       44       94

channaThursday, 12 October 2017 04:21 AM

මා කියවූ වටිනා සත්‍යක්‌.

:       1       31

Rohan Wednesday, 11 October 2017 12:17 PM

මේ අයට ආණ්ඩුව වියදම් කරන මහජන මුදල් අපරාදේ. මේවගේ ශිෂ්‍ය නායකයන් ලෝකේ කිසිම රටක විශ්වවිද්‍යාල එපා කියල පාරවල් වල පෙළපාලි යන්නේ නැහැ. වෙන රටවල ශිෂ්‍ය නායකයන් තව තව විශ්වවිද්‍යාල ඉල්ලනවා. තරුණ පරපුර විනාසයි.

:       276       237

naradha Wednesday, 11 October 2017 12:52 PM

මේ මහත්තයා වගේ කෙනෙක් ඉදිරි කාලයේදී රටේ නායකයෙක් වුණොත්, එක සුමානෙන් රට ගල් යුගයට ගෙනියයි!

:       77       190

PereraWednesday, 11 October 2017 03:08 PM

නාරද! මේ වගේ කුහකයින්ට මහත්තය කියා ආමන්ත්‍රණය කරන්න එපා.

:       133       190

dias Wednesday, 11 October 2017 01:43 PM

මේ මිනිහා නිදස අධ්‍යාපනය කියන එකේ වටිනාකම දන්නැති බුරුවෙක්. ඔය පෙරටුගාමින්ට ප්‍රාදේශීය සබහ චන්දෙදි අමතක නොවන පාඩමක් උගන්වමු.. ඔවුන්කඩාකපල්කාරින් . දොස්තරලාත් ප්‍රාදේශීය සාහ චන්දෙට ආවොත් හොඳයි. ඒ ගොල්ලන්ගේ බලය බලන්ඩ.

:       263       201

purawasiya Wednesday, 11 October 2017 01:55 PM

රට විනාස කරන බල්ලන්ට සාප කරනවා.

:       65       156

Chaminda Wednesday, 11 October 2017 04:04 PM

සේවින්ග් ප්‍රයිවට් රයන්!

:       1       37

nishantha Wednesday, 11 October 2017 04:44 PM

රයන්ට ජයලත් කෙනෙක් වෙන්න බැරි පාටයි.. නම රයන් පරාජයලත් වුනානම් හරි

:       2       56

hesa Wednesday, 11 October 2017 05:03 PM

මේ තරමට මේ රට පිරිහෙන්නේ මොවුන් වැනි පිරිස් නිසයි. තවත් කෙනෙක්ගේ අනසකට රටේ දේපල වලට හානි කරමින් තමන්ගේ අනාගතය ඇයි විනාස කර ගන්නේ

:       20       134

ධනුෂ්ක Thursday, 12 October 2017 02:10 AM

මෙතන රයන්ට බැනලා තියන්නේ කිසිම සදාචාරයක් නැතුව. වැස්සකටවත් කැම්පස් තියා ඉස්කෝලෙවත් ගිහින් නෑ වගේ. මේ තරම් වෛරයක් තියෙන්න මන් හිතන්නෙ කෝටියක් දීලා දොස්තරලා වෙලා. ලෙඩ්ඩු මරන් කන්න හීන මවපු අය‍ට රයන්ලා නිසා වැඩේ බැරි වුනානේ. රයන්ලා නැත්තන් අද නුඹලා සුදුසුකන් නැති දොස්තරලා. හැබැයි රයන්ලා ලංකාවට විතරක් නෙමේ ලෝකෙටම ඔප්පු කලා සයිටම් කියන්නේ මොකද්ද කියලා. එ්කට ඔයාලට අවුල් නේද? කෝටියක් කියන්නෙ සෙල්ලන් ද? ඔයාලට අවුල් යන එක සාධරණයි.

:       109       228

SamanThursday, 12 October 2017 04:58 AM

මෙයා හමදාම කියන්නෙ "වැස්සකටවත් කැම්පස් තියා ඉස්කෝලෙවත් ගිහින් නෑ වගේ " කියල.. කැම්පස් සහ ඉස්කෝල තියෙන්නෙ වැස්සට යන්න නෙවෙයි.

:       8       11

විකුම් රංගන Thursday, 12 October 2017 10:32 AM

ධනුෂ්ක ඔයාගේ කතාවෙන් තේරෙනවා ඔයා වැස්සට නොතෙමී ඉන්න ඉස්කෝලෙකට ගොඩවෙලා තියන බව. මෙතන අනුන්ට අපහාස කරලා කයිවාරු ගැහුවාට මොලේ තරම ගැන අපට හිතා ගන්න පුළුවන්. සයිටම් එක වහන්න කියලා මහපාරේ කෑ ගහලා වැඩක් නැහැ. සයිටම් එකෙන් විතරක් නෙමේ, තව බොහෝ ආයතන වලින් වැඩ බැරි ටාසන්ලා එලියට එයි, හැබැයි ක්ෂේත්‍රයේ රැදී ඉන්න බැහැ. අනික ඉතින් තමන්ට වැඩිය රට ගැන හිතන අයට පුළුවන්නේ රජයේ රෝහල් වල පමණක් සේවය කරන්න. එතකොට සුදුසුකම් නැති සයිටම් දොස්තරලාගෙන් කවුද, මුදල් ගෙවලා බෙහෙත් ගන්නේ. අනික නිදහස් සෞඛ්‍යය සේවයත් රැකෙනවනේ. නිකම් බොරු බයිලා ගහලා වැඩක් නැහැ. පිනට උගන්වන එකෙන් තමනුත් යමක් කරගෙන රටටත් ණය නොවී ජීවත් වෙන්න උත්සහ කරන්න. මෙතන රටේ මිනිස්සුන්ට පව් නොදී.

:       1       0

කසුන්Thursday, 12 October 2017 01:26 PM

ඔය වටින් ගොඩින් කීවෙ ආණ්ඩුවෙ ඉස්පිරිතාලවලට සයිටම් දොස්තරලව එවන්න එපා අහිංසක මිනිස්සුන්ගෙ ආරක්ෂාවට, හැබැයි කැමතිනම් කැමති කෙනෙක් සල්ලි දීල බෙහෙත් ගන්න විතරක් එයාලව පෞද්ගලික අංශයෙ තියන්න කියලද?

:       0       0

Bimal Thursday, 12 October 2017 08:17 AM

හරි එතකොට කවුරු හරි රයන්ගේ ගෙදරට කඩන වැදිලා බඩු මුට්ටු පොලවේ ගැහුවොත් , රයන් නිකම් බලාගෙන ඉඳීවිද ? ඔය නිදහස් අධ්‍යාපනය වගේම තමයි බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් ගත්තු රාජ්‍ය දේපල ! වෙන රටක ඉපදුනා නම් ජීවිතේටම රජයේ රැකියාවක් කරන්න සුදුසුකම් නැති වෙනවා. තමන්ගේ මුදලින් ඉගෙනගෙන යසට ඉගෙන ගනීවි.

:       43       83

Ravi Thursday, 12 October 2017 09:02 AM

මෙතන ලියපු සමහරු රයන්ගේ ගෙදර උදවියද කොහෙද? මට නම් හිනා යනවා ලියලා තියන දේවල් වලට.... හරියට කන්නංගර මහත්තයාත් රයන්ට දෙවැනි වගේනේ. නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකද්ද වත් නොදැන නිදහස් අධ්‍යාපනය ගැන පෙරලි කරනවා. ඉගෙන ගැනීම මිනිසාගේ මුලික අයිතියක් . ඒක රයන්ගේ පවුලේ උදවියට සහ බන්දු මිත්‍රාදීන්ට පමණක් ලියපු බලපත්‍රයක් නෙවෙයි. මට සයිටම් ගැන කැක්කුමක් නැහැ . එත් කුහක තරුණ පරම්පරාව ගැන කනගාටුයි.

:       0       0

රොෂාන් Thursday, 12 October 2017 10:52 AM

මේ වගේ අය ගැන කතා කරන්න ඔබලාගේ වටිනා කාලය වැය කිරීමත් පවක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 439 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 876 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site