(ඉන්දිකා රාමනායක)
වෛද්‍යපීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට යාමේ සිද්ධියේ දී පොලිසිය අතින් රාජකාරි අතපසුවීමක් හෝ වැරැද්දක් සිදුව ඇතිද යන්න සොයා බැලීම සඳහා පොලිස්පතිවරයාගේ නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙසට පොලිස්පතිවරයා බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාට දැනුම් දී ඇත.
රයන් ජයලත් අත්අඩංගුවට ගැනීම පොලිසිය එම ස්ථානයට ගියේ පසුගිය ජුනි මස 21දා සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත් කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට හානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ පැවැත්වෙන නඩුවකට අදාළව බවත් ඔහු පොලිසියට අවශ්‍ය කරන සැකකරුවකු හෙයින් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු අවශ්‍ය නොවන බවත් රුවන් ගුණසේකර මහතා කීය.
මෙම සිද්ධියට අමතරව රයන් ජයලත් ට කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් ඇති බවත් අධිකරණ නියෝග නොතකා විරෝධතාවක් පැවැත්වීම හේතුවෙන් කොල්ලූපිටිය පොලිසිය මොහුට විරුද්ධව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ (බී 3049) අදාල නඩුවට කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුක් කර ඇති බවත් පොලිස් ආරංචි පවසයි.
COMMENTS
ඔය විදියටම බොරුවට වෙඩි තියාගත්ත සමීර සෙනරත්නවත් අත්අඩංගුවට ගන්නනවද ? මේ ආණ්ඩුවේ නිරුවත දැන් හෙළි වෙලා ඉවරයි
ඔය අන්තරේ නිසා අහිංසක, ඉගෙනීමට ලැදි බොහෝ දුෂ්කරතා ඇති සිසුන් කීදාහකට සරසවි වරම් ලැබිලත් එය කඩාකප්පල් වී යන එන මං නැති වුණාද? මේ අයට දඬුවම් දීලා ශිෂ්‍ය භාවය අහෝසි කරන්න.
මේ කොල්ලට තියෙන්නේ නිදහස් අධ්‍යාපනය රැකදෙන්න කියලා සටන් කරලා වරෙන්තු අාපු නඩු, මිනිස්සුන්ගේ දේපල කෝටි ගණන් නාස්ති කරපු අයට රුපියල් දෙදාහක් දඩ ගහලා එලියට දාන්නයි. බොරු පැමිණිලි දාලා ලැජ්ජා වුණා.. කෝ ඒවාට නඩු අපි අහන්නේ, සමහරුන්ට කොහොමත් තේරෙන්නේ නැහැ. මොවුන් කරන අරගලය, තමුන්ගේ ළමයකුටවත් උගන්නන්න. ඒ අය හරි කවදා හරි අහයි දවසක ඇයි අපිට දොස්තර කෙනෙක් වෙන්න බැරි අපි දුප්පත් නිසාද සල්ලි ගොඩක් නැති නිසාද කියලා? එදාට පරක්කු වෙලා තියෙයි.
රුවන් ගුණසේකර කියන විදියට මෙයා පොලිසියේ සැකකරුවෙක් විතරයි. සැකකරුවෙක් කියන්නේ වැරදීකරුවෙක් නොවෙයි. එහෙම කෙනෙක් අත්අඩංගුවට ගන්න යනවනම් නිල ඇදුම් ඇතුව එක නිලදාරියෙක් වත් නොගියේ මොකද.
වහාම සිර දඬුවම් ලබා දෙන්න... රටේ ඉගෙන ගන්න ළමයින් වෙනුවෙන් කලයුතුම දෙයක්...
රිචර්ඩ් මහතා අධ්‍යාපන ඇමති ලෙස හදපු සිරිධර්ම විද්‍යාලයෙන් බිහි වෙච්ච කෙනෙක්... එතුමා හිටියා නම් මෙලහකටත් හිරේ දාලා...
කියන්න සරල සුගම සභාසීලි වචන ඉතිරිවෙලා .. පාරේ ඉන්න ළමයි වෙනුවෙන් සයිටම් වහන්න. අනාගත පරපුර රකින්න. මොවුන් අපේ දරුවෝ 12000 ට වැඩි 1000 ට වැඩි මේක කල්නොයවා විසඳන්න. දෙමාපියෝ පීඩනයක ඉන්නේ....
අද රූපවාහිනයේ දැක්කා මේකට එී.එම්.ඕ.ඒ අයත් විරෝධපාලා ආයෙමත් වර්ජනය කරනවලු...
මේ තැනැත්තා අත්අඩංගුවට ගත්තාය කියා ඇතිවන සුගතිය කුමක්ද? නිකරුනේ කාලය සහ පොලිස් ශ්‍රමය වැයවෙන දෙයක්.
වෙනත් රටවල සිසුන් කම්කරු රැකියා කරමින් කරමින් අතින් සල්ලි ගෙවා ඉගෙන ගන්නේ. අපේ ළමයින්ට මොන්ටිසෝරියේ සිට පරස්තාව දක්වාම රටේ මිනිස්සුන්ගේ බදු මුදල් මත යැපෙමින් ඉන්න බලාපොරොත්තුවෙන් , අරගල කිරීම ඇරෙන්න වෙන වැඩක් නැහැ. මේ උදවියට රජයේ රැකියා දුන්නොත් පිනට පඩිය අරන් දවසෙම උද්ගෝෂණ කරාවි. හැබැයි ඊළඟට හෙමිහිට බටහිර රටකට සංක්‍රමණය වෙලා පුසෝ වගේ එහෙ ජීවත් වේවි. ඔය මහා ලොකු උසස් අධ්‍යාපන අරගල නියමුවන් තලතුනා වයස වෙනකොට පවුල් පිටින් එංගලන්තයේ නැති නම් ඔස්ට්‍රේලියාවෙ..බොරු නම් සොයා බලන්න.
අප්පච්චි පාලනය තිබ්බනම් රයන්ලා, ලහිරුල මෙහෙම ප්‍රශ්න වලට ගොදුරු වෙන්න තිබ්බ ඉඩ කඩ බොහොම අඩුය , එවැනි පසුබිමක මොවුන් උද්ගෝෂණ කරන්නවත් , සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා පනින්න යන්නේ නැහැ , විශ්ව විද්‍යාල තුලට වී ඉගෙන ගන්නවා , මේ ඔක්කොටම මුල යහපාලනය , යහපාලනය ලංකාවට නොගැලපේ , ලංකාවට ගැලපෙන්නේ ප්‍රේමදාස , ඝෝටාභය මොඩල් එකේ පාලනයකි
පොලිස්පති තුමෝ, මේකට පරීක්ෂණ පවත්වනවා වගේම අර පෙළපාලි වලදී පොලිස් නිලධාරීන්ට පෙරලගෙන පහර දෙන ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි කියලාත් සොයන්නත් කොමිසම් පත් කරන්න.
සයිටෙම් සිද්දියෙන් වවාගෙන කන්නේ රාජිත සහ නෙවිල් ,රෝහල ආණ්ඩුවට ගත්ත කියල පත්තර වල දාන්න සල්ලි කොහෙන් ද? අපේ බදු සල්ලි නොවේද ? ඇත්තටම් රෝහල බදු අරගෙන අපේ සල්ලි විනාශ කරනවා
විශේෂ යමක් අනවශ්‍යයි අත්අඩංගුවට ගන්න. මොකද්ද මේ කල වැඩේ ..? හත් පොලේ ගාගත්තනේ ආණ්ඩුවයි පොලිසියයි ,හැමෝම...! .කවුද මේ අනුවණ වැඩේට නියෝග දුන්නේ...?. මොහු නීත්‍යානුකූලව අත් අඩංගුවට ගෙන අර අණුවන ක්‍රියාවට නියෝග දී ජාත්‍යන්තරව රට, රජය, ජනපති, අගමැති ඇතුළු අධිකාරීන් අපහසුතාවට පත් කළ සියලුම බලධාරීන් ගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් කල යුතුමයි. නිවට ඇම්බැට්ටයා දැක්කම එළුවාත් රැවුල පානවලු " මගෙත් රැවුල කපපන් " කියලා ..!