(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම නගරයේ රූපලාවන්‍යාගාරයක සේවය කරමින් සිටියදී අභිරහස් ලෙස මියගිය තරුණ රූපලාවන්‍ය ශිල්පිනියකගේ මළ සිරුර අද (13) එම රූපලාවන්‍යාගාරයේ පුටුවක් මත තිබියදී සොයාගත් බව මීරිගම පොලිසිය කියයි.
මීරිගම පස්යාල පාරේ ගොඩනැගිල්ලක උඩු මහලේ පිහිටි රූපලාවන්‍යාගාරයක තරුණියක වැටී සිටින බවට ලත් තොරතුරක් අනුව හදිසි ගිලන් රථ සේවය එහි ගිය අවස්ථාවේදී මෙම තරුණිය මියගොස් ඇති බව හෙලිවීමෙන් පසු පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
අපරාධ ස්ථාන පරීකෂක නිලිධාරීන් සිද්ධිය වූ ස්ථානය නීරීක්ෂනය කළ අතර මේ පිළිබදව අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුනු වාර්තා කර මහේස්ත‍්‍රාත් පරීක්ෂනයක් පැවැත්වීමට නියමිතව තිබිනි.
මීරිගම පොලිසිය සිද්ධිය සම්බණ්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් අපි මොනවද මේකට ලියන්නේ?
ප්‍රාදේශීය සභා කාරයෙක් කොහෙන් හරි ගෑවිලා ඇති !!!