හර්ෂණ තුෂාර සිල්වා
ඉතිහාසයේ පහළම අගය වාර්තා කරමින් ශ්‍රී ලංකා රුපියල අද (16) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 161.54ක් දක්වා පහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (16) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 161.54 ක් වූ අතර ගැනුම් අගය 158.34ක් විය.
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව පසුගිය ජූනි මස (18) වැනිදා ශ්‍රී ලංකා රුපියල 161 ඉක්ම වීය.
ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන ආර්ථික දත්තවලට අනුව මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට අගෝස්තු 10 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.5කින් අවප්‍රමාණය වී තිබේ.
මේ අනුව රුපියල මෙතරම් අගයකට පහත වැටුණු පළමු අවස්ථාව මෙය විය. ඉකුත් පෙබරවාරි මස පැවැති පළාත් පාලන ඡන්දයෙන් පසු දේශපාලන ක්ෂේත්‍රයේ ඇති වූ අස්ථාවරත්වයත් සමඟ රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වෙමින් තිබේ.
ගෝලීය වෙළෙඳපොළ තුළ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වෙමින් තිබෙන බවත් ඊට සාපේක්ෂව අනෙක් රටවල මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව මේ මස ආරම්භයේදී සඳහන් කළේය. අනෙක් රටවල මුදල් ඒකක අවප්‍රමාණය වීමට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇත්තේ අඩු වේගයකින් බව ද මහ බැංකුව සඳහන් කළේය.
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අනෙක් රටවල මුදල් ඒකක ඉතා වේගයෙන් අවප්‍රමාණය වෙමින් තිබෙන ඉන්දීය රුපියල අඟහරුවාදා (14) වාර්තාගත අයුරින් 70.1ක් දක්වා පහළ වැටුණු බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන රුපියල මේ වසර අවසන් වනවිට ඩොලරයට සාපේක්ෂව 163ත් 165ත් අතර අගයක් දක්වා පහත වැටෙනු ඇතැයි ගනුදෙනුකරුවන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මීට පෙර අවස්ථාවකදී වාර්තා කර තිබිණි.
“ගෝලීය ප්‍රවණතා හේතුවෙන් රුපියල පීඩනයකට ලක්ව තිබෙනවා. එය රුපියලට පමණක් විශේෂ තත්ත්වයක් නෙමෙයි. ගෝලීය ප්‍රවණතා හේතුවෙන් තමයි මේ තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ. ඩොලරයට සාපේක්ෂව ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙනවා” යැයි රොයිටර් පුවත් සේවයට අදහස් දැක්වූ ගනුදෙනුකරුවකු මීට පෙර පවසා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියලට අපමණ අගයක්.
අපි මේ ගැන රාජිත අැමැතිතුමාගෙන් පොඩ්ඩක් අහලා බලමු..
ඔය අවපාතය පටන්ගත්තේ මහබැංකු කොල්ලය එළියට ආපු කාලේ ඉඳලමයි. ඉඳහිට ගෝලීය ප්‍රශ්න එක්ක පොදුවේ වැටුණාට යුද්ධයක් තිබුණු කාලේවත් වැටුනේ නැති විදිහට 2015 මුල ඉඳලා රුපියල වැටුනේ...
ගෝලීය ප්‍රවණතා හේතුවෙන් රුපියල පීඩනයකට ලක්ව තිබෙනවා. එය රුපියලට පමණක් විශේෂ තත්ත්වයක් නෙමෙයි. ගෝලීය ප්‍රවණතා හේතුවෙන් තමයි මේ තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ. ඩොලරයට සාපේක්ෂව ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙනවා” වියට්නාමය ඇතුළු ආසියානු කලාපයේ මුදල් අවප්‍රමාණය වෙලා තියෙන්නේ. ඩොලර් වලින් පඩි ගන්න අයට මෙහි වාසිය ඇත..
දණ ගැස්සූ අාර්ථිකය හරි ගැස්සූ ඔබට ස්තුතියි..
රුපියල බාල්දු වීමේ වීමේ උදාහරණ කීපයක් පහත සඳහන් කිරීමට අවසර දෙන්න. රු 19ක ටිකට් එකට 20 කොලයක් දුන්විට කොන්දා ඉතිරි රුපියල නොදෙන අතර මගියද නොඉල්ලයි. 24 ටිකට් එකට 25 ක් දුන්විටද කොන්දා ඉතිරි රුපියල නොදෙන අතර මගියාද නොඉල්ලයි. 12 ටිකට් එකට 20 කොලයක් දුන් විට කොන්දා ඉතිරි රුපියල් අටක් දෙයි.
ජයවේවා!!...අපිට නම් මරේ මරු...
2030 දක්වා වන නව ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක වෙනකල් ඉවසන්න. එදාට රුපියලක් වෙනුවෙන් ඩොලර් 160ක් ගෙවන්න වෙනවා.