(හර්ෂණ තුෂාර සිල්වා)
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට අද (24) වාර්තා ගත අයුරින් පහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 162.11ක් ලෙසත් ගැනුම් අගය 158.11ක් ලෙස සටහන් විය.
මේ අනුව එම අගය ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වාර්තා කළ පහළම අගය වූ අතර මේ සතියේදී රුපියල අඛණ්ඩව පහත වැටුණු සිව්වැනි අවස්ථාව විය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.9 කින් අවප්‍රමාණය වී තිබේ.
පෙබරවාරි මස 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව පහළ යමින් තිබෙන අතර මේ වසර අවසන් වනවිට ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 163ත් 165ත් අතර අගයක් දක්වා ඉහළ යනු ඇතැයි ගනුදෙනුකරුවන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා මීට පෙර වාර්තා කර තිබිණි.
පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.
ඉන්දීය රුපියල අගෝස්තු 16 වැනිදා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව පහළම අගය වාර්තා කළේය. කලාපයේ දුර්වලම කාර්යසාධනයක් පෙන්නුම් කරන මුදල් ඒකකය බවට පත්ව ඇත්තේ ඉන්දීය රුපියල යැයි රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.
ගෝලීය වෙළෙඳපොළ තුළ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වෙමින් තිබෙන බවත් ඊට සාපේක්ෂව අනෙක් රටවල මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව මේ මස මුලදී සඳහන් කළේය. අනෙක් රටවල මුදල් ඒකක අව ප්‍රමාණය වීමට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇත්තේ අඩු වේගයකින් බව ද මහ බැංකුව සඳහන් කළේය.
|
||||||||||||||||||||||||||||||
COMMENTS
2018 ජනවාරි මාසයේ ඇමෙරිකානු ඩොලර් 1ක් වෙනිසියුලාවේ බොලිවාර් (මුදල් ඒකකය) 6ක් වුණේ. අද 2018 අගෝස්තු වෙනකොට ඇ.ඩො. 1ක් වෙනිසියුලානු බොලිවාර් 248520ක් වෙලා තියෙන බව කිසිවෙකු විශ්වාස නොකරනු ඇති. තම ආර්ථිකය පාතාලයටම හෙලීමට එරට දේශපාලුවන්ට ගියේ මාස 7ක් පමණි. ලොව විශාලතම තෙල් නිධි සහ දෙවැනියට විශාලතම තෙල් පිරිපහදුව ඇත්තේ වෙනිසියුලාවටයි. එතරම් දැවැන්ත ආර්ථිකයක් සහිත ලතින් ඇමෙරිකානු රටකට සිදු වූ දේ අපේ රටට එක දවසින් සිදුවිය හැක. මෙරට ආර්ථිකය මේ දේශපාලුවන්ට කනට දෙකක් ගසා හෝ වෙනස් නොකලොත් අපට වෙන්නෙත් මුහුදට පනින්නට පමණි. වහ වහා ස්වයංපෝෂිත අර්ථ ක්‍රමයකට අපේ රට නොගියොත් ලුණු වතුර බිබී ගස්වල පොතු කන්න සිදුවන දවස වැඩි ඈතක නොවන බව විශ්වාසයි.
රුපියලේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට අද වාර්තාගත අයුරින් පහළ ගියේය... කියන ප්‍රවෘත්තිය හැම සතියේම පළවෙන්නේ මොකද?
මේ ආණ්ඩුව එන්න කලින් යූ.ඒ.ඊ. දිරාම් එකක් හැමදාම වගේ තිබ්බ රුපියලයේ අගය 35- 36 ත් අතර තිබ්බේ.. දැන් එ්ක 44ක් වෙලා.. එ්කත් ඇමරිකානු ඩොලරය හින්දා කියලද මේ ගොල්ලෝ කියන්නේ?
අවුලක් නෑ. අගමැතිතුමා කියන විදියට ආර්ථිකය දියුණු වෙලා, උද්දමනය අඩු වෙලා, සංවර්දනය දොරේ ගිහිල්ලා, එ්ක පුද්ගල ආදායම ඉහළ ගිහිල්ලා, ආර්ථික වර්ධන වේගය අච්චරයි, මෙච්චරයි. හැබැයි රුපියල බාල්දු වෙනවා.
මේ පුවත අවධාරණයෙන් කියවන්න . එහි කියවෙනවා ""පෙබරවාරි මස 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව පහළ යමින් තිබෙන අතර මේ වසර අවසන් වනවිට ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 163ත් 165ත් අතර අගයක් දක්වා ඉහළ යනු ඇතැයි ගනුදෙනුකරුවන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා මීට පෙර වාර්තා කර තිබිණි"" . මෙයින් කියැවෙන්නේ පවතින රජයේ බලය බිඳී යාමේ ප්‍රවනතාවයක් තිබීම නිසා රුපියල පහත වැටෙන බවයි . ඒ කියන්නේ ඉහත කී පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කල පක්ෂය ඉදිරියේදී රටේ බලය ලබා ගනීවි යන සැකය, රුපියල පහත වැටීමට හේතු වන බවයි .
රනිල්, රවී, කබීර්, ඉරාන්, හර්ෂ වගේ ආර්ථික ඔස්තාර්ලා ඉන්න එක්සත් ජාතික පක්ෂ රජයට ඩොලරය පාලනය කරන්න බැරි නං තව මොන කතාද?