(ටී.කේ.ජී.කපිල )
රන් බිස්කට් දෙකක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ඇත.
මොහු කොළඹ , වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි .
අද (29) අලුයම 1.55 ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 348 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ ගුවන් තොටුපොළෙන් බැහැරට යමින් සිටියදී , රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන පරීක්ෂා කරද්දී සිය යට ඇඳුමේ සඟවාගෙන සිටි මෙම රන් බිස්කට් සොයා ගෙන ඇත.
මෙම රන් බිස්කට් වල බර ග්‍රෑම් 200 ක් වන අතර , ඒවායේ වටිනාකම රුපියල් 13,60,000 ක් බව රේගුව සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රන් බිස්කට් සමඟ ලාංකිකයා දැලේ
සතයපාල Tuesday, 29 May 2018 06:55 AM
හරිත මාර්ගයේ නොවෙයි මෙයාව යවන්න තිබුණේ ..... .............යේ