(ටී.කේ.ජී.කපිල )
රන් බිස්කට් තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද (30) කටුනායක ගුවන් තොටුපොලේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබු ලැබීය.
මෙම රන් බිස්කට් තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් (1,30,00,000) කි.
මොහු නිට්ටඹුව , තිහාරිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
ඔහුගේ මුදල් පසුම්බියේ සහ ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ මෙම කිලෝ ග්‍රෑම් 2 ක් බර රන් බිස්කට් 20 සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේගුව ආදායම් බදු දෙපාර්තුමේන්තුව හා සුරාබදු දෙපාර්තුමේන්තුව යන ආයතන කාර්යක්ෂම හා දූෂණයෙන් තොර ආයතන ලෙස සංවර්ධනය කර පවත්වාගෙන යෑමට රටේ පාලකයන් උනන්දුවෙනවා නම් රටේ අයවැය පරතරය පියවීමටත් ආණ්ඩුව මුහුණ පා සිටින ආර්ථික අර්බුදවලට පිළියම් සෙවීමටත් එය විශාල පිටුවහලක් වනු ඇත. නමුත් අවාසනාවකට බලයේ සිටින ආණ්ඩුවලට අවශ්‍ය නැත්තේද එයමයි.