IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රන් කිලෝ තුනක් ගුවන්තොටේ දුම්වැටි පෙට්ටියකින් හමුවේ

ටී.කේ.ජී.කපිල

රුපියල් එක් කෝටි අනූ පන් ලක්ෂයක් ක් වටිනා රන් බිස්කට් 28 ක් කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තයේ වතුර ෆිල්ටරයක් පිටුපස විසිකර දමා තිබූ දුම්වැටි පෙට්ටි දෙකක් තුළ තිබී සොයාගෙන ඇතැයි රේගුව කියයි.

තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයින් විසින් සොයා ගනු ලැබූ එම තොගය රේගු නිලධාරීන්ට භාර දී ඇත.

සේවකයෙකු ජලය පානය කිරීම සඳහා අසල තිබූ වතුර ෆිල්ටරය වෙත ගොස් තිබේ . එහිදී එම ෆිල්ටරය පිටුපස තිබූ දුම්වැටි පැකට් දෙකක් දැක , එයට පා පහරක් එල්ල කර බලද්දී , ඒවා තුළ බරැති යමක් ඇති බව වැටහීමෙන් පසු එය විවෘත කර බලා රේගුවට දැනුම් දුන් බව රේගු ප්‍රකාශකයෙක් පැවසීය.

රන් බිස්කට් තොගයේ බර කිලෝ ග්‍රෑම් තුනකට වැඩි බව රේගුව කියයි.



අදහස් (4)

රන් කිලෝ තුනක් ගුවන්තොටේ දුම්වැටි පෙට්ටියකින් හමුවේ

Mahee Saturday, 21 July 2018 06:05 AM

ලංකාව සෞභාග්‍යයෙන් උතුරන බවට තවත් සාධකයක්. අපේ රටේ නිකම් සිගරට් පෙට්ටියකට පයින් ගැහුවත් රත්තරන් විසිවෙනවා.

:       0       2448

rihan Saturday, 21 July 2018 07:57 AM

සේවකයා රත්තරන් මෙන් රේගු නිලධාරිනුත් රත්තරන් වුණා නම් තමයි හොඳ.

:       0       940

ravi Saturday, 21 July 2018 10:46 AM

මේක ලස්සන පටන්ගැනීමක්. නීතියට පන එනකොට හොරබඩු මේ විදිහට සොයාගන්න ලැබෙනවා. තව ටිකක් හොඳින් නීතිය ක්‍රියාත්මක උනොත්, හොරුත් මේ විදිහටම ඇවිත් නීතියට බාර වෙයි .

:       1       899

raheem Saturday, 21 July 2018 01:08 PM

කව්රු උනත් අවංක සේවකයෙක්. මොහුට අපගේ ප්‍රණාමය.

:       0       37

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site