( නිමන්ති රණසිංහ)
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ,පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේය.
බලපත් රහිත ගිනි අවියක් ළඟ තබා ගැනීමේ සිද්ධියට අදාල නඩුව සඳහා මෙලෙස අධිකරණයට රැගෙන විත් තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියට අදාලව හිටපු අමාත්‍යවරයා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී
බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර බසයෙන් අධිකරණය රැගෙන විත් සිටියේය.
(ඡායාරූප චතුර එස් කොඩිකාර)



මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ අයුරු



- බන්ධනාගාරය වෙත නැවත රැගෙන යන අයුරු
COMMENTS
අනේ මෙයාව දැක්කම හිරුනිකාට, පද්මිනීට දුක හිතේවි නේද?
බලපත්‍ර නැතිව රාජකාරි ගිනි අවිය ලග තබාගෙන සිටියේ මෙතුමා විතරද?
දැන් ටික ටික වෙස් ගැළවෙනවා........
රන්ජන් මෙහෙම පීච්චන් වෙයි කියලා හිතුවේ නෑ......
කවදහරි ඇත්තට මූන දෙන්න ඕනේ. බොරු රඟපෑම් තාවකාලිකයි.
හරිම කණගාටුයි. හිත හොඳ මිනිහෙක්. පුදුම නඩු තීන්දු ? රන්ජන්, යුරෝපයේ රටක ඇවිත් ජීවත් වෙන්න. යුරෝපයේ මිනිසත්කම තියෙනවා. පළිගැනීම නැත.
වැරදි විදියට හරි ලොක්කෝ වගේ ඉන්න හොර රැළ ගැන එළි කරපු එකට ස්තුතියි.
මේ අයට ඡන්දෙ දීලා අපි කරගත්ත ගොන්කමක්.., දැන් අපිත් මෙ පව්කාරකම්වලට හවුල්...
නීතිය නම් හැමෝටම එ්ක වෙන්න ඕනෑ. නැතිනම් විහිලුවක් වෙනවනේ... දැන්වත් අනෙක් මන්ත්රිතුමාලා ගාව තිබෙන දේවල්වල බලපත් පරීක්ෂා කරලා බලලා දඬුවම් කරනවා නම් හොඳයි නේද?
මේ රුවනි රන්ජන්ට කඩේ යනවා වැඩියි. මොකද දන්නේ නෑ. ටිකක් හොයා බලන්න ඕනේ. යුරෝපයේ මේ වගේ දෙයක් වුනානම් මෙලහකටත් මේවට සම්බන්ධ වුන සියලු දෙනාම ඇතුලේ. ඒකයි යුරෝපයේ නීතිය.
අවසාන වශයෙන් ගත්තොත් රන්ජන් මහජන දේපල සතයක්වත් වංචා කරලා නැහැ. ඔහු කළ බව කියවෙන දේවල් මහජනයාට එරෙහි අපරාධ නොවේ. නමුත් මහජන මුදල් කෝටි ගණනින් මංකොල්ල කෑ, වංචා කළ, මහනයාට එරෙහි අපරාධ කළ දේශපාලුවන් සුදුරෙද්දෙන් බැබලෙමින් රන්ජන්ගේ රීරි මාංසය ඉල්ලති. මෙහි කමෙන්ට් ලියන වහල්ලු කිසිවෙකුත් මේ සත්‍යය නොදකිති.
පහුගිය කාලේ වහලා තියන ඇම්බියුලන්ස් එක ලඟට ඇවිත්, විත්තිකාරයාව බැහැ දැකලා යන විනිසුරුවරු දැන් නැද්ද? හොරකම් කල සල්ලි ළඟ තබාගෙන සිටින අයට ඔටුනු පළඳවලා, ලයිසන් එක දිගුකරලා නැති පිස්තෝල හා හඬපට ළඟ තබාගැනීමේ බරපතල වරදට එල්ලා මරා දමන්නයි ඕනෑ. මේ තුප්පහි ටෙලි ඩ්‍රාමා බලලා එපා වෙලයි ඉන්නේ..
අයියෝ නානවා...
ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ තිබිලා හම්බවුණු, අවි එකට අැතිල්ලිලා නොම්මර මැකිලා තිබුණු නීත්‍යානුකූල ගිනිඅවි වලට නම් නඩු වැටුනේ නැහැ නේද? ඒ අතින් ලංකාවේ නීතිය කොතරම් සාධාරණද?
කිසිම දවසක කිසිම කෙනෙක් එක්ක ෆෝන් එකෙන් ආතල් එකක් ගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් අත උස්සලා.. රංජන්ට බනින්න
රංජන් මෝඩකමට රෙකෝඩ් කරපුවා අහු වුණා. හැබැයි අනෙකුත් මැති ඇමතිවරුන්ගේ "හඬ පට" හොයා ගන්න පුලුවන් නම්... ඔය ඩැන් කතා කරන හුඟ දෙනෙක්ගේ කටවල් වැහිලා. දැන් හැමෝම රංජාගේ පිහිටෙන් ගොඩයන්න. නඩු පවා ඉවත් කරගන්න හදනවා. අපි පව්...
ඔහු දඩබ්බර පුද්ගලයෙක් වෙන්න පුළුවන්.ඔහුගේ කටයුතු සම්ප්‍රධානුකූල නොවෙන්න පුලුවනි. නමුත් ඔහු කළ වරද, අපරාධය කුමක්ද? වංචාව රජයේ සහ මහජන මුදල් අවභාවිතය, දුෂණය, අල්ලස් ගැනීම, තම වත්කම් උපයාගත් ආකාරය හෙළි කරන්න බැරිවීම මත්ද්‍රව්‍ය ගෙන්වීම බෙදා හැරීම, වනාන්තර හෙළි කිරීම, රජයේ ඉඩම් අත්පත් කර ගැනීම, මේවායින් කුමක්ද? යන්න ගැන බුද්ධිමත් ජනතාව ඉවසීමෙන් බලා සිටිනවා.