(පින්සිරි ආරියරත්න)

ගල්කිස්ස අධිකරණයේ ගිනි අවි තිබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 20 දෙනකු මාර්තු 13 දක්වා රිමාන්ඩ් කිරීමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායි මහතා නියෝග කළේය.

ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේ දී බංකුවක් යට තිබී බදාදා (1) ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් සොයා ගැනිණි. ඒ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කෙරුණු සියලු දෙනා රත්මලානේ පදිංචිකරුවෝ වෙති.