IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


රත්නපුර ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකුට අත්හිටවූ සිරදඬුවම්

(අප්සරා යෝෂිත් විජේසුරිය) 

වන ජීවී නිලධාරීන්ගේ  රාජකාරියට බාධාකළ රත්නපුර ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකුට රත්නපුර අතිරේක මහේස්ත‍්‍රාත් තිසාණි තේනබදු මහත්මිය වසර 10කට අත්හිටුවමින් වසර 05 සිරදඩුවම් නියම කළාය. ඊට අමතරව  රුපියල් ලක්‍ෂයක දඩ මුදල දිනයක් ඇතුළතදී ගෙවියුතු බවටත් නියෝග කළාය.


බලපත් රහිතව වල්ඌරුමස් විකිණූ සැකකරුවෙකු වනජීවී නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීමෙන් පසුව එම සැකකරු වනජිවීනිලධාරීන්ගේ අත් අඩංගුවෙන් මුදවා ගැනීමට තැත්කිරීම මෙම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයාට එරෙහිව එල්ල වූ චෝදනාව විය. 

මෙසේ අත්හිටවූ සිරදඩුවම් සහ රුපියල් ලක්‍ෂයක දඩමුදල් ගෙවීමට සිදුවූයේ වන ගුරුළුවාන ශ‍්‍රී පලාබද්දල පදිංචි කේ රණවක කළුආරච්චි නැමති රත්නපුර ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙකුටය.

මේ සම්බන්ධව පැවති දීර්ඝ නඩුවිභාගයෙන් පසු  නඩුවේ තීන්දු ප‍්‍රකාශය සිදුකළ මහේස්ත‍්‍රාත්වරිය  පැවසුවේ මේ නඩුවේ පැමිණිලි පාර්ශවය  සාධාරණ සැකයකින් තොරව චෝදනා ඔප්පු කර ඇති බවයි.

ඉකුත් 2015 වසරේ ඔක්තෝම්බර් 15 දින පස්වරුවේදී බලපත් රහිතව වල්ඌරු මස් විකීණීම කළ සැකකරු අත්අඩංගුවට ගෙන සමනල ස්වභාවික රක්‍ෂිතයේ වනජීවී කාර්යාලයට රගෙනයන අවස්ථාවේදී ගුරුළුවාන දෙසසිට පැමිණි ත‍්‍රීරෝද රථයකින් මහවත්තට පැමිණි ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා එහිදී මාර්ගය හරස්කර වන ජීවීනිලධාරීන් ගමන් ගත් ජීප්රථය නවතා නිලධාරීන් තර්ජනය කර අත්අඩංගුවේ සිටි සැකකරු ජීප්රථයෙන්  ඉවතට ඇදගැනීමට උත්සාහකළ බව මේ නඩුවේ පැමිණිල්ලේ සාක්කි විභාගයදී  සාක්කි දුන්  වනජීවී නිලධාරීන් සඳහන් කර තිබේ.

මෙම දීර්ඝ නඩු විභාගයදී පැමිණිල් වෙනුවෙන් සාක්කිදුන් එවක  වනසත්ව නියාමක වත්මන් අඩවි වන සහකාර නිලධාරී එච්.ඒ.ඩී එන්.එස්.හපුආරච්චි සහ වනසත්ව නියාමක රුක්‍ෂාන් ලක්ශාන්ත යන නිලධාරීන් විසින් මෙම චූදිත රණවක කළුආරච්චි නම් ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා  එසේ සැකකරු මුදාගැනීමට තැත්කල බවට සාක්කිදෙමින් ප‍්‍රකාශ කර ඇත.

මේ නඩුවේදී චූදිත පුද්ගලයා වන රත්නපුර ප‍්‍රාදේීශීය සභා මන්ත‍්‍රී රණවක කළුආරච්චි වෙනුවෙන් අධිකරණයදී කරුණු දැක්වූ නීතීඥවරුන් කියා සිටියේ ප‍්‍රදේශීය මන්ත‍්‍රීවරයා මහවත්ත ප‍්‍රදේශයට පැමිණියේ සැකකරු අත්අඩංගුවට ගැනීම සිදුවීම දැනගැනීමෙන් පසුව එහි පැමිණි පිරිස සමඟ බවත්, එසේ එම ස්ථානයට පැමිණි නමුත් , තම සේවාදායක රණවක කළුආරච්චි විසින් කිසිඳු ආකාරයකින් වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධාකිරීමක් සිදු නොකළ බවයි.
 

 

 

 



අදහස් (3)

රත්නපුර ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකුට අත්හිටවූ සිරදඬුවම්

Bamunuarachchi Tuesday, 18 September 2018 07:17 AM

මේ නූගත් මන්ත්‍රීවරු ඕනෑම වැඩකට කිසිම පැකිලීමක් නැතිව අතදානවා.

:       0       1

laksman Tuesday, 18 September 2018 08:00 AM

ඔය ප්‍රදේශය මිනීමැරුම් වැඩි පැත්තක්. දරුවන්ට පාසලේදී උදේ කාලයේ (6 ට පමන) ගණිතය ඉගැන්වූ විදුහල් පති තුමෙකුත් ටියුෂන් ගුරුවරයෙකු විසින් මරා දැමුවා කියලත්.

:       0       0

Perera Tuesday, 18 September 2018 09:24 AM

හිටපු ඇමැති කෙනෙක් රිමාන්ඩ් තව හිටපු ඇමතිලා කිහිප දෙනෙක් ඇප පිට එළියේ, ප්‍රාදේශීය සභාපතිවරයෙක් රිමාන්ඩ් දැන් මෙතන ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකුට අත්හිටවූ හිර දඬුවම්..හනේ මේ වගේ අයද මේ රට ඉදිරියට ගෙනියන්න ඉන්න නායකයෝ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 349 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 401 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site