(ටී.කේ.ජී.කපිල )
තම සිරුරු වල සඟවා ගෙන නීතිවිරෝධී ලෙස රත්තරන් තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන ආ ගුවන් මගීන් සිව් දෙනෙකු අද (22) අලුයම කටුනායක ගුවන් තොටුපොළ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොවුන් ගෙන් එක් අයකු කොළඹ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු තම සිරුරේ, ගුද මාර්ගයේ ග්‍රෑම් 100 බැගින් වූ රත්තරන් බිස්කට් දෙකක් සඟවා තිබී, රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි .
ඊට අමතරව තවත් කොළඹ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සහ 39 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට පත් වී තිබූ අතර , ඔවුන් තම යට ඇඳුම් අතර රන් කැබලි තුනක් සඟවා ගෙන සිටි බව රේගුව පවසයි .
අනෙක් පුද්ගලයා 38 හැවිරිදි කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සිය කලිසම් සාක්කුවේ වූ මුදල් පසුම්බියේ රන් මාල කීපයක් සඟවා ගෙන සිට රේගු අත්අඩංගුවට පත් වී තිබුණි .
මොවුන් සිව් දෙනා නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබූ රත්තරන් තොගයේ මුළු බර ග්‍රෑම් 450 ක් පමණ වූ අතර , ඒවායේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ 27 ක් පමණ වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd