IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


රට රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

(වසන්ත චන්ද්‍රපාල)

අගමැති කාර්යාලයේ  ලේකම්වරයෙකු බව පවසමින්  විදේශ රටවල රැකියා දෙන බව පවසා මහජනතාව ගෙන් වංචනික ලෙස මුදල් ගත් පුද්ගලයෙක් විදේශ සේවා නියුක්ති කාර්යාලයේ  විමර්ශන නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

මෙම පුද්ගලයා විසින් රැකියා ලබාදෙන බවට පොරොන්දු වෙමින් ප්‍රදේශයේ විශාල පිරිසක ගෙන් මුදල් ලබාගෙන ඇති අතර ඔහුගේ නමින් බැංකු කිපයක තැන්පත් කරන ලද රිසිට් පත් විශාල ප්‍රමාණයක්ද විමර්ශන නිළධාරින් විසින් සොයාගෙන ඇත.

 පුද්ගලයින් දෙදෙනෙකු ජර්මන් යවන බවට පොරොන්දු වෙමින් ලක්ෂ 11 මුදලක් ලබාගෙන ඇති අතර ඔවුන් විසින් විදේශ සේවා නියුක්ති කර්යාංශයට පැමිණිලි කිරිමෙන් පසුව මෙම සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් සැකකරු අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය කරන බව සහ තවත්  අය තමන් හඳුනන බව පවසමින් මුදල් ලබාගෙන ඇති බව විමර්ශන වලදි අනාවරණය කරගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගනු ලැබුවේ  අම්පාර උහන වලගම්පුර ප්‍රදේශයේ පදිංචි විජේසිංහ මුදියන්සේලාගේ ප්‍රසාද් බණ්ඩාර නැමැති පුද්ගයෙකි.

විමර්ශන අංශයේ ස්ථානාධිපති වෙළගෙදර මහතාගේ උපදෙස් මත, නීති ක්‍රියාත්මක  කිරිමේ නිළධාරී පොලිස් පරීක්ෂක එච්.එම්.කුමාරසිංහ, පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර, කාර්යාංශ නිලධාරී අමිල පෙරේරා, ප්‍රදීප් ඉන්දික විරතුංග ස්ථාන භාර නිළධාරී අම්පාර යන අය විසින් මෙම වැටලීම සිදුකරනු ලැබීය.



අදහස් (3)

රට රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

P.G.R.C.M pelpita Monday, 24 April 2023 09:33 PM

මෙවැනි මුදල් වංචා පිලිබඳ දැනුවත් කල යුත්තේ කුමන අංශයටද? මා එසේ පුද්ගලයකුට රැවටී මුදල් අහිමි කර ගෙන සිටියි.

:       0       0

Anuruddha Abeywickrama Friday, 19 May 2023 11:30 AM

මෙවැනි මුදල් වංචා පිලිබඳ දැනුවත් කල යුත්තේ කුමන අංශයටද? මා එසේ පුද්ගලයකුට රැවටී මුදල් අහිමි කර ගෙන සිටියි.

:       0       0

Dhanushka Wednesday, 03 January 2024 01:31 PM

මේවට යද්දි රැවටීමට පෙර ඔහුගෙන් සියලු ලේඛන ගන්න ඕනෑ. පසුව රැවටිලා ඕනෑ පැමිණිලි දාන්න යන්න. නැතිනම් ගන්නේ නෑ පැමිණිල්ල...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 471 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 465 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 416 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site